Friday, May 31, 2013

රපුන්සල්ගේ ඔබ නොදන්න දේ



ඔන්න අද බ්ලොග් එක ලියන්න හිතුනේ මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් වෙනුවෙන්.දවසක් එයා ෆේස්බූක් එකෙදි කතා කර කර ඉන්නකොට මම දැක්කා කව්ද රූකද කෙල්ලක්ගේ පිතුරයක් දාගෙන ඉන්නවා ප්‍රෆයිල් පිංතුරෙට එයාගේ.මම ටිකක් හොයල බැලුවා ඒ කව්ද කියලා.ටිකක් හොයලා බලනකොට මේ ඉන්නේ Disny Picture සමාගමෙන් හදන සුරංගනා කතා පෙලකින් උපුටා ගත්ත Tangled ියලා තිබුනු චිත්‍රපටියේ ප්‍රදාන චරිතය.මම ඒ වෙලාවෙම ක්ෂනිකව ඒ Tangled ිත්‍රපටිය බාගත කර ගත්තා මටත් ආස හිතුනා බලන්න කියලා.මොනා උනත් ෆට්ට ‍ෆිල්ම් එක.අපි පොඩි කාලෙ අහල තිබුනු සුරංගනා කතාවක් ටිකක් විතර වෙනස් කරලා ලස්සනට ත්‍රිමානව හදලා.මම ඒ චිත්‍රපටියේ ත්‍රිමාණව හදලා තිබුනු ගැනුලමයට හා ඇයගේ ඉරියවු හා කෙලිලොල් බවට ගොඩක් ආදරේ කරා.ඇත්තම කියනව නම් ඒ තමයි මම දැකපු හිතට වැදුන ත්‍රිමාණ චිත්‍රපටිය.ඉතින් මම අද Tangled තාවේ ඉන්න ප්‍රදාණ චරිතර වන කෙලිලොල් බවෙන් ඉන්න Rapunzel ගැන බ්ලොග් එක ලියන්න පොරොන්දු උනා මගේ යාලුවගේ නංගිට.ඔන්න කට්ටිය ආසයි කියලත් හිතුන නිසයි මම මේක බ්ලොග් එකට දැම්මේ.හෙ..හෙ...හී  :පී

Rapunzel කියන චරිතය ගොඩක් කට්ටිය දැක්කේ Disney සමාගමේ Tangled කියන චිත්‍රපටියෙන්.Rapunzel ගේ දිග කොන්ඩය Rapunzel කොන්ඩයට තිබුන අරුම පුදුම බලය මේ ඔක්කෝම අපි තාත්විකව දැක්කේ ‍Tangled ිල්ම් එකෙන්.නමුත් Rapunzel මුලින්ම බිහිවුනේ ජර්මන් සුරංගනා කතා එකතුවට එකතු කරපු "ග්‍රිප්ම් සහෝදරයන්ගෙන්" මෙහි පලමු මුද්‍රණය  1812 දි කරන ලැබු අතර එම කතා පොත  Children's and Household Tales නමින් පල ජනප්‍රිය විය

"ග්‍රිප්ම් සහොදරයන්ගේ කතාවේ" එක් අනුවාදයක් සුරංගනා කතාවක් ලෙස Persinette නමින්  Charlotte-Rose de Caumont de La Force කතුවරයා විසින් 1698  දි මුලින්ම මුද්‍රණය කරන ලදි.එම කතාවේ කතා වස්තුවට සංවෘත බවක්,හාස්‍යයක් හා විසිතුරු මාධයක් වූ කවුරුත් දන්න වචන කිහිපයක් පවති ඒනම් Rapunzel,Rapunl Hair වේ.ඒ තරමට Rapunzel හිත ඇද ගැනීමට ගොඩක් සමත් උනා.දැනට සුංරගන කතා චරිත අතරයින් Sidrarella,Snow White හා රුසියානු සුරංගනා කතා චරිතයක් වන ලස්සන වසිලිස්සා වැනි චරිත අතරට Rapunzel නම් වූ චරිතයද ජනප්‍රියත්වය දැරුවා.

Aarne–Thompson ගේ වර්ග කිරිමේදි "The Maiden in The Tower" ලෙස Rapunzel චරිතය අඩංගු කතාව වර්ග කල අතර මේ වර්ගිකරනයට ජනකතාවර්ග 310 සහභාගි වුනා.

 The Red Fairy Book නම් වූ ග්‍රන්ථයට Andrew Lang විසින් Rapunzel කතාව එකතු කරන ලද අතර වෙනත් සුරංගනා කතා පොත් වලත් මේ Rapunzel ගේ කතාව එකතු කරන ලදි. Ruth Manning-Sanders ගේ A Book of Witches නම් වූ ග්‍රන්ථය.Paul O. Zelinsky ගේ චිත්‍ර කතා පොතකද Rapunzel කතාවට Caldecott පදක්කම දිනා ගන්න ලදි.තවද මේ කතාව ත්‍රිමාන චිත්‍රපටියක් ලෙස Disney සමාගෙන් නිර්මානය කල අතර එය  Tangled කියලා ජනප්‍රිය වුනා.IMDb Rate  එක 7.8 වගේ ප්‍රමානයක් ජනප්‍රිය වු අතර එම චිත්‍රපටියෙන් ඇමරිකන් ඩොලර් මිලියන 260 ක ආදයමක් ඩිස්නි සමාගම ලැබුවා.
Tangled චිත්‍රපටියේ Eugene චරිත 
Rapunzel ගේ කතාවට සමරූපි කතාවක් මට හම්බුනා 10 වන සියවසේ පර්සියානු කතා සාහිතයේ Rudāba  කියල කතාවකින් එහි Ferdowsi කියලා ලේඛකයෙක් විසින් වීර කාව්‍යක් එක කතාවට එකතු කරලා තිබුනා.ඒ කතාවේ Rudāba නම් වු ගැහැණු ලමයා ඇයගේ කුලුනේ සිටිනවා එයාගේන් ප්‍රේමවන්තයා මට හරියට නම මතක නෑ Zal ද කොහෙද...!@# අන්න එයා  ඇයව හමුවෙන්න කුලුණට නගින්නේ ඇයගෙ කොන්ඩෙන්.මේ කතාවෙත් සමහර මායා සුරංගනා මුලකාංග පාඨක කොටගෙන තියෙන්නේ  Saint Barbara කතාවෙන්.මේ කතාවෙ නම් එයාගේ තාත්තා තමයි කුලුනක දාල එයාව හිර කරන්නේ...මම උඩින් පල්ලෙන් කියෙව්වේ....

