Friday, November 30, 2012

ලෝකේ හොදම රස්සාව




අපේ ඉස්කෝලේ O/L ඉවර වෙලා A/L කරන්න ඉස්කෝලේ එන්න අවසර ලැබුණ දවසේ මට හිතුනේ මම තමයි මේ ලෝකේ ඉන්න හොදම වාසනාවන්තයා කියලා.ඉතින් හා හා පුරා කියලා ටිකක් බයෙන් බයෙන් A/L කරන්න ඉස්කොලෙට ඇතුලු උන දවසේ මට දැනුන එක දෙයක් නම් හොදටම පැහැදිලි ඒ තමයි මම තනි වෙලා නෑ කියන හැගීම.ඉතින් යාලුවනේ අපේ ඉස්කෝලේ හරියට මට දැනෙන්නේ Harry Potter චිත්‍රපටියේ තියන මායා ඉස්කෝලේ වගේ.එක එක මාදිලියේ කොල්ලෝ කෙල්ලෝ.ඔය අතරේ වෙන ඉස්කෝල වලින් එහෙමත් ළමයි ඇවිල්ලා හිටියා.සමහරු කලින් අදුරන අය තවත් සමහර අය නිකන් ආඩම්බර කාරයි වගේ ඉන්න අය.නමුත් මම පස්සේ තම්යි දැන ගත්තේ අර ආඩම්බර විදිහට හිටපු අය ඒ වෙලාවේ එහෙම ඉදලා තියෙන්නේ ටිකක් බයෙන් වගේ කියලා.පස්සේ බැලිනම් ඔක්කොම එකයි

ඔන්න ඉතින් ඒ දවස්වල නායකත්ව පුහුණු වැඩසටහන් එහෙමත් තිබුනා නමුත් අපි නම් හිටියේ මර නින්දේ මොකද සමහර දේශන හරියට නිදිකරන්න හදපු ඒවා වගේ.එදා අපිට ප්‍රින්සිපල් සර් දුන්නා පොඩි කොල කෑල්ලක්.අපිට කිව්වා ඔයාල ඉස්කෝලෙට එන්නේ මොකටද  කියලා  අපිට දුන්න කොල කෑල්ලේ ලියන්න කියලා.මටත් හොද හොද දේවල් මතක් උනා ඇත්තටම අපි ඉස්කෝලෙට එන්නේ මොකටද?

අම්මාගෙන් කනක් ඇහිලා ඉන්න ඕනවටද?,නැත්නම් ගෙදරට වෙලා ඉන්නකොට නින්ද යන නිසාද මට එක එක ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තා.මම ලග ඉන්න කොල්ලෙක්ගෙන් ඇහුවා

"මචන් අපි සිරාවටම ඉස්කෝලේ එන්නේ ඇයි බන්?"

ඒ කොල්ලා නම් කිව්වේ

"මචන් මම නම් ඉස්කෝලේ එන්නේ බන් මගේ කෑල්ල නිසා බන්"

ඒ විදිහට ඒ කොල්ල කියලා හිනා වෙලා අනිත් පැත්ත හැරුනා.මම තව කොල්ලෙක්ගෙන් අහලා බැලුවා

"ඒ මචන් අපි ඉස්කෝලේ එන්නේ මොකටද බන්"

ඒ කොල්ලා නම් කිව්වේ

"යකෝ අපි ඉස්කෝලේ එන්නේ මචන් ඉගෙනගෙන ලොකු රස්සවක් කරන්නනේ"

දැන් මට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි ලෝකයේ හොදම රස්සාව මොකක්ද කියලා හොයන එක.ඉතින් මම මගේ ලග හිටිය තවත් යාලුවෙක්ගෙන් ඇහුවා.

"මචන් ලෝකේ තියන හොදම රස්සාව මොකක්ද කියලා"

ඒ වෙලාවේ ඒ කොල්ලෝ හිටියේ කෙල්ලෝ ටිකක් එක්ක පැනි හල හල.එක එක පංපෝරි අර කෙල්ලොන්ට කිය කියා ඒකා පොර වෙන්න හදනවා.

"ආ මචන් ඇයි උබ ඒක කරන්නද අහ්...හාහාහාහ්.."

