Wednesday, May 30, 2012

නියම පොරක් කතාවට සෙට් වුනේමි



මම වැල්ලවාය බස් එකේ තනි වෙලා ටික වෙලාවක් යනකොට මම කොන්දොස්තර අයියාගෙන් ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා.මේකා ගත් කටටම කිව්වේ මල්ලි 3.40 ට යනවා කියලා.මගේ මූන ඇබුල් උනා.දැන් වෙලාව 3.20 යි.

කමක් නැ ඉතින් මම  බස් එකේ ඉදගෙන කඩෙන් ගෙනාපු මාලු පාන් එකක් කන්න ගන්නකොටම බස් එකට 16 ක් 18 අතර කොල්ලා කාලේ පසුවන කොල්ලෙක් බස් එකට ගොඩ උනා.
නමුත් පොර අනිත් අයට වඩා වෙනස් මගේ ඉස්සරහා ශීට් එකේ පොර ඉදගෙන ඉන්නවා.අනිත් අයට වඩා ටිකක් වෙනස් කොල්ලෙක්.මට හිතුනා ටිකක් පොරත් එක්ක යාලුවෙලා කතා කරන්න.උබලා දන්නවනේ මම යාලුවන් ඇති කරගන්න ගොඩක් ආස ඩයල් එකක් කියලා.

පොර ඉන්න ශීට් එකේ පැත්තක ඉදගෙන මම හිනා උනා.පොරත් මට නිහතමානි විදිහට හිනා උනා.පස්සේ පොර කතා කරලා "සමාවෙන්න මගේ කිහිලි කරුව අරන්දෙන්න පුලුවන්ද කියල ඇහුවා"

දැන් ඔයාලට තෙරෙනවද ඒ කොල්ලා කව්ද කියලා දැන් ඔයාලට තේරෙනවද පොර කව්ද කියල පොර ආබාධිතයෙක්.

මම ටිකක් කතාවට සෙට් උනා පොරත් එක්ක.මම ශේප් එකේ ඇහුවා මොකෝ බන් උබේ කකුලට උනේ කියලා.එකා නිහතමානි විදිහට මම දිහා බලලා මචන් මට දෙවියෝ කකුල් දෙකක් දෙන්න අමතක කරලා බන්.මොනවා උනත් මගේ හිතට ආපු දුක මේක කියවන උබලට පැහැදිලි කරන්න අමාරුයි.මම ඇහුවා "උබ කොහේ යන ගමන්ද?" කියලා මචන් අපේ අම්මා මුනගැහෙන්න යනව බන් කියලා පොර සන්සුන්ව කිව්වා.

උබ මොනාද කරන්නේ බන් මම එහම අහනකොට පොර නම් කිව්වේ "මචන් මම සපත්තු හදනවා කියලා"

මගේ හිත යටින් අනේ හපොයි කියලා කියවුනා.මම ගෙනාපු කෑම පාර්සලයත් අරගෙනපොරට දීලා මචන් මම කඩේකින් කාල ඉන්නේ උබ මේ බත් එක කාපන් කියලා බත් එක පොරට දුන්නා.පොර මට අහින්සක විදිහට හිනා වෙලා කිව්වේ බය වෙන්න එපා මචන් මට කකුල් නැති උනාට මට දෙවියෝ අත් 2 දීල තියන්වා.එක නිසා මම හම්බ කරනවා.ඒක නිසා මට අනුකම්පා කරන්න එපා.

මචන් කොහොමද ඒ පොරගේ හිතේ තියන ශක්තිය.මම දැකපු අමරනීය චරිතයක් තමයි ඒ කොල්ලා.මම ගොඩක් සතුටු උනා ඒ වගේ කොල්ලෙක් මට මුන ගැහුන එක ගැන.

ආදර ප්‍රශ්න නිසා,හිත් රිදවීම නිසා දිවි නසා ගන්න රටක මේ වගේ කොල්ලෝ රටට වාසනාවක්.මම කවදා හරි ලොකු මිනිහෙක් උනොත් ආබධිතයන් වෙනුන්වෙන් ලොකු සේවයක් කරනවා

2 comments: