Wednesday, May 30, 2012

නියම පොරක් කතාවට සෙට් වුනේමි



මම වැල්ලවාය බස් එකේ තනි වෙලා ටික වෙලාවක් යනකොට මම කොන්දොස්තර අයියාගෙන් ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා.මේකා ගත් කටටම කිව්වේ මල්ලි 3.40 ට යනවා කියලා.මගේ මූන ඇබුල් උනා.දැන් වෙලාව 3.20 යි.

කමක් නැ ඉතින් මම  බස් එකේ ඉදගෙන කඩෙන් ගෙනාපු මාලු පාන් එකක් කන්න ගන්නකොටම බස් එකට 16 ක් 18 අතර කොල්ලා කාලේ පසුවන කොල්ලෙක් බස් එකට ගොඩ උනා.
නමුත් පොර අනිත් අයට වඩා වෙනස් මගේ ඉස්සරහා ශීට් එකේ පොර ඉදගෙන ඉන්නවා.අනිත් අයට වඩා ටිකක් වෙනස් කොල්ලෙක්.මට හිතුනා ටිකක් පොරත් එක්ක යාලුවෙලා කතා කරන්න.උබලා දන්නවනේ මම යාලුවන් ඇති කරගන්න ගොඩක් ආස ඩයල් එකක් කියලා.

පොර ඉන්න ශීට් එකේ පැත්තක ඉදගෙන මම හිනා උනා.පොරත් මට නිහතමානි විදිහට හිනා උනා.පස්සේ පොර කතා කරලා "සමාවෙන්න මගේ කිහිලි කරුව අරන්දෙන්න පුලුවන්ද කියල ඇහුවා"

දැන් ඔයාලට තෙරෙනවද ඒ කොල්ලා කව්ද කියලා දැන් ඔයාලට තේරෙනවද පොර කව්ද කියල පොර ආබාධිතයෙක්.

මම ටිකක් කතාවට සෙට් උනා පොරත් එක්ක.මම ශේප් එකේ ඇහුවා මොකෝ බන් උබේ කකුලට උනේ කියලා.එකා නිහතමානි විදිහට මම දිහා බලලා මචන් මට දෙවියෝ කකුල් දෙකක් දෙන්න අමතක කරලා බන්.මොනවා උනත් මගේ හිතට ආපු දුක මේක කියවන උබලට පැහැදිලි කරන්න අමාරුයි.මම ඇහුවා "උබ කොහේ යන ගමන්ද?" කියලා මචන් අපේ අම්මා මුනගැහෙන්න යනව බන් කියලා පොර සන්සුන්ව කිව්වා.

උබ මොනාද කරන්නේ බන් මම එහම අහනකොට පොර නම් කිව්වේ "මචන් මම සපත්තු හදනවා කියලා"

මගේ හිත යටින් අනේ හපොයි කියලා කියවුනා.මම ගෙනාපු කෑම පාර්සලයත් අරගෙනපොරට දීලා මචන් මම කඩේකින් කාල ඉන්නේ උබ මේ බත් එක කාපන් කියලා බත් එක පොරට දුන්නා.පොර මට අහින්සක විදිහට හිනා වෙලා කිව්වේ බය වෙන්න එපා මචන් මට කකුල් නැති උනාට මට දෙවියෝ අත් 2 දීල තියන්වා.එක නිසා මම හම්බ කරනවා.ඒක නිසා මට අනුකම්පා කරන්න එපා.

මචන් කොහොමද ඒ පොරගේ හිතේ තියන ශක්තිය.මම දැකපු අමරනීය චරිතයක් තමයි ඒ කොල්ලා.මම ගොඩක් සතුටු උනා ඒ වගේ කොල්ලෙක් මට මුන ගැහුන එක ගැන.

ආදර ප්‍රශ්න නිසා,හිත් රිදවීම නිසා දිවි නසා ගන්න රටක මේ වගේ කොල්ලෝ රටට වාසනාවක්.මම කවදා හරි ලොකු මිනිහෙක් උනොත් ආබධිතයන් වෙනුන්වෙන් ලොකු සේවයක් කරනවා

Tuesday, May 29, 2012

ෆෝන් පාවිච්චි කරන්නේ පරිස්සමෙන්

මට හිතුනා මගෙ බ්ලොග් එක බලන උබලත් මෙකෙන් දැනුවත් කරන්න ඕනෙයි කියලා මෙන්න මේ සීන් එක ප්‍රවෘති වල දානකොට නම් මම හිටියේ නිදාගේන අව්ලක් නැ මම තොරතුරු හොයලා බැලුවා.මේ තොරතුරු ටික නම් හොයා ගත්තේ ෆේස් බුක් එකේ "මුදුන" ෆෑන් පිටුවෙන්




ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.

විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.