ග්‍රිප්ම්ප් සහොදරයන්ගේ කතා එකතුවට Johnny Gruelle විසින් ඇදපු චිත්‍රයක්


Monday, May 13, 2013

හැදියාව උපරිම තිබුනු ගෑනු ළමයෙක්




මට බස් එකෙදි උන පොඩි සීන් එකක් මතක් වෙනකොට මුලු ගැහැණු සංහතියම එපා උනා අපේ අම්මා ඇරෙන්න.ඒක නිසා මම අද බ්ලොග් එකත් ලියන්නේ හරිම කලකිරීමෙන්.මම කියන්නම්කෝ වෙච්ව සීන් එක.මම ක්ලාස් යන්න එන්නේ බස් එකේ ඉතින් සමහර දවස්වලට සෙනග පිරිලා සමහර දවස්වලට බස් පාලුවට ගිහින් වගේ.එහෙම තමයි මොනරාගල වැල්ලවාය බස්...ඉතින් මේ සීන් එක වෙනකොට එදා පොල දවසක් සිනග කට අගටම පිරිලා මමත් තෙරපි තරපි නැග්ගා බස් එකට ඒ වෙලාවේ මම හිටියේ බස් එකේ පා පුවරුවේ.ඉතින් එක කකුලක් බස් එකෙන් එලියේ අනිත් කකුල ඇතුලේ.මගෙ ඉස්සරහ තව තව යාලුවෝ හිටියා.පස්සේ විනාදි 10ක් විතර යනකොට ටිකක් විතර සෙනග අඩු වුනා ඉතින් මම බොහොම අමාරුවෙන් ටිකක් ඉස්සරහට ගියා...හ්ම්ම් ඔන්න ඉතින් බස් එක හොල්ට් එකක් ලග නතර කරා අම්මා කෙනෙකුයි දුවෙකුයි බස් එකට නෑග්ගා.මම හිතන්නේ ඒ දුව ක්ලාස් යනගමන්ද කොහෙද නමුත් හරියට වෙඩින් එකක මනමාලිවත් ඒ වගේ හැඩ වෙලා නෑ.එක එක විලාසිතා ගොඩයි..මාල,වලලු,අගල් ගානක් එල්ලෙන කරාබු වගේ දෙවල් වලින් එයාගේ සැබෑ ලස්සන මැකිලයි තිබුනේ...හැන්ඩ් බෑග් එකකුයි අතේ Android දුරකතනයකුයි තිබුනා.හරියට දුරකථනය තියාගෙන හිටියේ ලෝකු බිස්නස් කරන මුදලාලි කෙනෙක් වගේ.එයාගේ අම්මා නම් සාමන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙක් බව දැක්කම කිනන්න පුලුවන්කමක් තිබුනා...ඉතින් හරියට ටෙලිනාට්‍යක ඉන්න නලුවෝ වගේ බස් එකේ රගනවා.මට අපේ ක්ලාස් එකේ කොල්ලෙක් මගේ අතට ඇනලා රහසින් කිව්වා "බලපන්කෝ බන් මේකි දෙන ශෝ එක විතරක්..." කියලා මට එක ඇහුනම ටිකක් විතර හිනා ගියා...ඉතින් තව ටිකක් වෙලා යනකොට මම ශීට් එකක් හම්බුනා ඉතින් මම ශිට් එකේ ඉදගෙන ඉන්නකොට ටික දුරක් යද්දි නින්ද ගියා...නින්දේන් ඇහැරිලා බලනකොට මේ කෙල්ල මගේ එහා පැත්තේ ඉදගෙන ඉන්නවා...Phone එක කනේ ගහගෙන මෙලෝ සිහියක් නැතුව Call ගන්නවා.මම බැලුවා මෙයාගේ අම්මා කොහෙද කියල්ල බලනකොට අම්මා බස් එකේ තෙරපි තෙරපි ඉන්නවා.තව මල්ලකුත් උස්සගෙන..බොහොම අමාරුවෙන් අම්මා ඒ කෙල්ල ගාවට ආවා...උඩ පොල්ලේ එක අතක් තියාගේන අනෙක් අතෙන් මල්ලක් අරගෙන හිටියේ...

මට පුදුම හිතුනා මේ ගැන දැකලා මොකද අපි බස් එකේ අම්මත් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි ගියාම ශීට් එකක් හම්බුනොත් එක අනිවාර්යෙන්ම ඒ ශිට් එක වැඩිහිටියටනේ දෙන්නේ.තවත් ශීට් එකක් හම්බුනොත් නේ අපි ඉදගන්නේ.ඉතින් මොන කරන්නද මේ කෙල්ල්ට මේක තේරෙන්නේ නෑනේ.මගේ යාලුවෙක් නම් මම අනිවා කියනව "මචන් උබ ඔය කරන වැඩේ හරි නෑනේ " කියලා නමුත් මේ කෙල්ලව අදුරන්නේත් නැනේ.අනික ඔය පණ්ඩිත කම් කරන්න ගිහින්.ඔය කෙල්ල ගත් කටටම කිව්වොත් "මෙ හලෝ මම මොන වැඩේ කරත් තමුසෙට වැඩක් නෑනේ." කියලා මට නෝන්ඩිය නේ.

කමක් නෑ මොනා කරන්නද ඉතින් මම පාඩුවේ හිටියා මේ කෙල්ල දැන් ශෝ එකදානවා හොදටම වැඩී වගේ අරහේ කෙල්ලගේ අම්මා හිටගෙන නමුත් කෙල්ල ෆුල් චූන් එකේ ඉදගෙන ඉන්නවා.මට පව් කියල හිතුනා මම.මම තව ටිකක් වෙලා හිටියා මේ කෙල්ල මොනාද කරන්න කියලා බලන්න.පොඩ්ඩක් වෙලා ඉන්නකොට එයාලගේ අම්මට අර ගමන් මල්ලේ බර දරා ගන්න බෑ වගේ ඉතින් මේ අම්මා එයාගේ නවතම පන්නදේ විකාර,බොලද,මෝඩ දුවට කියනවා "අනේ දුවේ මගේ බෑග් එක ගන්නකෝ"



කෙල්ල Phone එක ඔබ ඔබා හිටියේ "මොන වදයක් ද අම්මා.ඔයාගෙන් ආපු වෙලාවේ ඉදලා වදේ" මට පුදුම හිතුනා මේ කෙල්ල ගැන.අපි කවදාවත් වැඩිහිටියෙක්ට ඔයා මෙයා කියලා කතා කරන්නේ නෑ මොකද එක ඒ වැඩිහිටියට කරන අගෞරවයක් වගේ මම එක ඇහිලා "නැන්දා මම මෙතන බහිනවා නැන්දා මෙතනින් ඉදගන්න" කියලා මම මගේ ශීට් එක දීලා හිටගෙන ගියා.මේ කෙල්ල කට ඇරගෙන මම දිහා බලාගෙන ඉන්නවා...හරිම පුදුමෙන්...අනේ මන්දා මුන් හැදිලා තියන හැටි දැක්කම මුලු ජීවිතයම එපා වෙනවා..මෙකට මෙහෙම කෙල්ලො කොල්ලො අනන්තවත් ඔයාලටත් හම්බුවෙනවා ඇති.මොනා කරන්නද මේවා එයාලගේ ගිය නැහැදිච්ච කම්ද නැත්නම් මෙයාලා හදා ගත්ත විදිහද කියලා මට තාම හිතා ගන්න බෑ.ශික්...මට මුලු කෙල්ල සංහතියම මෙක නිසා එපා උනා...

