Friday, November 9, 2012

මගේ පළමු සරම


කොහොමද යාලුවනේ.ගොඩක් කාලෙකින් බ්ලොග් එක ලියන්න හිතුනා මොකද දන්නවාද අද ටිකක් මම නිදහස් මොකද අම්මා නෑ මේ වෙලාවේ

නැත්නම් ගෙදර හිටියොත් කියන්නේ "උබ කොම්පුටරේ ඇලිලා හිටපන් ස්කෝලේ වැඩක් කරන්න එපා" කියලා බනිනවා මම දන්නවා අම්මලා එහෙම කියන්නේ අපිව හොද රටට ලෝකෙට වැඩ දායක මිනිස්සු කරන්න තමයි කියලා ඒත් ඉතින් ටිකක විතර බුල  පාරක් නෙලුවට අපි හැමදාම කාල කන්නි වගේ හැසිරෙන්නේ නෑ නේ.

ඔන්න දවසක් මම ක්ලස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකත් එක්ක කතා කර කර ඉන්නකොට අපේ මාතෘකාව උනේ ඇදුම් ගැන.එක එක ඇදුම් ගැන කතා කර කර ඉද්දි.ඉතින් මම කිව්ව ඔය එක එක පැශන් සුද්දෝ උබලට ඉතුරු කරලා හිය කුනු කන්දල්  නේ කියලා.මට එක කියවුනා ජෝක් එකට

අපේ කොල්ලෝ සෙට් එකට මලේ මල.හරි උබ හරි සිංහලයනේ උබ කවදද  සරමක් ඇදගෙන තියෙන්නේ.මේ විදිහට මුන් සෙට් එකම මාව චාටර් කරන්න පටන් ගත්තා එක වෙලාවකට බලනකොට උන් කියන කතාව ඇත්ත මම ඒ වෙනකම් කවදාවත් සරමක් ඇදගේන තිබුනේ නෑ.මට ටිකක ලැජ්ජාවේ බෑ.මොනා උනත් මමත් ජෝක් එකට හරි කිව්වේ වැරදි කතාවක් තමයි තරුන කොල්ලො උනාම අනිවාර්යෙන්ම ස්ටයිල් වලට බහිනවනේ.එත් ඉතින් උන් මට කිව්ව කතාව මට හිතට ගොඩක් වද දුන්නා.
මගේ හිත කියවනවා උබ සිංහලයෙක් නෙවෙයි කියලා.

මම එදා හවස ගෙදර ගියා.ගියපු ගමන් අප්පච්චිගේ සරමක් ගත්තා ටිකක් ටෙස් කරන්න ගත්තේ.මම නිකමට වගේ රූම් එකේ දොර වහලා ඇදලා බැලුවා අව්ලක් නෑ වගේ.අර නිකන් කලිසම් වගේ නෙවෙයි සැහැල්ලු ගතියක් මට දෙනුනා
එද දවසේ මම සරම ඇදගෙන තමයි නිදා ගත්තේ.
දන්නවනෙ ඉතින් නිදිමත හැදුනම ඇදේ ටිකක් දගලන කොට මෙන්න බොලේ සරම කැඩිලා.හොද වෙලාවට මේ සීන් එක රැ උනේ දවල් නිදාගෙන හිටියොත් මාර නොන්ඩිය.වෙලාව රැ 2.00 විතර ඇති.මේ සෙල්ලම හරියන්නේ නෑ.මම කලිසමක් ඇදගන්නවා කියල හිතාගේන කලිසම් හොයනකොට කලිසම් ඔක්කොම හෝදන්න දාල වතුරට.මට දැන් මලේ මල.මොනා කරන්නද ඉතින් බැදගත්තු බෙරේ ගහන්නත් එපැයිකියල මම ආයෙත් නිදා ගන්න සෙට් උනා

අයෙත් කොහොමද හරි 3ට විතර සරම කැඩිලා ආයෙත් ඇහැරුනා.කොහොම හරි  මට නින්දක් නැ නිදා ගන්න හදනකොටම නිකන් සරම බුරුල් වගේ දැනෙනවා මම එක පාරටම ඇහැරෙනවා

මගේ නින්ද මම සරමට පූජා කරා ඒ කිව්වේ මම නිදා ගත්තේ නැ.හදිස්සියෙවත් මට නින්ද ගිහින් ඉන්නකොට කාමරේට උදෙන්ම අම්ම ආවොත් මොන දෙයියන්ට කියන්නද?