විඩියෝ එකත් හොයා ගත්තා පොඩ්ඩක් බලලා ඉන්න



අපිත් පුලුවන් උදව්වක් කරමු

මචන්ලා මම මේක කොපි කර ගත්තේ ලොවෙත් නෑ ගෘප් එකෙන්.මේක පොස්ට් කරපු ඇඩ්මින් පොරවල්ලට ගොඩක් පින්.මමත් පුලුවන් විදිහට උදව් කරන්න තීරනය කරා.මේක කියවන උබලත් උදව් කරන්න ඒ අසරණ කොල්ලට.හරියට හිතල බලන්න උබටත් ඔහොම උනොත් කොහොමද කියල්ලා.වැඩි කතා ඔනේ නැ කතාව කියවිපියව්



පුංචි දරුවෙක් ලොරියක් ඇතුළේ නිදා ඉන්නවා. වටපිටාවේ ඉන්න හැමෝම ඒ වටා පිරිලා ඔහු දිහා බලා ඉන්නවා. හැමෝගේම මුහුණුවල තිබෙන්නේ දුක, කනගාටුව. “පව්” සමහරු එහෙම කියන ගමන් දරුවගේ අම්මා අතට පුංචි පුංචි මුදල් නෝට්ටු තියනවා. මේ පින්තූරය දිහා බලන්න. අපි මුලින් අදහස් කළ ආකාරයට ඔයගොල්ලන්ගේ හදවත්වලටත් එවැනි හැඟීමක් පහල නොවුණත් පුදුමයි.

මේ පුංචි පුතාගේ නම තරිඳු ශ්‍රීමාල්. වයස අවුරුදු තුනක් විතර වෙනවා. තඹුත්තේගම, තෝන්වැව ප්‍රදේශයේ තමයි ඔහු අම්මා, තාත්තා එක්ක ජීවත් වෙන්නේ. තාත්තා දුප්පත් ගොවියෙක්. හැබැයි වැඩ කරන්නේ තමන්ගේ කුඹුරුවල නමෛයි. අනුන් ළඟ. අම්මා ලීලාවතී. ඇය දියවැඩියා රෝගයෙන් කලක සිට පීඩා විඳිනවා. ඒත් එහෙම කියලා දරුවාගේ වැඩ කටයුතු නොකර ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වුණු වෙලාවේ ඉඳලා මල මුත්‍රා ටික සුද්ධ පවිත්‍ර කරන වැඩ ටිකේ ඉඳලා හැම දෙයක්ම තරිඳු පුතා වෙනුවෙන් කරනවා.
“මට වැඩි කාලයක් මෙහෙම වැඩ කරන්න බැරිවෙයි මහත්තයා. ඒක නිසා තමයි දරුවගේ ඔපරේෂන් එක ඉක්මනින් කරගන්න බලන්නේ. දැන් මට සවි ශක්තිය නැහැ.”

“ඒත් පුතාගේ වැඩ ටික කරනවා. මටත් ආසයි මහත්තයෝ මගේ පුතා නැගිටලා ‘අම්මේ’, ‘තාත්තේ’ කියලා කතා කරලා හිනාවෙනවා බලන්න. ඒත් මට ඒ වාසනාව නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.” ඔබ කල්පනා කරයි මේ දරුවා මුහුණ දීලා ඉන්න රෝගී තත්ත්වය මොකක්ද කියලා. තරිඳු පුතා උපතින් නිරෝගි දරුවෙක්. ඒත් මාස කීපයකින් ඔහු රෝගී වෙන්න පටන් ගත්තා. මුලදීම ඇති වුණේ හිස තරමක් විතර විශාල වෙන්න පටන් ගැනීම. ඉන් පස්සේ දවසින් දවස ඒ වෙනස හැමෝටම දැනෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. “අපි දරුවව අරගෙන අනුරාධපුර රෝහලට ගියා. එතැනින් කොළඹ එව්වා. අවසානයේදී දැනගත්තා දරුවගේ හිසේ වතුර පිරෙනවා කියලා.”

මේ කාලයේදී තරිඳු වෙනුවෙන් ශල්‍යකර්මයකුත් සිදුවුණා. ඒ ශල්‍යකර්මය සිදුකළේ අවහිර වී තිබුණු නහරයක් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ ඇතිව. ශල්‍යකර්මය සිදුකළේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහත්තයා. එතුමා කිව්වා අම්මේ මේ ශල්‍යකර්මය අසාර්ථක වුණොත් තවත් එක් ශල්‍යකර්මයකට යන්න වෙනවා. ඒක ටිකක් බැරෑරුම් එකක්. හැබැයි සාර්ථක වෙයි. එදාට දරුවා සාමාන්‍ය තත්ත්වයට ඒවි කියලා.”
“ඇත්තටම දොස්තර මහත්තයා කිව්වා වගේ පළමු එක සාර්ථක වුණේ නැහැ. ටික දවසකින් ආපහු දරුවා තුළ පරණ විදිහේ ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා.”