වටේ හිටිය කෙල්ලෝ ටිකත්
"හිකි හිකි" කිය කිය හිනා උනා


මොනා උනත් මම ඒ වෙලාවේ අපහසුවට පත්වුන හැටි මම විතරයි දන්නේ.ඔන්න ඉතින් දේශණය ඉවර වෙලා ඉන්ටවල් එකෙදි මම අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක මේ ගැන ඇහුවා.

"මචන් ලෝකේ තියන හොදම ජොබ් එක තමයි හ්ම්...මොකක්ද... දූපතක් බලා ගන්න එකලු බන් මම දැක්කා සමුදුර පත්තරේ තියනවා.මට නම දූපතේ නම් හරියට මතක නෑ පොඩ්ඩක් හොයල බලපන්කෝ"

එතකොටම තව එකෙක් කියනවා

"යකෝ ලෝකේ තියන හොදම ජොබ් එක එන්ජිනියර් කෙනෙක් වෙන එක බන් සුපිරි පඩි බන්"

"නෑ නෑ බන් එක හරියන්නේ නෑ හොදම ජොබ් එක ඉස්කෝලේ සර් කෙනෙක් වෙන එක බන්.පඩි අඩු උනාට පට්ට ඩීසන් නේ බන්"

ඒ උනාට මම දන්නවා ගුරුවරයෙක් වෙන එකේ අමාරුකම.අපේ අම්ම කන කට්ට දැක්කම ගුරුවරු කියන්නේ අවාසනාවන්තම් ජොබ් එක වගේයි මම නම් දකින්නේ.නමුත් ඇත්තම කතාව ගුරුවරයා තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසා.මොකද හැම ජොබ් එකක්ම බිහිවෙන්නේ ගුරුවරයාගෙන්.

ඔන්න ඉතින් අපේ කොල්ලොන්ගේ විවාදය ආරම්භ උනා එක එකා එක් එක ඒවා කියනවා ලෝකේ තියන හොදම ජොබ් එක ගැන

එකෙක් කියනවා නාරි වේදි ඩොක්ටර් කෙනෙක් වෙන එක හොදයිලු (මේක බලන එකා හිතා ගනින් ඒ ජොබ් එක හොද මොකටද කියලා) තව එකෙක් කියනවා නිවෙදකයෙක් වෙන එක හොදයි කියල්ල ඔන්න ඔය  විදිහට ගහ ගන්න ප්‍රශ්නයක් උනා ඒක.අන්තිමේට එක එකාගේ අම්මලා තාත්තලගේ ජොබ් වලටත් අපහස කරගෙන එක එකාලගේ අම්මලත් මතක් කරගෙන මේ ප්‍රශ්ණය ලොකු යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබුනා.ඒ අස්සේ එකෙක් කියනවා

"අඩෝ..අඩෝ..අහපංකො අහපංකෝ.. ලෝකේ තියන හොදම ජොබ් එක තමයි අපේ තාත්තා කරන්නේ කියලා"

කොල්ලෝ ඔක්කොම ඒ කොල්ල දිහාවට හැරුනා."අහ්හ් සිරවටම...අහ් කියපන් බලන්න උබලගේ තාත්තා කරන ජොබ් එක..කොල්ලෝ පුදුමයෙන් වගෙ බලාගෙන හිටියා"

"මචන් මොන ඩිග්‍රියවත් ඔනේ නෑ බන් ඒ ජොබ් එකට...දවසෙම ෆී මචන්"

"හරි හරි මචන් කියපන්කෝ ජොබ් එක මොකක්ද කියලා" මම ඇහුවා

"වෝටර් බෝඩ් එක වැඩ කරන එක බන්"

මට ටිකක් පුදුම හිතුනා ඒ වගේ ජොබ් එකක් කරන එක ලෝකේ හොදම ජොබ් එක වෙන්නේ කොහොමද කියලා මම ඇහුවා "ඇයි බන් ඒ"

"යකෝ අපේ අම්ම උදේට බත් එක බැදල දුන්නම ඒක කාල ටැප් රූම් එක නිදා ගන්න එක තමයි අපේ තාත්තාගේ ජොබ් එක"

 මට ඒ කතාව තාම තෙරුනේ නෑ නමුත් ඒ කොල්ලා නම් හරිම සරල විදිහට තමයි ඒ කතාව කිව්වේ.

