Friday, November 30, 2012

ලෝකේ හොදම රස්සාව




අපේ ඉස්කෝලේ O/L ඉවර වෙලා A/L කරන්න ඉස්කෝලේ එන්න අවසර ලැබුණ දවසේ මට හිතුනේ මම තමයි මේ ලෝකේ ඉන්න හොදම වාසනාවන්තයා කියලා.ඉතින් හා හා පුරා කියලා ටිකක් බයෙන් බයෙන් A/L කරන්න ඉස්කොලෙට ඇතුලු උන දවසේ මට දැනුන එක දෙයක් නම් හොදටම පැහැදිලි ඒ තමයි මම තනි වෙලා නෑ කියන හැගීම.ඉතින් යාලුවනේ අපේ ඉස්කෝලේ හරියට මට දැනෙන්නේ Harry Potter චිත්‍රපටියේ තියන මායා ඉස්කෝලේ වගේ.එක එක මාදිලියේ කොල්ලෝ කෙල්ලෝ.ඔය අතරේ වෙන ඉස්කෝල වලින් එහෙමත් ළමයි ඇවිල්ලා හිටියා.සමහරු කලින් අදුරන අය තවත් සමහර අය නිකන් ආඩම්බර කාරයි වගේ ඉන්න අය.නමුත් මම පස්සේ තම්යි දැන ගත්තේ අර ආඩම්බර විදිහට හිටපු අය ඒ වෙලාවේ එහෙම ඉදලා තියෙන්නේ ටිකක් බයෙන් වගේ කියලා.පස්සේ බැලිනම් ඔක්කොම එකයි

ඔන්න ඉතින් ඒ දවස්වල නායකත්ව පුහුණු වැඩසටහන් එහෙමත් තිබුනා නමුත් අපි නම් හිටියේ මර නින්දේ මොකද සමහර දේශන හරියට නිදිකරන්න හදපු ඒවා වගේ.එදා අපිට ප්‍රින්සිපල් සර් දුන්නා පොඩි කොල කෑල්ලක්.අපිට කිව්වා ඔයාල ඉස්කෝලෙට එන්නේ මොකටද  කියලා  අපිට දුන්න කොල කෑල්ලේ ලියන්න කියලා.මටත් හොද හොද දේවල් මතක් උනා ඇත්තටම අපි ඉස්කෝලෙට එන්නේ මොකටද?

අම්මාගෙන් කනක් ඇහිලා ඉන්න ඕනවටද?,නැත්නම් ගෙදරට වෙලා ඉන්නකොට නින්ද යන නිසාද මට එක එක ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තා.මම ලග ඉන්න කොල්ලෙක්ගෙන් ඇහුවා

"මචන් අපි සිරාවටම ඉස්කෝලේ එන්නේ ඇයි බන්?"

ඒ කොල්ලා නම් කිව්වේ

"මචන් මම නම් ඉස්කෝලේ එන්නේ බන් මගේ කෑල්ල නිසා බන්"

ඒ විදිහට ඒ කොල්ල කියලා හිනා වෙලා අනිත් පැත්ත හැරුනා.මම තව කොල්ලෙක්ගෙන් අහලා බැලුවා

"ඒ මචන් අපි ඉස්කෝලේ එන්නේ මොකටද බන්"

ඒ කොල්ලා නම් කිව්වේ

"යකෝ අපි ඉස්කෝලේ එන්නේ මචන් ඉගෙනගෙන ලොකු රස්සවක් කරන්නනේ"

දැන් මට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි ලෝකයේ හොදම රස්සාව මොකක්ද කියලා හොයන එක.ඉතින් මම මගේ ලග හිටිය තවත් යාලුවෙක්ගෙන් ඇහුවා.

"මචන් ලෝකේ තියන හොදම රස්සාව මොකක්ද කියලා"

ඒ වෙලාවේ ඒ කොල්ලෝ හිටියේ කෙල්ලෝ ටිකක් එක්ක පැනි හල හල.එක එක පංපෝරි අර කෙල්ලොන්ට කිය කියා ඒකා පොර වෙන්න හදනවා.

"ආ මචන් ඇයි උබ ඒක කරන්නද අහ්...හාහාහාහ්.."

වටේ හිටිය කෙල්ලෝ ටිකත්
"හිකි හිකි" කිය කිය හිනා උනා


මොනා උනත් මම ඒ වෙලාවේ අපහසුවට පත්වුන හැටි මම විතරයි දන්නේ.ඔන්න ඉතින් දේශණය ඉවර වෙලා ඉන්ටවල් එකෙදි මම අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක මේ ගැන ඇහුවා.

"මචන් ලෝකේ තියන හොදම ජොබ් එක තමයි හ්ම්...මොකක්ද... දූපතක් බලා ගන්න එකලු බන් මම දැක්කා සමුදුර පත්තරේ තියනවා.මට නම දූපතේ නම් හරියට මතක නෑ පොඩ්ඩක් හොයල බලපන්කෝ"

එතකොටම තව එකෙක් කියනවා

"යකෝ ලෝකේ තියන හොදම ජොබ් එක එන්ජිනියර් කෙනෙක් වෙන එක බන් සුපිරි පඩි බන්"

"නෑ නෑ බන් එක හරියන්නේ නෑ හොදම ජොබ් එක ඉස්කෝලේ සර් කෙනෙක් වෙන එක බන්.පඩි අඩු උනාට පට්ට ඩීසන් නේ බන්"

ඒ උනාට මම දන්නවා ගුරුවරයෙක් වෙන එකේ අමාරුකම.අපේ අම්ම කන කට්ට දැක්කම ගුරුවරු කියන්නේ අවාසනාවන්තම් ජොබ් එක වගේයි මම නම් දකින්නේ.නමුත් ඇත්තම කතාව ගුරුවරයා තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසා.මොකද හැම ජොබ් එකක්ම බිහිවෙන්නේ ගුරුවරයාගෙන්.