ලීලාවතීලා දැන් සූදානම් වෙන්නේ ඊළඟ සැත්කමට යන්නයි. නමුත් ගැටලුව මුදල්. ඊට ලක්ෂ 10ක වගේ මුදලක් වුවමනා වෙනවා. “මේ සැත්කම සිදුකරන්නේ කොළඹ පෞද්ගලික රෝහලක. ඒ වගේම දරුවාට බද්ධ කරන වෑල් පවා හුඟක් මිලෙන් අධිකයි. ඉතින් ඒ නිසා තමයි මෙපමණ මුදලක් වැය වෙන්නේ.” මේ වෙද්දි ලීලාවතීලා සතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයක වගේ මුදලක්. ඔවුන් තව රුපියල් ලක්ෂ 9ක් සොයාගත යුතුයි.
“දුප්පත් අපිට ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක්. එහෙව් එකේ ලක්ෂ 10ක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද මහත්තයා. ඒත් අපි මේ උත්සාහය අත් හරින්නේ නැහැ.” තරිඳුගේ දෙමාපියන් හා දුප්පත් ඥාතීන් මේ වෙද්දි හැම තැනම ඇවිදිනවා. දන්න දන්න හිතවතුන් ළඟට යනවා. ඒ යන්නේ තරිඳුවත් එක්කාසු කරගෙනයි.

“මට නින්දක් නැහැ. තරිඳුගේ තාත්තා කුලී වැඩට ගියාම මම ගෙදර මේ දරුවා එක්ක කඳුළු හලමින් ජීවත් වෙනවා. අවුරුදු තුනක් වුණත් තවම අම්මේ, තාත්තේ කියලා විතරයි හරියට කතා කරන්නේ. ඔළුව උස්සලා බලන්න බැහැ. සමහර වෙලාවට එයා වේදනාව ඉවසා ගන්න බැරිව අත් දෙකින් මුහුණ පවා තුවාල කරගන්නවා. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි පාරට බැස්සේ මහත්තයා” ලීලාවතී ඇඬූ කඳුළින් කිව්වා. ඔබට පුළුවන් මේ දරුවා යථා තත්ත්වයට පත්කරන ශල්‍යකර්මයට උදව් වෙන්න. අපි බොහොම දයාබරව ඒක මතක් කරනවා.

ඔවුන්ගේ ගිණුම් විස්තර: හේරත් මුදියන්සේලාගේ ලීලාවතී
219-2-001-5-8357740 මහජන බැංකුව, තඹුත්තේගම.
දුරකතනය: 071-0913296

Monday, May 28, 2012

අපි තොරනක් හැදුවෙමු


මොනා උනත් මට නම් හිතෙන්නේ අපේ කොල්ලෝ තරම් සමාජ සේවයේ යෙදෙන කොල්ලෝ ටිකක් මේ මුලු බුත්තලම හෙව්වත් හම්බවෙන්නේ නැ කියන එක තමයි.අපි 9 වසරේ දි හැදුවා පන්සලේ තොරණක් මොනා උනත් අපි පට්ට විදිහටම හැදුවා.මට මතකයි මගේ යාලුවෙක් තොරන හදන්න ගිහින් හොදටම කරන්ටෙක වද්ද ගත්ත විදිහ මොනා උනත් ඒ දවස් මතක් වෙනකොට නම් මාර විදිහට ආස හිතෙනවා.පස්සේ අර තොරන්වල තියන ෆ්ලැෂ් කොටේ නිසා තොරනේ තියන එක එක බල්බ් ගැහෙනවා.අනේ මන්දා මට හිතා ගන්නත් බැ උන දේට මොනා උනත් තොරනක් හදනකොට අමතර කියල බල්බ් තියෙන්න ඔනේ නේ.එහෙම කියල එක බල්බ් එකක් වත් අපේ ගොන් හරක් තියලත් නැ.උන්ට බැනලා වැඩක් නෑ.අපි තාම පොඩි ලමයි නේ.ඔය වගේ අත්දැකීමට කාටවත්  අපිට හමු වෙලා නෑනේ.
කමක් නැ.කොල්ලො ටික කතා උන අපි ගෙදරින් බල්බ් 3 ගානේ වත් ගේමු කියලා.ඒ යෝජනාව දැම්මේ අපේ පංතියේ කසුන්.

ආ කසුන් කියන්නේ මගේ හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක්.පොර හොද මීටරයක් ඉස්කොලේ ගාවම තමයි ගෙදරත් තියෙන්නේ.