"මචන් මට ඒ කතාව තෙරුනේ නෑ බන්" මම එහෙම ඇහුවම ඒ කොල්ලගේ උත්තරේ උනේ

"ඇයි බන් බූරුවෝ..අපේ තාත්තා තමයි වතුර ලයින් වල වතුර එනවද කියල බලන්නේ.ඉතින් තාත්තට තියෙන්නෙ ඒකේ තියන ටැප් ඇරලද කියලා බලන එක ඉතින් මේ ලගදි ගෙදරින් බූරු ඇදකුත් දා ගත්තා දැන් තියෙන්නෙ කාලා නිදාගෙන ඉන්න එක තමයි.ලොක්කෝ මචන් එන්නේ මාස 3කට සැරයක් එදාට නම් බූරු ඇද අකුලලා තියනවා.නැත්නම් බුල කෙලින එක මාට්‍ටු වෙනවනේ.ඔ‍ෆිස් එකෙ උන් උඩ ටැංකියේ රූම් එකට් එන්නේ නෑනේ එක නිසා තාත්තට කිසිම ගානක් නෑ.දිවාරාත්‍රි සේවය නිසා පඩිත් වැඩී බන්.ඉතින් අපේ තාත්තා නම් කරන්නේ දිවා රාත්‍රි නිදා ගන්න එක තමයි "



අපේ කොල්ලෝ ඔක්කෝම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.කොටින්ම කිව්වොත් මටත් කට උත්තර නෑ

"මොකෝ සද්දයක් නෑත්තේ හරි කියපන් බලන්න එක නෙවෙයිද ලෝකේ වටිනාම නිදහස්ම හොදම ජොබ් එක"

ඒ විදිහට ඒ කොල්ලා අහනකොට මටවත් වටෙ හිටිය කොල්ලොන්ටවත් කියා ගන්න කිසිම වචනයක් වත් ඉතුරු උනේ නෑ.

Wednesday, November 28, 2012

තේකක් බීපු විදිහ


ඉස්සර යාලුවොත් එක්ක ඉන්න කාලෙ මතක් වෙනකොට හිතට දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ.මොකද මගෙ යාලුවෝ තමයි මේ ලෝකේ ඉන්න හොදම යාලුවෝ නිසා.ඒ වගේම FB,G+ වගේ තැන් වලිනුත් හොද යාලුවෝ ගොඩක් එකතු කර ගන්න පුලුවන් මම දැන් නම් කියන්න යන්නේ යාලුවොත් එක්ක හිටපු දවසක මට උන අකරතැබ්බයක් ගැන.මේක උනේ O/L කාලේ අවසානෙදි වගේ.


මගේ පොඩි දුර්වලතා ටිකක් තියනවා ඒව අතුරින් මට තිබුනු එක දුර්වලතාවයක් තමයි උණුවෙන් තේකක් බොන්න බැරි එක.ඉතින් මම තේක නිමුනට පස්සේ තම්යි බොන්නේ.නැත්නම් පීරිසියට වත්කරගෙන බොනවා.අනික තේක කෝප්පෙන් බොන්න බෑ ඇගේ හලා ගන්නවා.එක නිසා මම තේක ඇල් වතුර වගේ නිමෙන්න තියල තමයි බොන්නේ.මගේ යාලුවො නම් එක හොදටම දන්නවා.

මේ උන සිදුවීමත් ඒ දුර්වලතාවය නිසා උන ලොකූ චාටර් එකක්.ඔන්න ඉතින් මේ කතාවත් උනේ මගේ යාලුවොත් එක්ක.අපි දවසක් ගියා අපේ පංතියේ යාලුවෙක්ගේ බණ ගෙදරක එයාගේ නම නම් අරුණ කියලා හොද කොල්ලෙක්.ඉතින් අපි ටිකක් වෙලාස්සන තමයි ගියේ මොකද හෙල්ප් එකක් දෙන්න එහෙමත් එපැයි ඒකයි.ඉතින් දන්නවනේ ඉතින් යාලුවෝ සෙට් උනාම එක එක ඕපාදුපා ගැනනේ කතාව ඉතින් අලුතින් ටිවුෂන් පංතියට ආපු කෙල්ල ගැනයි,ඉස්කෝලේ එහා පැත්තේ ගෙදර හොර කුරුම්බා කඩපු විදිහයි,බස් ස්ටැන්ඩ් එක ගාව සෙට් උන වලියයි තමයි ඉතින් රසවත් කතා උනේ.ආ ඒ දවස් වල පේපර් අවුට් ගිය කතාවත් පැතිරිලා ගියා.මම ඒ කතාව ගැන පස්සේ කියන්නම්කෝ.ඔය වගේ ඕපා දූපා ගැන කතා කර කර ඉන්නකොට අරුණගේ අම්ම ඇවිල්ලා කිව්වා