Friday, November 30, 2012

ලෝකේ හොදම රස්සාව




අපේ ඉස්කෝලේ O/L ඉවර වෙලා A/L කරන්න ඉස්කෝලේ එන්න අවසර ලැබුණ දවසේ මට හිතුනේ මම තමයි මේ ලෝකේ ඉන්න හොදම වාසනාවන්තයා කියලා.ඉතින් හා හා පුරා කියලා ටිකක් බයෙන් බයෙන් A/L කරන්න ඉස්කොලෙට ඇතුලු උන දවසේ මට දැනුන එක දෙයක් නම් හොදටම පැහැදිලි ඒ තමයි මම තනි වෙලා නෑ කියන හැගීම.ඉතින් යාලුවනේ අපේ ඉස්කෝලේ හරියට මට දැනෙන්නේ Harry Potter චිත්‍රපටියේ තියන මායා ඉස්කෝලේ වගේ.එක එක මාදිලියේ කොල්ලෝ කෙල්ලෝ.ඔය අතරේ වෙන ඉස්කෝල වලින් එහෙමත් ළමයි ඇවිල්ලා හිටියා.සමහරු කලින් අදුරන අය තවත් සමහර අය නිකන් ආඩම්බර කාරයි වගේ ඉන්න අය.නමුත් මම පස්සේ තම්යි දැන ගත්තේ අර ආඩම්බර විදිහට හිටපු අය ඒ වෙලාවේ එහෙම ඉදලා තියෙන්නේ ටිකක් බයෙන් වගේ කියලා.පස්සේ බැලිනම් ඔක්කොම එකයි

ඔන්න ඉතින් ඒ දවස්වල නායකත්ව පුහුණු වැඩසටහන් එහෙමත් තිබුනා නමුත් අපි නම් හිටියේ මර නින්දේ මොකද සමහර දේශන හරියට නිදිකරන්න හදපු ඒවා වගේ.එදා අපිට ප්‍රින්සිපල් සර් දුන්නා පොඩි කොල කෑල්ලක්.අපිට කිව්වා ඔයාල ඉස්කෝලෙට එන්නේ මොකටද  කියලා  අපිට දුන්න කොල කෑල්ලේ ලියන්න කියලා.මටත් හොද හොද දේවල් මතක් උනා ඇත්තටම අපි ඉස්කෝලෙට එන්නේ මොකටද?

අම්මාගෙන් කනක් ඇහිලා ඉන්න ඕනවටද?,නැත්නම් ගෙදරට වෙලා ඉන්නකොට නින්ද යන නිසාද මට එක එක ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තා.මම ලග ඉන්න කොල්ලෙක්ගෙන් ඇහුවා

"මචන් අපි සිරාවටම ඉස්කෝලේ එන්නේ ඇයි බන්?"

ඒ කොල්ලා නම් කිව්වේ

"මචන් මම නම් ඉස්කෝලේ එන්නේ බන් මගේ කෑල්ල නිසා බන්"

ඒ විදිහට ඒ කොල්ල කියලා හිනා වෙලා අනිත් පැත්ත හැරුනා.මම තව කොල්ලෙක්ගෙන් අහලා බැලුවා

"ඒ මචන් අපි ඉස්කෝලේ එන්නේ මොකටද බන්"

ඒ කොල්ලා නම් කිව්වේ

"යකෝ අපි ඉස්කෝලේ එන්නේ මචන් ඉගෙනගෙන ලොකු රස්සවක් කරන්නනේ"

දැන් මට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි ලෝකයේ හොදම රස්සාව මොකක්ද කියලා හොයන එක.ඉතින් මම මගේ ලග හිටිය තවත් යාලුවෙක්ගෙන් ඇහුවා.

"මචන් ලෝකේ තියන හොදම රස්සාව මොකක්ද කියලා"

ඒ වෙලාවේ ඒ කොල්ලෝ හිටියේ කෙල්ලෝ ටිකක් එක්ක පැනි හල හල.එක එක පංපෝරි අර කෙල්ලොන්ට කිය කියා ඒකා පොර වෙන්න හදනවා.

"ආ මචන් ඇයි උබ ඒක කරන්නද අහ්...හාහාහාහ්.."

වටේ හිටිය කෙල්ලෝ ටිකත්
"හිකි හිකි" කිය කිය හිනා උනා


මොනා උනත් මම ඒ වෙලාවේ අපහසුවට පත්වුන හැටි මම විතරයි දන්නේ.ඔන්න ඉතින් දේශණය ඉවර වෙලා ඉන්ටවල් එකෙදි මම අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක මේ ගැන ඇහුවා.

"මචන් ලෝකේ තියන හොදම ජොබ් එක තමයි හ්ම්...මොකක්ද... දූපතක් බලා ගන්න එකලු බන් මම දැක්කා සමුදුර පත්තරේ තියනවා.මට නම දූපතේ නම් හරියට මතක නෑ පොඩ්ඩක් හොයල බලපන්කෝ"

එතකොටම තව එකෙක් කියනවා

"යකෝ ලෝකේ තියන හොදම ජොබ් එක එන්ජිනියර් කෙනෙක් වෙන එක බන් සුපිරි පඩි බන්"

"නෑ නෑ බන් එක හරියන්නේ නෑ හොදම ජොබ් එක ඉස්කෝලේ සර් කෙනෙක් වෙන එක බන්.පඩි අඩු උනාට පට්ට ඩීසන් නේ බන්"

ඒ උනාට මම දන්නවා ගුරුවරයෙක් වෙන එකේ අමාරුකම.අපේ අම්ම කන කට්ට දැක්කම ගුරුවරු කියන්නේ අවාසනාවන්තම් ජොබ් එක වගේයි මම නම් දකින්නේ.නමුත් ඇත්තම කතාව ගුරුවරයා තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසා.මොකද හැම ජොබ් එකක්ම බිහිවෙන්නේ ගුරුවරයාගෙන්.

ඔන්න ඉතින් අපේ කොල්ලොන්ගේ විවාදය ආරම්භ උනා එක එකා එක් එක ඒවා කියනවා ලෝකේ තියන හොදම ජොබ් එක ගැන

එකෙක් කියනවා නාරි වේදි ඩොක්ටර් කෙනෙක් වෙන එක හොදයිලු (මේක බලන එකා හිතා ගනින් ඒ ජොබ් එක හොද මොකටද කියලා) තව එකෙක් කියනවා නිවෙදකයෙක් වෙන එක හොදයි කියල්ල ඔන්න ඔය  විදිහට ගහ ගන්න ප්‍රශ්නයක් උනා ඒක.අන්තිමේට එක එකාගේ අම්මලා තාත්තලගේ ජොබ් වලටත් අපහස කරගෙන එක එකාලගේ අම්මලත් මතක් කරගෙන මේ ප්‍රශ්ණය ලොකු යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබුනා.ඒ අස්සේ එකෙක් කියනවා

"අඩෝ..අඩෝ..අහපංකො අහපංකෝ.. ලෝකේ තියන හොදම ජොබ් එක තමයි අපේ තාත්තා කරන්නේ කියලා"