කොල්ලො ඔක්කොම ගෙදර ගියා බල්බ් ගේන්න.ඔන්න ඉතින් මමත් ගෙදර ගියා.පොසොන් පෝය දවසේ.මම අම්මට කිව්වා අම්මා බල්බ් 3ක් ඕනේ අපෙ තොරනේ බල්බ් ගැහිලා අම්මා කිව්වා එහෙනම් කඩෙන් අරන් එන්න මම සල්ලි දෙන්නම්.ගෙදර බල්බ් නම් හරියටම තමයි තියෙන්නේ කියලා.
මම පටස් ගාලා ටව්න් එකට දුවල්ලා ගියා

අනේ කරුමෙක මහත එක කඩයක් වත් ඇරලා නෑ.දැන් ඉතින් මොකද කරන්නේ කියල කල්පනා කර කර ඉන්නකොට.මගෙ ටිකිරි මොලේට පොඩි අදහසක් ආවා.හොද වෙලාවට අපේ අප්පච්චි ගෙදර එදා හිටියේ නෑ.මම ශෙප් එකේ මැද සාලෙට ගිහින් එකේ තියන බල්බ් එක ගැලෙව්වා.පස්සේ
මම මගෙ කාමරේ බල්බ් එකත් ගැලෙව්වා.දැන් බල්බ් 2ක් තියන්වා.තව එකක් ගලවන්න ගියොත් වැඩේ මාට්ටු වෙයි කියල හිතලා එහා ගෙදර ඇන්ටිලාගේ ගෙදර වත්තේ තිබුන බල්බ් එකත් ගැලෙව්වා.

මොනා උනත් ඒ මාසෙම ඇන්ටිලා ගමේ ගිහින් තිබුනා.එක නිසා අව්ලක් තිබුනේ නැ.දැන් මම පටස් ගාල ගියේ තොරන හදන තැනට තමයි.හවස් වෙනකොට අම්ම ලයිට් දාන්න හදනකොට තමයි වැඩේ මාට්ටු වෙන්නේ.කමක් නෑ.මම බල්බ් අරන් ඇවිල්ලා තොරන හරියට යනකොට අපේ
කොල්ලොත් බල්බ් අරන් ඇවිල්ල තිබුනා.මම ශේප් එකේ කොල්ලොන්ගෙන් ඇහුවා "මචන්,උබල කොහොමද බල්බ් ගත්තේ කියලා" එකෙක් කිව්වා මම නම් ටව්න් එකෙන් ගත්තේ කිව්වා.මට මාර පුදුමයි අනේ මම ටව්න් ගියා එක කඩයක් ඇරලා නෑ.එත් මේකා ටව්න් එකෙන් බල්බ් එකක් අරගෙන
 ගොඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්.කමක් නෑ.මම අනිත් අයගෙනුත් ඇහුවා "උබල කොහොමද බල්බ් ගත්තෙ?" කියල
උනුත් මම වගේ තමයි ගෙදරින් උස්සලා බල්බ් ටික.කමක් නැ මොනා උනත් වැඩේ ගොඩම තමයි.තොරන නියමටම වැඩ කරනවා.ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියන්වා. අර කොල්ලා ටව්න් එකේන් බල්බ් ගත්තේ කොහොමද? මම ආයෙත් පොර ලගට ගියා ගිහින් ඇහුවා

 "කොහොමද මචන් උබ බල්බ් ගත්තේ" කියලා.පොර කිව්වා මෙකයි මචන් මම කරේ මම බල්බ් කඩෙට ගියා කඩේ වහල නමුත් මම කඩේ ඉස්සරහ බල්බ් වැලෙන් බල්බ් 3ක් ගලවලා කොලයක ගලවපු බල්බ් 3ට සල්ලි මෙන්න කියල ගහලා රුපියල් 160 කොලෙටම අලවලා හෝල්ඩයේ අස්සේ ගැහුවා කිව්වා.ඔන්න ඔය විදිහට තමයි අපි තොරන් හැදුවේ

තොරන හදලා පෙන්නලා එක අස්කරන දවසේ මට අපේ ගෙවල පැත්තේ සර් කෙනෙක් ගේ පංතියක් තිබුනා.ඒක නිසා එන්න උනේ නෑ මටත් තොරන අස් කරන්න අනෙ මම අවිල්ලා බැලිනම් තොරන අස්කරලා මම ඇහුවා අපෙ කොල්ලොන්ගෙන් මචන් මගේ බල්බ් ටික කෝ කියල.මුන් ගත් කටටම කිව්වේ උබේ බල්බ් තියා අපෙ බල්බ් වත් අපිට නෑ කියල බල්බ් මාරු වෙලා.මගෙ බල්බ් ටික නැති වෙලා.

ඉදල ඉවරයි.