"පුතේ තේ ටිකක් බීලා ඉන්නකෝ කියල"

ඔන්න ඉතින්  අපේ පෙරේතයෝ ටිකක් බොරුවට ටිකක් අදිමදි කරලා

"පස්සේ බොන්නම් ඇන්ටි කියලා කිව්වා"

ඒ උනාට මම දන්නවනේ අපේ  උන්ගේ හැටි.මොනා උනත් තැනකට ගියාම හැසිරෙන්න නම් අපේ උන් හොදට ඉගෙනගෙ තියනවා.නමුත් අර පස්සේ බොන්නම් කිව්වට මුන් ඔක්කොගෙම හිත අර තේ මේසේ ගාවට.

"නෑ පුතාලා දැන්මම තේ බොන්න පස්සේ කට්ටිය එයි එකයි."

එතකොට අපේ අරුණත් එක තම්යි මචන් වරෙ වරෙන් කියල අපේ කොල්ලෝ සෙට් එකම බලෙන් ඇදගෙන කියා අපෙ උන් එහෙමත් බොරුව්ට අදිමදි කර කර යන්න සෙට් උන්න.

ඉතින් තේ මේසෙට ගියාම සුර ලෝකෙට ගියා වගේ එක එක කැම ජාති තිබුනා.අරුණයයි ඇන්ටි එහෙමෙහෙ යන අතරේ අපේ උන් ටික පැන පැන කන්න මටන් ගත්තා.තේ මේසේ තිබුන කේක් ටිකයි,කෙසෙල්ගෙඩි,කිරිටොපි වගේ කෑම පෙනි පෙනෙද්දිම ඉවර උනා හරියට හාස් කමක් වගේ.බිස්කට් 7-8ක් විතර සාක්කු වල පුරව ගන්න අපේ කොල්ලෝ අමතක කරේ නෑ.අපේ කොල්ලෝ ජනාදිපතිගේ ගෙදර ගියත් එහේ කෑම මේසේ තියන බිස්කට ටික ජනාදිපති අහක බලන ඩිංගට සාක්කු වල දාන්න තරම් කොල්ලෝ තම්යි ඉන්නේ.හදිස්සියෙවත් ජනාදිපතිතුමා අහක බලාගේන හිටියේ නැත්නම් "අර අර සර් කියලා" හරි පෙන්නල බිස්කට් පන්නන කොල්ලෝ තමයි මට ඉන්නෙ.


ඔන්න දැන් කෑම මේසෙන් එක එක කතා.

"මචන් කිරිටොපි රසයි නේද බන්...,මචන් මේ කේක් එක ටියාරාද කොහෙද බන්...,ඔන්න ඔය දොදොල් දීසිය එවපන් එකක් කන්න"

ඉතින් ඔය එක එක කතා අස්සේ මමත් කේක් කෑල්ලක් කන ගමන් වටපිට බැලුවා.ඇත ඉන්නවා අරුණගේ නංගි එයාලගේ යාලුවෝ සෙට් එකයි අරුණලාගේ නෑදැයෝ සෙට් එකයි.මොනා උනත් ටිකක් ඩීසන් පිට ඉන්න ඕනේ කියල මට හිතුනා නමුත් අරුණලාගේ නංගි නම් දන්නවා මගේ හැටි ගිය තැන චාටර් වෙනව කියලා එයා දන්න ඇති.හෙ හෙ හේ..