කොල්ලෝ ඔක්කොම ඒ කොල්ල දිහාවට හැරුනා."අහ්හ් සිරවටම...අහ් කියපන් බලන්න උබලගේ තාත්තා කරන ජොබ් එක..කොල්ලෝ පුදුමයෙන් වගෙ බලාගෙන හිටියා"

"මචන් මොන ඩිග්‍රියවත් ඔනේ නෑ බන් ඒ ජොබ් එකට...දවසෙම ෆී මචන්"

"හරි හරි මචන් කියපන්කෝ ජොබ් එක මොකක්ද කියලා" මම ඇහුවා

"වෝටර් බෝඩ් එක වැඩ කරන එක බන්"

මට ටිකක් පුදුම හිතුනා ඒ වගේ ජොබ් එකක් කරන එක ලෝකේ හොදම ජොබ් එක වෙන්නේ කොහොමද කියලා මම ඇහුවා "ඇයි බන් ඒ"

"යකෝ අපේ අම්ම උදේට බත් එක බැදල දුන්නම ඒක කාල ටැප් රූම් එක නිදා ගන්න එක තමයි අපේ තාත්තාගේ ජොබ් එක"

 මට ඒ කතාව තාම තෙරුනේ නෑ නමුත් ඒ කොල්ලා නම් හරිම සරල විදිහට තමයි ඒ කතාව කිව්වේ.

"මචන් මට ඒ කතාව තෙරුනේ නෑ බන්" මම එහෙම ඇහුවම ඒ කොල්ලගේ උත්තරේ උනේ

"ඇයි බන් බූරුවෝ..අපේ තාත්තා තමයි වතුර ලයින් වල වතුර එනවද කියල බලන්නේ.ඉතින් තාත්තට තියෙන්නෙ ඒකේ තියන ටැප් ඇරලද කියලා බලන එක ඉතින් මේ ලගදි ගෙදරින් බූරු ඇදකුත් දා ගත්තා දැන් තියෙන්නෙ කාලා නිදාගෙන ඉන්න එක තමයි.ලොක්කෝ මචන් එන්නේ මාස 3කට සැරයක් එදාට නම් බූරු ඇද අකුලලා තියනවා.නැත්නම් බුල කෙලින එක මාට්‍ටු වෙනවනේ.ඔ‍ෆිස් එකෙ උන් උඩ ටැංකියේ රූම් එකට් එන්නේ නෑනේ එක නිසා තාත්තට කිසිම ගානක් නෑ.දිවාරාත්‍රි සේවය නිසා පඩිත් වැඩී බන්.ඉතින් අපේ තාත්තා නම් කරන්නේ දිවා රාත්‍රි නිදා ගන්න එක තමයි "



අපේ කොල්ලෝ ඔක්කෝම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.කොටින්ම කිව්වොත් මටත් කට උත්තර නෑ

"මොකෝ සද්දයක් නෑත්තේ හරි කියපන් බලන්න එක නෙවෙයිද ලෝකේ වටිනාම නිදහස්ම හොදම ජොබ් එක"

ඒ විදිහට ඒ කොල්ලා අහනකොට මටවත් වටෙ හිටිය කොල්ලොන්ටවත් කියා ගන්න කිසිම වචනයක් වත් ඉතුරු උනේ නෑ.

Wednesday, November 28, 2012

තේකක් බීපු විදිහ


ඉස්සර යාලුවොත් එක්ක ඉන්න කාලෙ මතක් වෙනකොට හිතට දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ.මොකද මගෙ යාලුවෝ තමයි මේ ලෝකේ ඉන්න හොදම යාලුවෝ නිසා.ඒ වගේම FB,G+ වගේ තැන් වලිනුත් හොද යාලුවෝ ගොඩක් එකතු කර ගන්න පුලුවන් මම දැන් නම් කියන්න යන්නේ යාලුවොත් එක්ක හිටපු දවසක මට උන අකරතැබ්බයක් ගැන.මේක උනේ O/L කාලේ අවසානෙදි වගේ.


මගේ පොඩි දුර්වලතා ටිකක් තියනවා ඒව අතුරින් මට තිබුනු එක දුර්වලතාවයක් තමයි උණුවෙන් තේකක් බොන්න බැරි එක.ඉතින් මම තේක නිමුනට පස්සේ තම්යි බොන්නේ.නැත්නම් පීරිසියට වත්කරගෙන බොනවා.අනික තේක කෝප්පෙන් බොන්න බෑ ඇගේ හලා ගන්නවා.එක නිසා මම තේක ඇල් වතුර වගේ නිමෙන්න තියල තමයි බොන්නේ.මගේ යාලුවො නම් එක හොදටම දන්නවා.

මේ උන සිදුවීමත් ඒ දුර්වලතාවය නිසා උන ලොකූ චාටර් එකක්.ඔන්න ඉතින් මේ කතාවත් උනේ මගේ යාලුවොත් එක්ක.අපි දවසක් ගියා අපේ පංතියේ යාලුවෙක්ගේ බණ ගෙදරක එයාගේ නම නම් අරුණ කියලා හොද කොල්ලෙක්.ඉතින් අපි ටිකක් වෙලාස්සන තමයි ගියේ මොකද හෙල්ප් එකක් දෙන්න එහෙමත් එපැයි ඒකයි.ඉතින් දන්නවනේ ඉතින් යාලුවෝ සෙට් උනාම එක එක ඕපාදුපා ගැනනේ කතාව ඉතින් අලුතින් ටිවුෂන් පංතියට ආපු කෙල්ල ගැනයි,ඉස්කෝලේ එහා පැත්තේ ගෙදර හොර කුරුම්බා කඩපු විදිහයි,බස් ස්ටැන්ඩ් එක ගාව සෙට් උන වලියයි තමයි ඉතින් රසවත් කතා උනේ.ආ ඒ දවස් වල පේපර් අවුට් ගිය කතාවත් පැතිරිලා ගියා.මම ඒ කතාව ගැන පස්සේ කියන්නම්කෝ.ඔය වගේ ඕපා දූපා ගැන කතා කර කර ඉන්නකොට අරුණගේ අම්ම ඇවිල්ලා කිව්වා

"පුතේ තේ ටිකක් බීලා ඉන්නකෝ කියල"

ඔන්න ඉතින්  අපේ පෙරේතයෝ ටිකක් බොරුවට ටිකක් අදිමදි කරලා

"පස්සේ බොන්නම් ඇන්ටි කියලා කිව්වා"

ඒ උනාට මම දන්නවනේ අපේ  උන්ගේ හැටි.මොනා උනත් තැනකට ගියාම හැසිරෙන්න නම් අපේ උන් හොදට ඉගෙනගෙ තියනවා.නමුත් අර පස්සේ බොන්නම් කිව්වට මුන් ඔක්කොගෙම හිත අර තේ මේසේ ගාවට.

"නෑ පුතාලා දැන්මම තේ බොන්න පස්සේ කට්ටිය එයි එකයි."

එතකොට අපේ අරුණත් එක තම්යි මචන් වරෙ වරෙන් කියල අපේ කොල්ලෝ සෙට් එකම බලෙන් ඇදගෙන කියා අපෙ උන් එහෙමත් බොරුව්ට අදිමදි කර කර යන්න සෙට් උන්න.