කමක් නැ මම දැන් ගෙදරින් ශේප් වෙන්න පුලුවන් අල්ලපු ගෙදර නැනන්දා තමයි කේස් එක ෆයිල් කරොත් කරන එකම එක්කේනා මගේ අතේ ඉතුරු වෙලා තිබුනා රුපියල් 100ක් මම ශේප් එකේ අර කොල්ලා කරපු වැඩේම අල්ලපු ගෙදර නැන්දටත් කරල තිබුනා.ඇන්ටි බල්බ් එක ඉස්සුවාට සමා වෙන්න මෙන්න සල්ලි තියනවා මෙකෙන් තරහ නැතුව තව බල්බ් එකක් ගන්න.ඇන්ටිට ගොඩක් පින්.මම දැන්  ඉන්නේ 12 වසරේ තාම ඇන්ටිට මතකයි ඒ බල්බ් හොරකම.වැඩේ කරේ මම කියල දන්නේ නැ ඇන්ටි

ලොවෙත් නැති චාටරයක් කාපු දවසක්


හැමදාම වගේ මොන වැඩේ කරත් චාටර්ම වැඩේ වෙන්නේ මටම තමයි.මම 11 වසරදි ටිකක් අන්ඩයා.ඔය කිව්වට අපේ පංතියේ හැම එකාම එහෙමයි.අපිට සිංහල උගන්න හිටියා නියම සර් කෙනෙක්.හරියට ඇට සැකිල්ල වගේ.හරිම කෙට්ටුයි. හැමදාම මොන දේ කරන්න ගියත් අල්ලගන්නේ මාවම තමයි ඒ සර් අල්ල ගන්නේ.මොනා උනත් සර් අපේ පංතියේ කෙල්ලොන්ට නම් මෙල්ල වෙනවා.

ඒක අපේ කොල්ලොන්ට හොදටම තේරුනේ අපේ පංතියේ ඉන්නවා අකිල කියලා මගේ යාලුවෙක්.මොනා නැතත් පොර ක්‍රීඩා වලට නම් නියමටම දක්ශයි.ඉතින් අපි 11 වසරේ දි අපේ ඉස්කෝලේ තමයි කලාප තරග තිබුනේ.ඉතින් වෙන ඉස්කෝල වලින් කෙල්ලො,කොල්ලෝ ජැන්ඩි පහට බැහැලා හිටියා.අකිලත් එදා සෙල්ලම් කරනවා.පොර ඉන්නේ මීටර් 100 දුවන්න.අපිට ඒ වෙලාවේ සිංහල සර් ගේ පීරියඩ් එක දැන් අපි පන්තියේ. අපේ කොල්ලෙක් මීටර් 100 දුවනවා.අපිට බලාගෙන ඉන්න බැ මොනා උනත් අකිල අපේ කොල්ලෙක් නේ.අපේ පන්තියේ කොල්ලො ටික කතා කරලා "සර් අපේ අකිල රේස් දුවනවා අපි ටිකක් බලලා එන්නද?" කියලා ඇහුවා.අනේ කරුමෙක මහත ගත් කටටම සර් "බෑ එහෙම තොපිට යන්න දෙන්නේ නෑ මගේ පීරියඩ් එකේ"කියලා සර් කිව්වා.

අනේ මන්දා මට ඒ වෙලාවේ එපා වෙලා තිබුනේ මුලු සිංහල විෂයම.කමක් නැ අපි කටවහගෙන හිටියා.පස්සේ අපේ පංතියේ කෙල්ලොන්ට අපි කිව්වා "උබලා සර්ටම කියලා බලපන් කියලා" මොනා උනත් අපේ පංන්තියේ කෙල්ලෝ ඔනෙම වෙලාවක අපිට ෆුල් සපොට් එක දෙනවා.අනේ...සර්.පව්නේ....අකිල..අපි ටිකක් බලලා එන්නම්කෝ...අනේ සර් කියල තත්පරයක් නැ.හරි හරි එහෙනම් ගිහින් බලලා එන්නකෝ කිව්වා.අපි දැන ගත්තේ එදා තමයි අපෙ  සර් නියම පැනියා කියලා.

මම ඔය කාලෙදි ටිකක් අන්ඩයා.මම ඔයාලට කලිනුත් කියල තියනවනේ.අපි එක පාරක් පංතියේ ගුරුවරු නැති වෙලාවේ චූට් ආතල් බජව්වක් දැම්මා.අනේ කරුමෙක මහත අපි බජව්වේ ගන්න අතල් ඔක්කොම සර් එහා පැත්තෙන් බලාගෙන ඉදලනේ.ඒ වේලාවේ සර්ගේ අතට අහුවුනේ කොස්ස අනේ අපේ කොල්ලො
 සෙට් එකම ලොවෙත් නැති වෙන්න ගුටි කෑවා කොස්සෙන්.මොනා උනත් වැඩේ චාටර්.කමක් නෑ අර මොකෙක්ද එකෙක් කියල තියනවනේ