නමුත් අනිත් අය දන්නේ නෑ නේ.ඔන්න ඉතින් මම පොර වගේ ගිහිල්ල තේ කොප්පයක් ගත්තා.අපේ උන් ටිකත් තේ බොන ගමන් කතා එක එක කතා.නමුත් මට ලොකු ප්‍රශ්නයක් තියනවා. එත් කවුරුවත් එක දන්නේ නෑ.මම තේක බොන්නේ නැතුව බලාගෙන ඉන්නවා.මොකද දැන් තේක බොන්න පටන් ගත්තොත් අනිවා තේක හැලෙනව කියල දන්න නිසා.එහෙම හැලුනොත් ඉදල ඉවරයි අරුණලාගේ නංගිගේ යාලුවෝ එහෙමත් දකීවි.මොනව කරන්නද කියල මටම හිතා ගන්න බැරුව මම තේක දිහා බලාගෙන ඉන්නවා.ටිකක් වෙලා ඉදලා අරුණලාගේ නංගිගේ යාලුවෝ ටික යන්න ගියා.දැන් තමයි හොද වෙලා කියල මම තේක බොන්න පටන් ගත්තා.ඔන්න නිමෙන්න තියනවා ටිකක් බොන්න පටන් ගත්ත විතරයි ආයෙත් එයාගේ යාලුවෝ ටික ආවා මම කලබල උනා විතරයි ඇග පුරා තේක.මට මම ගැනම ලැජ්ජ හිතුනා.වටේ පිටේ ඉන්න උන් හැම එකාම මම දිහා බලනවා.

ඒ ව්ලාවට මට හිතුනා පොලව පලාගේන ගිහින් උමගක් හාරලා ඒ උමග දිගේ අපේ ගෙදරට ගිහින් දොර වහ ගන්න.

එක එක් කටහඩවල් ඇහෙනවා මට

"අයියෝ මචන් තේක හලා ගත්තේ ඇයි බන්"
"යන යන තැන උබට වෙන්නේ චාටර්මනේ"

ඔය විදිහේ කතා එක එක තැන් වලින් ඇහෙනවා.අර කෙල්ලෝ ටික බක බක ගාල හිනා වෙනවා.දැන් ඉතින් මොනා කරන්නද මම අරුණට කිව්වා මචන් Bathroom  එක තියෙන්නේ කොහෙද කියලා.ආ මචන් ඕව ගන්නන් ගන්න එපා බන්.අපි යමු බාත් රූම් එකට.කියලා ඇදගෙන ගියා.ඔන්න ඔය විදිහට තමයි මම තේ බිව්වේ

Friday, November 9, 2012

මගේ පළමු සරම


කොහොමද යාලුවනේ.ගොඩක් කාලෙකින් බ්ලොග් එක ලියන්න හිතුනා මොකද දන්නවාද අද ටිකක් මම නිදහස් මොකද අම්මා නෑ මේ වෙලාවේ

නැත්නම් ගෙදර හිටියොත් කියන්නේ "උබ කොම්පුටරේ ඇලිලා හිටපන් ස්කෝලේ වැඩක් කරන්න එපා" කියලා බනිනවා මම දන්නවා අම්මලා එහෙම කියන්නේ අපිව හොද රටට ලෝකෙට වැඩ දායක මිනිස්සු කරන්න තමයි කියලා ඒත් ඉතින් ටිකක විතර බුල  පාරක් නෙලුවට අපි හැමදාම කාල කන්නි වගේ හැසිරෙන්නේ නෑ නේ.

ඔන්න දවසක් මම ක්ලස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකත් එක්ක කතා කර කර ඉන්නකොට අපේ මාතෘකාව උනේ ඇදුම් ගැන.එක එක ඇදුම් ගැන කතා කර කර ඉද්දි.ඉතින් මම කිව්ව ඔය එක එක පැශන් සුද්දෝ උබලට ඉතුරු කරලා හිය කුනු කන්දල්  නේ කියලා.මට එක කියවුනා ජෝක් එකට

අපේ කොල්ලෝ සෙට් එකට මලේ මල.හරි උබ හරි සිංහලයනේ උබ කවදද  සරමක් ඇදගෙන තියෙන්නේ.මේ විදිහට මුන් සෙට් එකම මාව චාටර් කරන්න පටන් ගත්තා එක වෙලාවකට බලනකොට උන් කියන කතාව ඇත්ත මම ඒ වෙනකම් කවදාවත් සරමක් ඇදගේන තිබුනේ නෑ.මට ටිකක ලැජ්ජාවේ බෑ.මොනා උනත් මමත් ජෝක් එකට හරි කිව්වේ වැරදි කතාවක් තමයි තරුන කොල්ලො උනාම අනිවාර්යෙන්ම ස්ටයිල් වලට බහිනවනේ.එත් ඉතින් උන් මට කිව්ව කතාව මට හිතට ගොඩක් වද දුන්නා.
මගේ හිත කියවනවා උබ සිංහලයෙක් නෙවෙයි කියලා.

