Thursday, June 21, 2012

එක වෙලාවකට යාලුවොත් එපා


අනේ මන්දා යාලුවෝ වැඩි වෙනකොටත් එපා වෙනවා.මම කිව්වේ මේක කියවන ඔයාලටවත් මගේ ඉස්කොලේ,පංති යාලුවන්ටවත් නෙවෙයි.මට යාලුවෝ වැඩි වෙන එක ගැන ගොඩක් සතු‍ටුයි.ඒත් සමහර වෙලාවල් වලදි නම් මට යාලුවෝ එක්ක ඉන්න එපා වෙනවා.මේ සිද්දියත් එහෙම එකක්.ඔන්න ඉතින් දැන් සති 2 කට කලින් අපේ අපේ නගරයේ තොරනක් තිබුනා මමත් ජැන්ඩිපහට ඇදලා ගියා තොරණ බලන්න.මොනා උනත් පට්ට තොරණ.මට හැබැයි මතක නෑ ජාතකය මොකක්ද ඒ තොරනේ ගහල තිබුන කියලා ඒත්.මට මතකයි තොරනේ ලොකුවටම ජාතකය කෙසේ වෙතත් එක්සත් සුබ සාධක සංගමය කියල නම් ගහල තිබුන වග.ඉතින් අපේ කොල්ලෝ නම් කියන්නේ ඕකට සුබ සාධක තොරන කියලා.ඔන්න ඉතින් මමත් මගේ මිත්‍රයා මදුශාන් එක්ක  තොරන බලන්න යන්න සෙට් උනා.අම්මා ගෙන් නම් හම්බුනේ රුපියල් 40 යි.එකත් ඉල්ලගත්තේ ලොකු ලෝන් එකක් ගැහුවා වගේ.අනේ මන්දා මට කියන්නත් ලැජ්ජයි මට අම්ම දුන්න ගතමනාව.අවුරුදු 18 ක තරුණයෙක්ට රුපියල් 40 ඇතිද ඉතින්.මොනා කරන්නද මම හම්බකරනවා නෙවෙයිනේ.හැබැයි මම කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට මම මගේ පුතාට පොකට් මනි වලට 40ට වඩා දෙනවා.අනේ මන්දා මොනා කරන්නද ඉතින් මම කලින් දවසෙත් රුපියල් 500ක් නැති කර ගත්තනේ ඒක නිසා අම්මට තරහ ගිහින් මට 40ක් දුන්නද දන්නේ නෑ නේ.හ්ම්ම් මම ශේප් එකේ මගේ මේසේ ලාච්චුවේ හදිස්සියට කියල මම එකතු කරපු රුපියල් 300ත් අරගෙන මම යන්න සෙට් උනා මගේ මිත්‍රයා මදුශාන් එක්ක.ඔන්න ඉතින් අපි මග දිගට කතා කර කර යනකොට මගදි  පැනි මොටයි කඩයකින් මොටයි ටිකක් ගත්තා ටිකක් කිව්වට ගාන නම් ගොඩක් සැරයි.රුපියල් 80ක් ගියා මොටයි පැකට් 2කට ඉතින් ඔක අරගෙන තත්පර 10ක්වත් ගියේ නෑ.

"ආ..සංජුවයි මදුවයි අපිට හොරෙන්ම කාපන් කෝ අවුලක් නෑ"

අනේ දෙයියනේ විපතක මහත මම කන්න ගත්ත මොටයි මල්ල දෙන්න උනා අපේ යාලුවෝ සෙට් එකට.ඔන්න ඉතින් මම ඒක දීලා හිත හදා ගත්තා.මොකද දන්නවාද මගේ මිත්‍ර මදුශාන්ගේ මොටයි මල්ලට මට පුලුවන් නේ වැඩේ දෙන්න.අනේ මන්දා මේ හරකත් මොටයි මල්ල පරිත්‍යාග කරල නේ.දැන් ඉතින් මොනා කරන්නද මමයි මදුශානුයි අයෙත් කොල්ලෝ ටික ශෙප් වෙනකම් ඉදලා වඩේ ගන්න කඩෙට ගියා.අනේ මන්දා ඒ වෙලාවේ අපේ කොල්ලෝ කඩේ අස්සේ.දැන් මොනා කරන්නද ඉදල ඉවරයි.ආයෙත් මුංන් "ආ...මචන් ගනින් ගනින් අපිටත් එක්ක වඩේ" දැන් ඉතින් අපිට වඩේ කන්න උනේ නෑ උන්ට දෙන්න උනා වඩේ ටිකත්.කමක් නෑ බලුකපු‍ටු දානයක් කියලා හිත හදාගෙන මම ආයෙත් සෙට් උනා අයිස් ක්‍රීම් එකක් ගන්න මගේ යාලුවත් එක්ක.අනේ ඒ වෙලාවේ එක කකා ඉන්නකොට මාර සීන් එකක් නේ උනේ.අපේ ටිව්ශන් පංතියේ කොල්ලෙක් මාව දැකලා "අඩො...මචන්" කියල පිටිපස්සෙන් තල්ලු කරා නේ.විපතක මහත කියන්නේ තව පොඩ්ඩෙන් මම හොස්පිටල් යන්න වෙනවා මට.වෙන මොකටවත් නෙවෙයි අයිස් ක්‍රීම් එක නහය අස්සට ගිහින්.මොනා නැතත් ගැහැනු ලමයි එහෙම නම් බඩ පැලෙන්න හිනා උනා ඒ සීන් එකට නම් මොකද දන්නවාද අර පොර මාව තල්ලු කරපු වෙලාවේ මගේ මුනෙන් එකයි අයිස් ක්‍රීම් එක.මොනා උනත් මට වෙන්න චාටර්මයි කියල හිත හදා ගත්තා.