ඉතින් තේ මේසෙට ගියාම සුර ලෝකෙට ගියා වගේ එක එක කැම ජාති තිබුනා.අරුණයයි ඇන්ටි එහෙමෙහෙ යන අතරේ අපේ උන් ටික පැන පැන කන්න මටන් ගත්තා.තේ මේසේ තිබුන කේක් ටිකයි,කෙසෙල්ගෙඩි,කිරිටොපි වගේ කෑම පෙනි පෙනෙද්දිම ඉවර උනා හරියට හාස් කමක් වගේ.බිස්කට් 7-8ක් විතර සාක්කු වල පුරව ගන්න අපේ කොල්ලෝ අමතක කරේ නෑ.අපේ කොල්ලෝ ජනාදිපතිගේ ගෙදර ගියත් එහේ කෑම මේසේ තියන බිස්කට ටික ජනාදිපති අහක බලන ඩිංගට සාක්කු වල දාන්න තරම් කොල්ලෝ තම්යි ඉන්නේ.හදිස්සියෙවත් ජනාදිපතිතුමා අහක බලාගේන හිටියේ නැත්නම් "අර අර සර් කියලා" හරි පෙන්නල බිස්කට් පන්නන කොල්ලෝ තමයි මට ඉන්නෙ.


ඔන්න දැන් කෑම මේසෙන් එක එක කතා.

"මචන් කිරිටොපි රසයි නේද බන්...,මචන් මේ කේක් එක ටියාරාද කොහෙද බන්...,ඔන්න ඔය දොදොල් දීසිය එවපන් එකක් කන්න"

ඉතින් ඔය එක එක කතා අස්සේ මමත් කේක් කෑල්ලක් කන ගමන් වටපිට බැලුවා.ඇත ඉන්නවා අරුණගේ නංගි එයාලගේ යාලුවෝ සෙට් එකයි අරුණලාගේ නෑදැයෝ සෙට් එකයි.මොනා උනත් ටිකක් ඩීසන් පිට ඉන්න ඕනේ කියල මට හිතුනා නමුත් අරුණලාගේ නංගි නම් දන්නවා මගේ හැටි ගිය තැන චාටර් වෙනව කියලා එයා දන්න ඇති.හෙ හෙ හේ..

නමුත් අනිත් අය දන්නේ නෑ නේ.ඔන්න ඉතින් මම පොර වගේ ගිහිල්ල තේ කොප්පයක් ගත්තා.අපේ උන් ටිකත් තේ බොන ගමන් කතා එක එක කතා.නමුත් මට ලොකු ප්‍රශ්නයක් තියනවා. එත් කවුරුවත් එක දන්නේ නෑ.මම තේක බොන්නේ නැතුව බලාගෙන ඉන්නවා.මොකද දැන් තේක බොන්න පටන් ගත්තොත් අනිවා තේක හැලෙනව කියල දන්න නිසා.එහෙම හැලුනොත් ඉදල ඉවරයි අරුණලාගේ නංගිගේ යාලුවෝ එහෙමත් දකීවි.මොනව කරන්නද කියල මටම හිතා ගන්න බැරුව මම තේක දිහා බලාගෙන ඉන්නවා.ටිකක් වෙලා ඉදලා අරුණලාගේ නංගිගේ යාලුවෝ ටික යන්න ගියා.දැන් තමයි හොද වෙලා කියල මම තේක බොන්න පටන් ගත්තා.ඔන්න නිමෙන්න තියනවා ටිකක් බොන්න පටන් ගත්ත විතරයි ආයෙත් එයාගේ යාලුවෝ ටික ආවා මම කලබල උනා විතරයි ඇග පුරා තේක.මට මම ගැනම ලැජ්ජ හිතුනා.වටේ පිටේ ඉන්න උන් හැම එකාම මම දිහා බලනවා.

ඒ ව්ලාවට මට හිතුනා පොලව පලාගේන ගිහින් උමගක් හාරලා ඒ උමග දිගේ අපේ ගෙදරට ගිහින් දොර වහ ගන්න.

එක එක් කටහඩවල් ඇහෙනවා මට

"අයියෝ මචන් තේක හලා ගත්තේ ඇයි බන්"
"යන යන තැන උබට වෙන්නේ චාටර්මනේ"

ඔය විදිහේ කතා එක එක තැන් වලින් ඇහෙනවා.අර කෙල්ලෝ ටික බක බක ගාල හිනා වෙනවා.දැන් ඉතින් මොනා කරන්නද මම අරුණට කිව්වා මචන් Bathroom  එක තියෙන්නේ කොහෙද කියලා.ආ මචන් ඕව ගන්නන් ගන්න එපා බන්.අපි යමු බාත් රූම් එකට.කියලා ඇදගෙන ගියා.ඔන්න ඔය විදිහට තමයි මම තේ බිව්වේ

Friday, November 9, 2012

මගේ පළමු සරම


කොහොමද යාලුවනේ.ගොඩක් කාලෙකින් බ්ලොග් එක ලියන්න හිතුනා මොකද දන්නවාද අද ටිකක් මම නිදහස් මොකද අම්මා නෑ මේ වෙලාවේ

නැත්නම් ගෙදර හිටියොත් කියන්නේ "උබ කොම්පුටරේ ඇලිලා හිටපන් ස්කෝලේ වැඩක් කරන්න එපා" කියලා බනිනවා මම දන්නවා අම්මලා එහෙම කියන්නේ අපිව හොද රටට ලෝකෙට වැඩ දායක මිනිස්සු කරන්න තමයි කියලා ඒත් ඉතින් ටිකක විතර බුල  පාරක් නෙලුවට අපි හැමදාම කාල කන්නි වගේ හැසිරෙන්නේ නෑ නේ.

ඔන්න දවසක් මම ක්ලස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකත් එක්ක කතා කර කර ඉන්නකොට අපේ මාතෘකාව උනේ ඇදුම් ගැන.එක එක ඇදුම් ගැන කතා කර කර ඉද්දි.ඉතින් මම කිව්ව ඔය එක එක පැශන් සුද්දෝ උබලට ඉතුරු කරලා හිය කුනු කන්දල්  නේ කියලා.මට එක කියවුනා ජෝක් එකට

අපේ කොල්ලෝ සෙට් එකට මලේ මල.හරි උබ හරි සිංහලයනේ උබ කවදද  සරමක් ඇදගෙන තියෙන්නේ.මේ විදිහට මුන් සෙට් එකම මාව චාටර් කරන්න පටන් ගත්තා එක වෙලාවකට බලනකොට උන් කියන කතාව ඇත්ත මම ඒ වෙනකම් කවදාවත් සරමක් ඇදගේන තිබුනේ නෑ.මට ටිකක ලැජ්ජාවේ බෑ.මොනා උනත් මමත් ජෝක් එකට හරි කිව්වේ වැරදි කතාවක් තමයි තරුන කොල්ලො උනාම අනිවාර්යෙන්ම ස්ටයිල් වලට බහිනවනේ.එත් ඉතින් උන් මට කිව්ව කතාව මට හිතට ගොඩක් වද දුන්නා.
මගේ හිත කියවනවා උබ සිංහලයෙක් නෙවෙයි කියලා.