 "ගුරුවරයා දයාවෙන් දෙන දඩුවම ඉවසන්න බැරි එකා සමාජෙන් දෙන දඩුවම බොකෙන්ම ඉවසන්න ඔනේ කියලා"

මොකා කොහොම කිව්වත් අපි කෙල්ලො ඉදිරිපිට ගුටි කෑවා.එක තමයි ගොඩක් චාටර් උන සීන් එක
අනෙ මන්ද එදා අපිට තිබුනෙ ගොඩක් තරහක්ම තමයි.අපේ කොල්ලෙක් ඉන්නවා පොර නියම චිත්‍ර කාරයා.පොරටත් මලේ මල.පොර නිකන් ඉන්න ගමන් චිත්‍ර අදිනවා.ඒ වෙලාවේ ඇන්දේ අපේ සිංහල සර්.කොස්සක් අතේ තියගෙන අපි දිහා බලන් ඉන්නවා ඇදලා අනෙක් කොල්ලට පෙන්නුවා.ඒක පොරට යට ඇදුමක් අන්දලා එහා පැත්තේ කොල්ලට යැව්වා.ඒකා රැව්ලක් දාල අනිත් එකාට යැව්වා.

ඔය විදිහට අපේ මුලු පංතියෙම කොල්ලො චිත්‍ර අලංකාර කරා.ඕක මගේ ලගට එනකොට හරියට චිත්‍රය සුපර් මැන් වගේ.යට ඇදුමක් ඇද ගත්තු කන්නඩි දාපු කසග ශරිරයක් ඇති පොරක් සුපර් මෑන් ගේ වගේ ලෝගුවක් දාගෙන කොස්සක් උඩ නැගලා කොල්ලො පස්සෙ එලවනව
ඇදල.

එක දකින හැම කෙනෙක්ටම හිනා යනවා බඩ පැලෙන්න.යටින් ගහලා Vipul-Man කියලා.මම කලින් දවසේ ඉස්කොලේ ආවා.ඔවා ඔක්කොම අමතක කරල සුපුරුදු විදිහට පන්තියේ සිංහල පීරියඩ් එකේ ඉන්නවා.මොනා උනත් මම සිංහල ගෙදර වැඩ නොවරදවාම කරනවා.මොකඩ දන්නවාද
සර් ඉස්සෙල්ලාම බලන්නේ මගේ පොත.

සර් දන්නවා මම අන්ඩයා කියලා."ඊයේ ගෙදර වැඩ කරපු අය පොත් අරන් පොත් එකතු කරල මේසේ උඩ තියන්න.මම ඒවා බලනකම් 8 වෙනි පාඩමේ කවි ටික පාඩම් කරලා තියෙන්න ඔනේ.
කවුරු හරි කැගහල අහු උනොත් මම එකගේ කන පලනවා." අපිත් සර් කියන විදිහට කරා.මොනා උනත් මම පිලිවෙලකට පොත තියන් ඉන්නේ සිංහල විශය තමයි.

දැන් සර් පොත් බලනවා අපි පාඩම කියවනවා.ටිකක් වෙලා ගියාට පස්සේ සර්ගේ මූන ඇබුල් උනා හරියට HCL අම්ලයට මැග්නීසියම් දැම්මා වගෙයි.
එකපාරම සර් නැගිටලා

"මේ පොතේ අයිතිකාරයා කව්ද?"

කොල්ලො ඔක්කම හොදටම බය වෙලා.මමත් බැලුවා සර් දිහා අනේ දෙවියනේ මේ මගේ පොත නේ.ඉදලා ඉවරයි.කොල්ලො කියනවා මචන් ඕක සංජුවගේ පොත බන්.මට මුනු මුනු සද්දේ නම් හොදට ඇහෙනවා.ආයේ සර් කැගහනවා "කන පලා ගන්න කලින් මේ පොතේ අයිතිකාරයා කවුද කියනවා..."

මොනා උනත් මම වැරද කරල නෑ නේ.මගෙ පොත තමයි ඔතනින් පිලිවෙලකට තියන එකම පොත.මම රේස්පා නැකිට්ටා.

"ආ තමුසෙගේද පොත".මමත් "ඔව් සර්" කියල කිව්වා. පෙරලුවා මුල් පිටුව.අනෙ මන්ද මට ඒ වෙලාවේ මගෙ කලිසම නැ වගේ කියල හිතුනා.මොකක් දන්නවද? සීන් එක අපි කලින් දවසේ අර චිත්‍රයක් ඇන්දේ.මම මතකද කිව්වේ අර Vipul-Man අනේ මුන් ටික එක ඇදල තියෙන්නේ මගෙ පොතේ මුල් පිටුවේ නේ.
මමත් හරක වගේ පොත බලන්නේ නැතුව බැග් එකට දැම්මා.ඔකයි ඔතන උන සීන් එක.