කොහොම හරි මම 5ට විතර ටිකක් නිදා ගත්තා.පස්සේ ඇහැරිලා බැලිනම් වෙලාව 7.30 ඉදල ඉවරයි වගේ මට දැනුනා.මම පටස් ගාල ලැස්ති වෙලා ඉස්කෝලේ යන්න පිටත් උනා.කොහොම හරි ඉස්කෝලෙට යනකොට උදේ 8.00 ඉස්සරහා සර් කෙනෙක් ඉන්නවා පරක්කු වෙන ලමයි අල්ලගන්න

ඒ සර්ට අහු උනොත් බඩු මාට්ටු.මොනව කරන්නද මම කලින් හොරෙන් පේර කඩලත් ඒ සර්ටමයි අහු උනේ ඉතින් ආයෙත් ඒ සර්ට අහු උනොත් (කලින් වැරැද්ද X දැන් වැරැද්ද) 2කම ගුණ කරල මාව ගෙදර යවයි.මට දැන් කර කියා ගන්න දෙයක් නැතුව අසරන වෙලා ඉන්නේ


ඕන දෙයක් කියලා මම පැන්න තාප්පෙන්.මගේ කරුමෙට තාප්පේ එහා පැත්තේ ටිකක් වල් වැවිලා ඒක ලමයි දාල අස් කරනය ප්‍රින්සිපල් සර්.දැන් මොනා කරන්නද මගෙ කරුමෙට මම පැනල තියෙන්නෙ ප්‍රින්සිපල් සර්ගේ කකුල් 2 මුලට.

"ආ තමුසේ තාප්පේන් පැන්න නේද?"


"තමුසෙල ව්ගේ අපතයෝ ඉන්නකොට මේ ඉස්කොලේ හදන්න පුලුවන්ද.හරි තමුසෙව මම ගෙදර යවනවා"

"අනේ සර් මාව ආයෙත් යවන්න එපා සර්.

ටිකක් වෙලා කල්පනා කරල බලලා

"හරි එහෙමනම් තමුසේ අද මෙතන තියෙන වල් පැල ටික උගුල්ලලා තියෙන්න ඔනේ එහෙම නැති උනොත් මම තමුසෙව අල්ලගන්නම්කො"

මම වැදල වැදල සමාව අරගෙන වල්පැල ටික ගලවලා තමයි ආයෙත් පංතියට ගියේ.ඔන්න බලන්න යාලුවනේ සරම මට කරපු හරියක්

2 comments:

  1. ඉතින් ටිකක විතර බුල පාරක් නෙලුවට අපි හැමදාම කාල කන්නි වගේ හැසිරෙන්නේ නෑ නේ//මම අහපු සිරාම ලොල් කතාව ඕකය.ටිකක් විතර කිවුවට උබ ඉතින් කෙලින්නෙම බුල නේ.
    සරමෙ කතාව නම් ‍ෙකාහොම වුනත් සිරාවටම ෆට්ටයි.උබට ඉතින් ‍වැඩි හරියක් වෙන්නෙ ඔය වගේ පොතක පතකවත් නැති වැඩනෙ.

    ReplyDelete
  2. මම හිතුවා ලැපා මල්ලි මට ඔහොම කතාවක් කියයි කියලා.මම ගොඩක් සතුටු වෙනවා පොතේ නැති එකෙක් මට කොමෙන්ට් කරප එකට්

    ReplyDelete