මම එදා හවස ගෙදර ගියා.ගියපු ගමන් අප්පච්චිගේ සරමක් ගත්තා ටිකක් ටෙස් කරන්න ගත්තේ.මම නිකමට වගේ රූම් එකේ දොර වහලා ඇදලා බැලුවා අව්ලක් නෑ වගේ.අර නිකන් කලිසම් වගේ නෙවෙයි සැහැල්ලු ගතියක් මට දෙනුනා
එද දවසේ මම සරම ඇදගෙන තමයි නිදා ගත්තේ.
දන්නවනෙ ඉතින් නිදිමත හැදුනම ඇදේ ටිකක් දගලන කොට මෙන්න බොලේ සරම කැඩිලා.හොද වෙලාවට මේ සීන් එක රැ උනේ දවල් නිදාගෙන හිටියොත් මාර නොන්ඩිය.වෙලාව රැ 2.00 විතර ඇති.මේ සෙල්ලම හරියන්නේ නෑ.මම කලිසමක් ඇදගන්නවා කියල හිතාගේන කලිසම් හොයනකොට කලිසම් ඔක්කොම හෝදන්න දාල වතුරට.මට දැන් මලේ මල.මොනා කරන්නද ඉතින් බැදගත්තු බෙරේ ගහන්නත් එපැයිකියල මම ආයෙත් නිදා ගන්න සෙට් උනා

අයෙත් කොහොමද හරි 3ට විතර සරම කැඩිලා ආයෙත් ඇහැරුනා.කොහොම හරි  මට නින්දක් නැ නිදා ගන්න හදනකොටම නිකන් සරම බුරුල් වගේ දැනෙනවා මම එක පාරටම ඇහැරෙනවා

මගේ නින්ද මම සරමට පූජා කරා ඒ කිව්වේ මම නිදා ගත්තේ නැ.හදිස්සියෙවත් මට නින්ද ගිහින් ඉන්නකොට කාමරේට උදෙන්ම අම්ම ආවොත් මොන දෙයියන්ට කියන්නද?

කොහොම හරි මම 5ට විතර ටිකක් නිදා ගත්තා.පස්සේ ඇහැරිලා බැලිනම් වෙලාව 7.30 ඉදල ඉවරයි වගේ මට දැනුනා.මම පටස් ගාල ලැස්ති වෙලා ඉස්කෝලේ යන්න පිටත් උනා.කොහොම හරි ඉස්කෝලෙට යනකොට උදේ 8.00 ඉස්සරහා සර් කෙනෙක් ඉන්නවා පරක්කු වෙන ලමයි අල්ලගන්න

ඒ සර්ට අහු උනොත් බඩු මාට්ටු.මොනව කරන්නද මම කලින් හොරෙන් පේර කඩලත් ඒ සර්ටමයි අහු උනේ ඉතින් ආයෙත් ඒ සර්ට අහු උනොත් (කලින් වැරැද්ද X දැන් වැරැද්ද) 2කම ගුණ කරල මාව ගෙදර යවයි.මට දැන් කර කියා ගන්න දෙයක් නැතුව අසරන වෙලා ඉන්නේ


ඕන දෙයක් කියලා මම පැන්න තාප්පෙන්.මගේ කරුමෙට තාප්පේ එහා පැත්තේ ටිකක් වල් වැවිලා ඒක ලමයි දාල අස් කරනය ප්‍රින්සිපල් සර්.දැන් මොනා කරන්නද මගෙ කරුමෙට මම පැනල තියෙන්නෙ ප්‍රින්සිපල් සර්ගේ කකුල් 2 මුලට.

"ආ තමුසේ තාප්පේන් පැන්න නේද?"


"තමුසෙල ව්ගේ අපතයෝ ඉන්නකොට මේ ඉස්කොලේ හදන්න පුලුවන්ද.හරි තමුසෙව මම ගෙදර යවනවා"

"අනේ සර් මාව ආයෙත් යවන්න එපා සර්.

ටිකක් වෙලා කල්පනා කරල බලලා

"හරි එහෙමනම් තමුසේ අද මෙතන තියෙන වල් පැල ටික උගුල්ලලා තියෙන්න ඔනේ එහෙම නැති උනොත් මම තමුසෙව අල්ලගන්නම්කො"

මම වැදල වැදල සමාව අරගෙන වල්පැල ටික ගලවලා තමයි ආයෙත් පංතියට ගියේ.ඔන්න බලන්න යාලුවනේ සරම මට කරපු හරියක්

Tuesday, September 11, 2012

මම ගොඩයෙක් වෙමි


මම අද බ්ලොග් එක ලියන්නේ හරිම කලකිරීමකින් මොක්ද මේ සිදුවීම මට උන විහිලු සිදුවීම් වගේ නෙවෙයි සමහර විට මේක මුලු ජාතියටම බලපාන එක් සිදුවීමක් වෙන්නත් ඉඩ තියනවා අනාගතයේදි. ඉතින් මම මේ කතාව පටන් ගන්නේ මගේ යාලුවෙක්ගෙන් මම එයාගේ නම කියන්නේ නෑ මොකද මම එතකොට එයාව චාටර් කරා වෙනවා එක නිසා මම ඔයාලගේන් සමාව ඉල්ලනවා එයාලගේ නම් ගම් නොකියන එක සම්බන්ධයෙන්.

මෙන්න මෙහෙමයි කතාව ආරම්භවෙන්නේ දවසක් අපිත් එකක් එකට පංති ගිය යාලුවෙක් මුනගැහුනා අහම්බෙන් බන්ඩාරවෙල ඉස්කොලේ යන.ඉතින් ඒ යාලුවා දැන් යන්නේ ඒ නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක.ඒ යාලුවා ගැහැනු ළමයෙක් උනාට හරිම යහපත් කෙල්ලෙක්.ඉස්සර අපි පංති ගිහින් එකටම තමයි අපි යාලුවෝ ටික හිටියේ.ඔන්න ඉතින් මම බන්ඩාරවෙල නගරයේ ඉද්දි මේ යාලුවයි එයාගේ තව යාලුවෝ ටිකකුයි හමු උනා.

"ආ මචන් සංජු,ඉතින් කොහොමද අපිව දැන් උබලට අමතක වෙලා ඇති නේද?"

"ඔහ් අඩේ මේකිනේ ඇතට අදුරගන්න බැරි උනා බන් උබ දැන් වෙනස් වෙලා.හ්ම්ම්.ඉතින් බන් මොනාද කරන්නේ උබ ඒ ලෙවල් වලට බන්?"