"මෙහෙමද මෝඩයෝ පොත් වලට සලකන්නේ"

මරණ 2 ක් මැද මිනිහෙක් පැනිත් කැවලු වගේ.මට එක කියනකොට හිනත් ටිකක් ගියා.බොහොම අමරුවෙන් මම ඒක නතර කර ගත්තා.

"ආ තමුසේ වැරදි කරල මෙතන හිනා වෙන්නත් එනවා නේද?.මොඩයා, ගහපන් මේතන දන".

අනෙ මන්දා අපේ කොල්ලෝ කරපු වැඩෙන් මම තමයි චාටර් කෑවේ.හැබෙයි මට එකක් ආඩම්බරෙන් කියන්න පුලුවන්.මම එච්චර චාටර් කෑවත්
 මම අපේ කොල්ලෝ පාවල දුන්නේ නේ.මගේ යාලුකම මම උපරිම ආරක්ශා කරා ඒ දවස් වල.

මමත් බ්ලොග් එකක් ලියමි




මගේ නම සංජය හර්ෂන.අපේ කොල්ලෝ නම් කියන්නේ ප්‍රොෆෙසර් කියල තමයි.හැබෙයි අපේ ගෙවල් පැත්තේ සෙටාර් එක නම් කියන්නේ සංජු කියලා තමයි.සමහරු එක එක ඒවා කියනවා මෝඩ සංජු,පිස්සු සංජුවා හැබැයි මට ඔනේම තැනක යාලුවො ඉන්නවා ඉස්සෙල්ලාම ටික කියවලා බැලුවම උබලට හිතෙන්න ඇති අර dialog ඇඩ් එක මේකා දානව කියලා.

උබලය කෙසේ වෙතත් ලියපු මටත් එක තේරුනා.ඕවා අමතක කරන්න.එක නෙවෙයි
අනේ මන්ද මචන්ලා මට ගොඩක් කාලෙක ඉදලා ලොකු ආසවක් තියනවා බ්ලොග් එකක් ලියන්න.
එකයි මමත් බ්ලොග් එකක් ලියන්න තීරනය කරේ.උබලා දන්නවත් ඇති මම ගැන නම්.මම ෆෙස් බූකියේ නම්
ඉන්නේ Sanjaya Harshana කියලා.ඔය ඉදලා හිටල My space,Twitter වගේ
 සමාජ ජාලත් නිකමට වගේ යනවා.හැබැයි වැඩිපුර ඉන්නේ නම් බූකියේ තමයි

 මම පදිංචි වෙලා නම් ඉන්නේ බුත්තල ටවුන් එකේම තමයි.මට මල්ලි කෙනෙක් ඉන්නවා.පොර මාර කරදර කාරයෙක්  වෙලවකට නමුත් පොර මම සැරෙන් ටෝක් කොරොත් නම් පාඩුවේ ඉන්නවා.මොනා උනත් මම ගෙදරදි නම් ගොඩක් හොද දැහැමි ජීවිතක් තමයි ගත කරන්නේ.මේක බලන උබලටම පස්සෙ තෙරෙයි මම ගෙදරින් පිට කරන පිස්සු වැඩ ගැන.

හැබෙයි මගේ ප්‍රතිපත්තියක් තියනවා අරක්කු,සිගරට් හෝ වෙනත් එක එක ජරාව බොන්නේ නැ කියලා.එක නම් ජීවිතේට කඩලා නම් නැ.

මගේ අම්මා ටීචර් කෙනෙක් වගුරුවෙල ඉස්කෝලෙ තමයි උගන්නන්නේ.ආ..මට අමතක උනා නේ.වගුරුවෙල ඉස්කොලේ කිව්වේ බුත්තල තියෙන ඉස්කෝලයක්.බෝඩ් වල නම් ගහල
 තියෙන්නේ නම් මො/වගුරුවෙල මහා විදුහල.නමුත් අපේ කොල්ලෝ ඔය ඉස්කෝලත් එක්ක පොඩ්ඩක් ඇරියස් මොනා උනත් මේ ලොකේ හොදම අම්මා ඉන්නේ මටම තමයි.ඕනේ දෙයක් අහන්න පුලුවන් අපෙ අම්මත් එක්ක.

අපේ අප්පච්චි ග්‍රාම නිලධාරිවරයෙක්.මොන උනත් අප්පච්චිට මම ගොඩක් බයයි.හැබැයි අප්පච්චි මට කවදාවත් ගහලා නැ.අප්පචි දෙන ටෝක් වලට තමයි ඇඩෙන්නේ.එක නිසා ෆුල් ශෙප් එකේ තමයි ඉන්නේ මම අප්පච්චි ඉන්නකොට ඉන්නේ..
මම දිලා තියන ගේම් අපේ අප්පච්චි දන්නවා නම් ජීවිතේට මට පුතා කියල නම් කතා කරන්නේ නෑ ශුවර්.