ඔන්න ඉතින් අපේ කොල්ලොන්ගේ විවාදය ආරම්භ උනා එක එකා එක් එක ඒවා කියනවා ලෝකේ තියන හොදම ජොබ් එක ගැන

එකෙක් කියනවා නාරි වේදි ඩොක්ටර් කෙනෙක් වෙන එක හොදයිලු (මේක බලන එකා හිතා ගනින් ඒ ජොබ් එක හොද මොකටද කියලා) තව එකෙක් කියනවා නිවෙදකයෙක් වෙන එක හොදයි කියල්ල ඔන්න ඔය  විදිහට ගහ ගන්න ප්‍රශ්නයක් උනා ඒක.අන්තිමේට එක එකාගේ අම්මලා තාත්තලගේ ජොබ් වලටත් අපහස කරගෙන එක එකාලගේ අම්මලත් මතක් කරගෙන මේ ප්‍රශ්ණය ලොකු යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබුනා.ඒ අස්සේ එකෙක් කියනවා

"අඩෝ..අඩෝ..අහපංකො අහපංකෝ.. ලෝකේ තියන හොදම ජොබ් එක තමයි අපේ තාත්තා කරන්නේ කියලා"

කොල්ලෝ ඔක්කොම ඒ කොල්ල දිහාවට හැරුනා."අහ්හ් සිරවටම...අහ් කියපන් බලන්න උබලගේ තාත්තා කරන ජොබ් එක..කොල්ලෝ පුදුමයෙන් වගෙ බලාගෙන හිටියා"

"මචන් මොන ඩිග්‍රියවත් ඔනේ නෑ බන් ඒ ජොබ් එකට...දවසෙම ෆී මචන්"

"හරි හරි මචන් කියපන්කෝ ජොබ් එක මොකක්ද කියලා" මම ඇහුවා

"වෝටර් බෝඩ් එක වැඩ කරන එක බන්"

මට ටිකක් පුදුම හිතුනා ඒ වගේ ජොබ් එකක් කරන එක ලෝකේ හොදම ජොබ් එක වෙන්නේ කොහොමද කියලා මම ඇහුවා "ඇයි බන් ඒ"

"යකෝ අපේ අම්ම උදේට බත් එක බැදල දුන්නම ඒක කාල ටැප් රූම් එක නිදා ගන්න එක තමයි අපේ තාත්තාගේ ජොබ් එක"

 මට ඒ කතාව තාම තෙරුනේ නෑ නමුත් ඒ කොල්ලා නම් හරිම සරල විදිහට තමයි ඒ කතාව කිව්වේ.

"මචන් මට ඒ කතාව තෙරුනේ නෑ බන්" මම එහෙම ඇහුවම ඒ කොල්ලගේ උත්තරේ උනේ

"ඇයි බන් බූරුවෝ..අපේ තාත්තා තමයි වතුර ලයින් වල වතුර එනවද කියල බලන්නේ.ඉතින් තාත්තට තියෙන්නෙ ඒකේ තියන ටැප් ඇරලද කියලා බලන එක ඉතින් මේ ලගදි ගෙදරින් බූරු ඇදකුත් දා ගත්තා දැන් තියෙන්නෙ කාලා නිදාගෙන ඉන්න එක තමයි.ලොක්කෝ මචන් එන්නේ මාස 3කට සැරයක් එදාට නම් බූරු ඇද අකුලලා තියනවා.නැත්නම් බුල කෙලින එක මාට්‍ටු වෙනවනේ.ඔ‍ෆිස් එකෙ උන් උඩ ටැංකියේ රූම් එකට් එන්නේ නෑනේ එක නිසා තාත්තට කිසිම ගානක් නෑ.දිවාරාත්‍රි සේවය නිසා පඩිත් වැඩී බන්.ඉතින් අපේ තාත්තා නම් කරන්නේ දිවා රාත්‍රි නිදා ගන්න එක තමයි "



අපේ කොල්ලෝ ඔක්කෝම පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.කොටින්ම කිව්වොත් මටත් කට උත්තර නෑ

"මොකෝ සද්දයක් නෑත්තේ හරි කියපන් බලන්න එක නෙවෙයිද ලෝකේ වටිනාම නිදහස්ම හොදම ජොබ් එක"

ඒ විදිහට ඒ කොල්ලා අහනකොට මටවත් වටෙ හිටිය කොල්ලොන්ටවත් කියා ගන්න කිසිම වචනයක් වත් ඉතුරු උනේ නෑ.

1 comment:

  1. මරේ මරු මචං,,,,,, කොල්ලෙක්ගෙ මේ වගේ ආතල් දේකට අපි බොක්කෙන් සප් එක හොදේ

    ReplyDelete