"බයෝ තමයි බන්.උබ මොනාද කරන්නේ "

"මමත් බයෝ තමයි බන්.එහෙනම් මරු මරු "

ඉතින් ගොඩක් කාලෙකින් පරණ යාලුවෝ හම්බුනාම ඇති වන සතුට නම් කියලා ඉවර කර ගන්න බෑ.ඒයාගේ ඉස්කෝලේ අලුත් යාලුවෝ පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා අපි දෙන්න කතා කරන දිහා.ඉතින් මොනා උනත් ලස්සන කෙල්ලො ටිකක් ඉන්නවා එයාගේ යාලුවො ටිකට.ඉතින් මම හෙමීට හෙමීට රබර් ඇස එයාල පැත්තට හොරෙන් දානවා.ඉතින් මම එයාලා ඔක්කොම ඉදිරිපිට කිව්ව

"මචන් එක නෙවෙයි බන් උබේ යාලුවෝ ටික අදුන්නලා දීපන් කෝ"

"කවදා හරි දවසක මුනගැහුනම කතා කරන්න පුලුවන් නේ.එක නිසා ඉන්ටඩියුස් කරලා දීපන්කෝ"

"ආපෝ උබ ඉස්සර වගේමයි කිසිම ලැජ්ජාවක් නෑ.හිටපන් "

මේ ඉන්නේ නිරාශා,අපේ ක්ලාස් එකේ මගේ යාලුවෙක්.මේ ඉන්නේ චමිලි මෙයත් අපේ ක්ලාස් ඒකේ.මේ ඉන්නේ නිර්මාලි මෙයත් අපේ ක්ලාස් එකේ.

ඉතින් මේ කෙල්ලොත් "නසිස් ‍ටු මීට් යු සංජු" කියලා කිවවා.

මමත් ඉතින් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දැනගන ගිටිය නිසා "නයිස් ‍ටු මීට් යු ටූ" කියලා ශේප් උනා.ඉතින් ටිකක් වෙලා එයාලත් එක්ක කතා කර කර ඉදලා "මම එහෙනම් යන්නම් මට පොත් වගයක් ගන්නත් තියනවා".මම යන්නම් කියලා කියලා කිව්වා.එයාලත් "හා එහෙනම්,බායි" කිව්වා

ඉතින් යාලුවනේ මට බායි කියලා පුරුද්දක් නෑ.මම ඉතින් බුදුසරණයි කියලා යන්න පිටත් උනා.

                    * * * * * * *

ඉතින් දවස් 2කින් පස්සේ මේ යාලුවා මට කෝල් එකක් ගත්තා ඔන්න ඉතින් මමත් එයත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා.මම ඇහුවා "ඒක නෙවෙයි මචන් අර උබලගේ යාලුවෝ සෙට් එක මොනාද මට කිව්වේ කියලා"

"අයියෝ මචන් උන්ට පිස්සු බන්.උන් කියනවා මට. ඔයාගේ යාලුවා හරි ගොඩේ පාටයි කියලා බන්"


මොනා උනත් යාලුවනේ මම මේ කතාවට අප්සෙට් ගියා මොකද මට කොල්ලෙක් ගොඩයා කිවුවට අප්සෙට් එකක් නෑ ඒත් එක දවසක් විතරක් අදුර ගත්ත කෙල්ලෝ ටිකක් ගොඩයා කියනකොට ටිකක් මට අප්සෙට් ගියා මොනා කරන්නද

මගේ යාලුවාටත් අප්සෙට් යන්න ඇති.ඉතින් මගේ යාලුවා කෝල් කරපු වෙලාවේ මගේ ගැටලුව උනේ ඔය ප්‍රශ්නේ තමයි ඇයි මේ කොල්ලො මට ගොඩයා කිව්වේ.මගේ කටින් වැරදි කතාවක් වත් පිට උනාද,නැත්නම් මම ඇදගෙන හිට්පු විදිහේ  වරදක් ද දන්නේ නෑ නේ

ඉතින් මගේ යාලුවට මම කතා කරලා ඇහුවා "මොකෝ බන් උබේ යාලුවො ටික මට ගොඩයා කිව්වේ"

මේකිත් ගත් කටටම කිව්වේ "මචන් උබ ඒ කෙල්ලොන්ට යනවා කිව්වම ඒ කෙල්ලො බායි කිවුව නේද?" ඉතින් මම ඔව් කිව්වා.

"ආ ඒක තමයි ඒ කොල්ලො කියනවා එතකොට උබ ඒ කෙල්ලොන්ට කියලා තියනවා බුදුසරණයි කියලා" ඒක ඇත්තද බන් ඉතින් කිව්ව ඔවු කිව්ව.ආ එක තමයි ඔන්න ඕක නිසා තමයි උන්  උබට ගොඩයා කියල තියෙන්නේ

මට ටිකක් අප්සෙට් තමයි මොකද කෙල්ලො ඉස්සරහ පජ උන එකට නමුත් මට ගොඩක් ආඩම්බරයක් දැනුනා මොකද අපේ අම්මා තමයි මට ඉගැන්නුවේ කාට හරි සමුදෙනකොට බුදුසරණයි කියන්න ඉතින් ඒක  නිසා මම ගොඩක් සතුටින් ඒ ගොඩයා කියන නම් බාර ගත්තා

ලංකාවට ඉංග්‍රීසින් ආවට පස්සේ අපේ රට වීරයෝ යුද්ධ කරලා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරා අන්තිමෙදි උන් අපිට නිදහස දුන්න ඇත්තෙන්නම් කියනව නම් අපි උන්ගේන් අපේ රට බේර ගත්තේ නමුත් පස්සේ කාලෙදි උන් අපි යුරෝපිකරනයට ඈද ගත්තා ඔන්න ඔතනින් තමයි සිංහලයට වැරදුනේ ඉතින් ඊට පස්සෙ අපේ උන්  වැනසෙන්න පටන් ගත්තා සිගරට්,අරක්කු බොන්න පුරුදු උනා.

දැන් අපේ සමහර පෝසත් ගෙවල් වල අම්මට තාත්තට කියන්නේ ඩැඩි මමි කියලා ඉතින් මුන්ගේ කටවල් වලට හෙන ගහලද? අම්මා අප්පච්චි,තාත්තා කියලා කතා කරන්න ඉතින් මෙකට වග කියන්න ඕනෙත් අපේ සමහර මාධ්‍ය එහෙමත් ටෙලි නාටය වල අනන්තවත් එහෙම කතා කරනවා මම දැකලා තියනවා.ඉතින් බලන්න ඕවා නිසා තමයි ළමයිගේ ජීවිත පිරිහෙන්නේ.මොනා උනත් තාම බුත්තලට නම් ඔය වසන්ගතේ ආවේ නෑ කවදාහරි දවසක් එන්න ඉඩ තියනවා.මේක මුලු ලංකාවටම ඉතින් යාලුවේ මේ වගේ දේවල් බුද්ධිමත් අපි කරන්න ඔනේ නෑ නේද? ටිකක් හිතලා බලන්න