අපේ ආත්තම්මත් ඉන්නේ අපේ ගෙදරම තමයි.ටිකක් කන් ඇහෙනවා අඩුයි එත් මම අම්මගෙන් හරි අප්පච්චිගේන් කියක් හරි කඩා ගන්න බැරි උනොත් ඉස්සෙල්ලාම කරන්නේ අත්තමට පචයක් ඇරලා කියක් හරි නයට ඉල්ල ගන්න එක තමයි ඉතින්.මොනා උනත් මම මගේ පවුලේ අයට පනටත් වඩා අදරෙයි.මොනා නැතත් මට ඉන්නවා නියම යාලුවො සෙට් එකක් නම්.මගේ බච්චා කාලේ ඉදන්ම හොදම යාලුවො.අපි සෙට් එක තමයි හොද හොද ගේම් දෙන්නේ.

ආ..මම යන ඉස්කොලේ කිව්වේ නෑ නේද? මම යන්නේ බුත්තල පට්ටම ඉස්කොලෙට තමයි.මො/දුටුගැමුණු මහා විදුහල.සිරා කොල්ලො ඉන්නේ මේ ඉස්කොලේ විතරයි.මොනා උනත් අපේ ඉකොලේ කොල්ලෝ චාටර් නෑ.එකයි අනිත් ඉස්කොල වලින් අපේ ඉස්කොලෙට එන්නේ.මම දැන් 2013 Bio තමයි කරන්නේ.එක හින්දා ටිකක් වෙලාව කන්න අමාරුයි මොනා උනත් 2013 දි ලියන්න ඔනේ නේ exam.

එක වෙලාවකට හිතෙනවා ඉගෙන ගන්න එක තරම් අමාරු වැඩක් මේ ලොකේ කොහෙවත්ම නැ කියලා.මට එක ගොඩක්ම හිතෙන්නේ අපේ සර් ගේ ටිවුෂන් ක්ලාස් එකේදි ඩෙස් පුටු රත් වෙනකම් පැය 5-6 විතර පස්ස තියගෙන ඉන්න වෙනකොට තමයි.මම ක්ලාස් එකේ දැනට ආසම වචන ටික තමයි.අදට පන්ති ඉවරයි.අයෙත් ලබන සතියේ පන්ති තියෙනවා කියන එක තමයි.නමුත් අපේ ක්ලාස් එකේ කෙල්ලෝ ආසම නැති වචනෙත් එකම තමයි.එයාලට නම් පැය 24 ම පුටුව ගිනි ගන්නම් උනත් ඉදගෙන ඉන්න පුලුවන්.මම නම් දන්නව හේතුව නම් හැබැයි මෙක බලන උබලා මම ගැන වැරදියට නම් හිතන්න එපා.

ඔයාලා දන්නවනේ පෘශ්ඨ වර්ගඵලය අඩු තැනක හා පෘශ්ඨ වර්ගඵලය වැඩි තැනක අතර ඇති වෙනස්කම.පෘශ්ඨ වර්ගඵලය අඩු තැනක වස්තුවේ බර දරා සිටින්න අමාරුයි.එත් පෘශ්ඨ වර්ගඵලය වැඩි තැනක එක ගොඩක් දැඩිව දරා සිටිනවා.එක තමයි මේ කෙල්ලොන්ටත් වෙලා තියෙන්නේ.අපේ පස්ස පැත්තේ පෘශ්ඨ වර්ගඵලය ගොඩක් අඩුයි එක නිසා අපිට පැය 2 ක් වත් ඉදගෙන ඉන්න බැ.හැබැයි අපේ පංතියේ කෙල්ලොන්ගේ නම් ඕක ගොඩක් වෙනස්.එයලාගේ පෘශ්ඨ වර්ගඵලය ගොඩක් වැඩි.එක නිසා ඔනේම තැනක මාස 6-7 උනත් ඉදගෙන ඉන්න පුලුවන්.

කොහොමද?මගේ ටිකිරි මොලේ.


එක නිසා මේ කෙල්ලොන්ට දොස් කියල වැඩක් නෑ.මොනා උනත් exam වලින් නම් වැඩියින්
ලකුනු ගන්නේ කොල්ලොම තමයි.මේක බලන සමහර කෙල්ලො මාත් එක්ක පුපුර පුපුර ඇති.අනේ මම එයාලට කියන්නේ  "ඔවා ගනන් ගන්න එපා"මම වැඩිපුරම කිව්වේ අපෙ පංති එන කෙල්ලොන්ට.ඔයාලට නෙවෙයි හොදේ :D.