මම එදා හවස ගෙදර ගියා.ගියපු ගමන් අප්පච්චිගේ සරමක් ගත්තා ටිකක් ටෙස් කරන්න ගත්තේ.මම නිකමට වගේ රූම් එකේ දොර වහලා ඇදලා බැලුවා අව්ලක් නෑ වගේ.අර නිකන් කලිසම් වගේ නෙවෙයි සැහැල්ලු ගතියක් මට දෙනුනා
එද දවසේ මම සරම ඇදගෙන තමයි නිදා ගත්තේ.
දන්නවනෙ ඉතින් නිදිමත හැදුනම ඇදේ ටිකක් දගලන කොට මෙන්න බොලේ සරම කැඩිලා.හොද වෙලාවට මේ සීන් එක රැ උනේ දවල් නිදාගෙන හිටියොත් මාර නොන්ඩිය.වෙලාව රැ 2.00 විතර ඇති.මේ සෙල්ලම හරියන්නේ නෑ.මම කලිසමක් ඇදගන්නවා කියල හිතාගේන කලිසම් හොයනකොට කලිසම් ඔක්කොම හෝදන්න දාල වතුරට.මට දැන් මලේ මල.මොනා කරන්නද ඉතින් බැදගත්තු බෙරේ ගහන්නත් එපැයිකියල මම ආයෙත් නිදා ගන්න සෙට් උනා

අයෙත් කොහොමද හරි 3ට විතර සරම කැඩිලා ආයෙත් ඇහැරුනා.කොහොම හරි  මට නින්දක් නැ නිදා ගන්න හදනකොටම නිකන් සරම බුරුල් වගේ දැනෙනවා මම එක පාරටම ඇහැරෙනවා

මගේ නින්ද මම සරමට පූජා කරා ඒ කිව්වේ මම නිදා ගත්තේ නැ.හදිස්සියෙවත් මට නින්ද ගිහින් ඉන්නකොට කාමරේට උදෙන්ම අම්ම ආවොත් මොන දෙයියන්ට කියන්නද?

කොහොම හරි මම 5ට විතර ටිකක් නිදා ගත්තා.පස්සේ ඇහැරිලා බැලිනම් වෙලාව 7.30 ඉදල ඉවරයි වගේ මට දැනුනා.මම පටස් ගාල ලැස්ති වෙලා ඉස්කෝලේ යන්න පිටත් උනා.කොහොම හරි ඉස්කෝලෙට යනකොට උදේ 8.00 ඉස්සරහා සර් කෙනෙක් ඉන්නවා පරක්කු වෙන ලමයි අල්ලගන්න

ඒ සර්ට අහු උනොත් බඩු මාට්ටු.මොනව කරන්නද මම කලින් හොරෙන් පේර කඩලත් ඒ සර්ටමයි අහු උනේ ඉතින් ආයෙත් ඒ සර්ට අහු උනොත් (කලින් වැරැද්ද X දැන් වැරැද්ද) 2කම ගුණ කරල මාව ගෙදර යවයි.මට දැන් කර කියා ගන්න දෙයක් නැතුව අසරන වෙලා ඉන්නේ


ඕන දෙයක් කියලා මම පැන්න තාප්පෙන්.මගේ කරුමෙට තාප්පේ එහා පැත්තේ ටිකක් වල් වැවිලා ඒක ලමයි දාල අස් කරනය ප්‍රින්සිපල් සර්.දැන් මොනා කරන්නද මගෙ කරුමෙට මම පැනල තියෙන්නෙ ප්‍රින්සිපල් සර්ගේ කකුල් 2 මුලට.

"ආ තමුසේ තාප්පේන් පැන්න නේද?"


"තමුසෙල ව්ගේ අපතයෝ ඉන්නකොට මේ ඉස්කොලේ හදන්න පුලුවන්ද.හරි තමුසෙව මම ගෙදර යවනවා"

"අනේ සර් මාව ආයෙත් යවන්න එපා සර්.

ටිකක් වෙලා කල්පනා කරල බලලා

"හරි එහෙමනම් තමුසේ අද මෙතන තියෙන වල් පැල ටික උගුල්ලලා තියෙන්න ඔනේ එහෙම නැති උනොත් මම තමුසෙව අල්ලගන්නම්කො"

මම වැදල වැදල සමාව අරගෙන වල්පැල ටික ගලවලා තමයි ආයෙත් පංතියට ගියේ.ඔන්න බලන්න යාලුවනේ සරම මට කරපු හරියක්