Sunday, September 2, 2012

බස් එක සහ පරාටා කෑම


අද නම් මම බ්ලොග් එක ලියන්න හිතුනේ මට සාමන්‍ය පෙළ කාලයේ උන අකරතැබ්බයක් මතක් වෙලා එක උනේ මෙහෙමයි මම ඉතින් අපේ කොල්ලොත් එක්ක තමයි පංති එහෙම එකට යන්නේ ඉතින් ඒ වෙලාවේ තමයි මේ සිද්දියත් උනේ.අපේ කොල්ලො සෙට් එකේ ඉන්නවා අරුණ කියලා කොල්ලෙක් ඉතින් අපි එයාලගේ ගෙදර තමයි පංති ගියේ.ගණන් පන්ති එයාලග ගෙදර තමයි  තිබුනේ.ඉතින් අපි  අම්මා දෙන පොකට් මනි වලින් සෙට් එක පන්ති ඉවර වෙලා කඩේකට ගිහින් බඩ පැලෙන්න කනවා.ඉතින් මමයි මගේ යාලුවෝ සෙට් එකයි වෙනදා විදිහට සෙට් උනා කඩෙට ගිහින් පරාට කන්න කියලා.පරාට කියන්නේ ඒ වෙලාවට සුපිරි කෑමක්.මොකද දන්නවාද කොච්චර කෑවත් එපා වෙන්නේ නෑ.ඉතින් අපේ කොල්ලොත් එක්ක පරාට කනවා කියන්නේ හරියට සති පොලේ  බඩු අරගෙන එනවා වගේ වැඩක්.ඔය කන වෙලාවට කොල්ලොත් එක්ක ගහ ගත්ත ඒවා,පංතියට අලුතෙන් ආපු කෙල්ලෝ,ගුරුවරුන්ගේ අත්වැරදිම් වගේ දේවල් තමයි කතා කරන්නේ.අම්මෝ ඒ වෙලාවට එකෙක් ඉවර කරනකොට එකෙක් පටන් ගන්නවා.ඉතින් ඔය කිව්වට මමත් එක එක විහිලු කතා කියනවා ඔය අතරේ.ඉතින් සමහර වෙලාවර කතාව වැරදිලා නෝන්ඩි වෙන අවස්ථවන් ද නැතුවාම නොවේ.

මොන දේ උනත් කඩේ ඉන්න මුදලාලි ‍රැ 8.30 වෙනකොට කඩේ තියන සෝස් බෝතලය හංගන්න අමතක කරේ නෑ.මොකද අපි ක්ලාස් අරින්නේ 8.30ට නේ ඇරපු ගමන් එන්නේ ඔය කඩේට දුවගෙන.ඉතින් අපේ කොල්ලොට කඩේ තියන සෝස් බොතලයේ අහු උනොත් කාල ඉවර වෙනකොට ඉතින් සෝස් තියා බොතලේවත් හොයා ගන්න වෙන්නේ නෑ.ඒක මුදලාලි දන්න නිසා වෙලාසනම බෝතලය හංගනවා.කඩේ තියෙන්නේ පාර ගාව නිසා බස් යන එනවා හොදට පේනවා.ඒ උනාට අපේ උන්ට කනකොට බස් තියා ලග ඉන්න එකාවත් පෙන්නේ නෑ.ඉතින් දවසක් අපේ අයියා කෙනෙක් බස් එකේ ඉදන් මම ඉන්නවා දැකලා අම්මට කේලම් එහෙමත් කියලා තිබුනා.එදා ඉදලා පොකට් මනි එච්චර දෙන්නේත් නෑ.අවුලක් නෑ කියලා හිත හදාගෙන ලද දෙයින් සතු‍ටු වෙනවා

ඔන්න ඉතින් වෙනදා වගේම අපි ඔය කඩේට දුවගෙන ආවා ඉදා නම් මට පුදුම විදිහට බඩ ගින්නක් තිබුනා.මම හිතාගෙන හිටියේ බඩ කට පැලෙන්න පරාට කන්න පුලුවන් අද කියල.ඔන්න කඩෙට ආවා.මගේ යාලුවෙක් ඉන්නවා නදීර කියලා පොර තමයි සල්ලි එකතුකරලා කෑම ඇනයුම් කරන්නේ ඉතින් නඩීර වෙනදා වගේ අයියා පරට දෙන්නකෝ අපිට කියලා හයියෙන් කිව්වා.ඉතින් අපිත් දැන් බලාගෙන ඉන්නවා පරටා ගේනකම්.ඉතින් එහා පැත්තේ කෑම මේසේ කව්ද වයසක මිනිස්සු දෙන්නෙක් ඉන්නවා මම දැක්ක ඉතින් අපෙ කොල්ලොත් ඔක්කොම එක දැක්කා.ඉතින් එයාල කතා වෙන දෙවල් අපිට යාන්තමට වගේ ඇහෙනවා.අනුන්ගේ කතා අහගෙන ඉන්න එක හොද නෑ කියල අපේ අම්මා උගැන්නුවා මට මතකයි එත් මොනා කරන්නද එයාල කතා වෙන ඒව මට ඇහෙනවා නම්.ඉතින් එයාල කතා වෙනවා "ඉතින් රණවීර මොකද දැන් බස් වලට වෙලා තියෙන්නේ" අනිත් එක්කෙනත් අනේ එකනේ "අද බස් ස්ට්‍රයික් එකක් අද තියන්නවනේ"

අපේ කොල්ලො ඒ වෙලාවේ හොදට පරාට බුදින ගමන් ගිටියේ එක පාරම ඔය කතාව ඇහුනා අපේ කොල්ලොන්ට.ඉතින් කන එක නවත්තලා "අන්කල් අන්කල් ඒ කියන්නේ දැන් මේ පාරෙත් බස් යන්නේ නැද්ද අද? "

ඒ මිනිස්සුන්ට කට උත්තර නෑති උනා.ටිකක් වෙල හිතලා කිව්වා "ආහ් ඔව් පුතාලා අද අවසාන බස් එක යන්නේ 8.45ට කියලා අනේ ඉතින් අපේ කොල්ලොන්ටයි ඔක්කොටම කට උත්තර නෑතුව ගියා.අපි දැන් උනාව‍ටුනේ ඉදලා බුත්තලට යන්නේ කොහොමද අම්මො බස් නෑතුව.අපේ කොල්ලො ඔක්කොම කන එක නවත්තල මුදලාලිට සල්ලි දීලා දුවගෙන බස් එකට.එත් මට නම් හිත තිබුනේ පරාට පිගානට තමයි ඉතින් මොනා කරන්නද මම ටග් ගාලා පරාටා 6-7ක් විතර සාක්කුවේ දා ගත්තා බඩගින්නට බස් එකෙ ඉදගෙන හරි කන්න කියල හිතලා.හැබැයි ඉතින් එක පෙරේත වැඩක් තමයි මොකද පරටා සාක්කුවේ දාගෙන කෑව කියන්නේ.එත් ඉතින් මොනා කරනද බඩ ගින්නට.ඉතින් බස් එකේදි ඔන්න ශීට් එකක් හම්බුනා දැන් මම එකේ ඉදගෙන පරටා කනවා හොරෙන් අපේ කොල්ලො හූල්ලනවා "අඩෝ අපරාදේ බන් පරට පිගන" ඉතින් මුන් දන්න්නේ නෑ මගේ සාක්කුවේ පරටා තියනවා කියලා.ඔන්න ඔහොමයි සංජය පරාට කෑවේ