Thursday, June 14, 2012

දු‍ටුගැමුණුවගේ වෙනස


අම්මො එදා නම් පට්ට කම්මැලි දවසක්.මොකද දන්නවද එදා අපිට ඔක්කොම විෂයන් ටික උගන්නනවා එක වෙලාවක් වත් නිදහස් නෑ.ඔයාලා දන්නවා නේ Physics එහෙම පට්ට කම්මැලි කියලා.මොනා උනත් මට නම් පට්ට ෆන් එක තමයි ඇතිලිවැව ඉදලා එන  කෙල්ලො සෙට් එක දිහා බලගෙන ඉන්න එක තමයි අනේ මන්දා ඒ කෙල්ලො දිහා බැලුවම මොනා උනත් ලේ පිරිසිදු කර ගන්න පුලුවන් ඒකයි මම ඔය කෙල්ලො ටික දිහා බලාගෙන ඉන්නේ හැබැයි ඒ කෙල්ලො දන්නේ නැ මම බලාගෙන ඉන්නවා කියලා.මොකද දන්නවද මම ඔය කෙල්ලො දිහා බලගෙන ඉන්නේ ඒ කෙල්ලො සෙට් එක හරියට මොංගල් සෙට් එකක් වගෙයි හැබැයි පට්ට මෝටර්.මම එදත් සුපුරුදු පරිදි ඔය කෙල්ලො සෙට් එක දිහා හොරෙන් බලනවා මාත් එක්ක ඒ වෙලා වේ හිටියේ මගේ යාලුවෙක් පොරත් මම වගේම තමයි පොරයි මමයි සෙට් උනොත් ඔය කෙල්ලො දිහා බලල බඩ පැලෙන්න හිනා වෙන එක තමයි කොරේ.ඔන්න මම පලවෙනි පාර බලනකොට එක කෙල්ලෙක් ඈනුමක් අරිනවා හරියට කට ඇරපු රාක්ශයෙක් වගේ කිසිම මැනස් එකක් නැ අපිට ඕවා දකින කොට බඩ පැලෙන්න හිනා යනවා අනිත් කෙල්ල හිටගෙන කිරනවා.අපිත් බලාගේන ඉන්නවා ඒ කෙල්ල හිටගෙන නිදි කිරන විදිහ මොනා උනත් පට්ට ඔන්න දැන් විනාඩි 5කින් විතර මම ආයෙත් බැලුවා ඒ කෙල්ලෝ දිහා ඒ වෙලාවේ අර නිදි කිරන කෙල්ලගේ කටත් ඇරිලා.එක දකිනකොට මට මේක ලියන වෙලාවෙත් හිනා යනවා.මොනා උනත් පට්ට වැඩේ තමයි.පස්සේ මම ආයෙත් විනාඩි 20 කින් විතර බැලුවා ඒ වෙලාවේ මේ කෙල්ල කහිනවා.මම බැලුවා මොකද මේකි අච්චර සැප සේ නිදාගෙන ඉදලා කහින්නේ කියලා.පස්සේ බැලිනම් අර කට ඇරගෙන නිදා ගත්ත එකේ අනිසි ප්‍රතිඵල තමයි අර කෙල්ල හට ඇරපු වෙලාවේ කට අස්සට මැස්සෙක් ගිහින් මට ඒක දකිනකොට තවත් හිනා යනවා.

ඔන්න ඉතින් ඔය අතරේ පංතියට පොරක් ඇවිත් කිව්වා වේදිකා නාට්‍යක් තියනවා ටිකට් එකක් රුපියල් 100ක් වෙනවා අද හවස තමයි තියෙන්නේ ඉස්කොලෙන් එක්කන් යනවා කැමති කට්ටිය ඉන්නවා නම් ගන්න කියලා කිව්වා.මට හවස ටිකක් නිදහස් මම ඉතින් ඊලග කාලචේදය කට් කරන්න නියම වැඩේ කියල තමයි ටිකට් එකත් ගත්තේ එතකොට පුලුවන් නේ Bio කාලචේදය කට් පාරක් දාන්න.මම ඒ වේලාවේ ඕක පැනලා එකක් ගත්තා.අපේ පංතියේ තව කොල්ලො 2ක් ටිකට් ගත්තා එකෙක් තමයි අපේ කසුන් අනිත් පොර ලසිත.කසුන් නම් ගත්තේ පොර ට්‍රයි කරන කෙල්ලත් ඕක බලන්න යනවා.ලසිතයා ගත්තේ පොර වැල්ලවායේ ටව්න් එකේ තමයි ඉන්නේ ඉතින් ඔක බලන ගමන් පොරට පුලුවන් ගෙදර යන්න.එකයි ඇත්ත

පස්සෙ ඉතින් අපේ විදුහල්පති තුමායි,තව ටිචර්ලා 2 යි,විපුල සර් රුත් ගමනට සෙට් උනා පොරවල්ලා ඔන්න අපිව දැනුවත් කරනවා."ඔයාල එක්ක යන්නේ වෙනම පැත්තකට වෙන ඉස්කොල වලින් එහෙමන් ඇවිල්ලා ඉන්නවා ඒක නිසා විනය උපරිම තියෙන්න ඕනේ.ඔයාල ඉස්කෝලේ ගෞරවය ආරක්ශා කරන්න ඔනේ".ඔන්න ඔය ටෝක් එක දුන්නා අපේ විදුහල්පති තුමන්.පස්සේ අපේ අපි බස් එකට නැග්ගා.අපේ කොල්ලෝ සෙට් එකෙන් ගොඩක් කොල්ලො ඉන්නවා නාට්‍ය බලන්න මහේෂ්,නදුන්,කසුන්,ලසිත ඔය සෙට් එකම ඉන්නවා නාට්‍ය බලන්න ඔන්න බස් එකේ යනවා අපි අනිත් සෙට් එක ඉන්නේ පොඩි කොල්ලො තමයි 11 වසර පංතියම ඉන්නවා.ඔය අතරේ කසුන් ට්‍රයි කරන ගැනුළමයත් ඉන්නවා බස් එකේ.ඔන්න ඉතින් අපි පොරවල්ල වගේ වැල්ලවායට ගොඩ උනා.දැන් ඔන්න ගිහින් නාට්‍ය බලනවා අපි යනකොට "ශ්‍රියන්ත මෙන්ඩිස් සර්ගේ" දේශනය පටන් අරගෙන අපේ ලොකු සර් ඇතුලු ගුරුවරු සෙට් එක ඉස්සරහා වාඩි උනා අපි ගිහින් මල්ලත්තාවල කොල්ලෝ ඉන්න පැත්තක වාඩි වුනා.

අපේ පිටිපස්සේ ඉන්නේ 11 වසර අපේ ඉස්කොලේ ඉන්න නංගිලා තමයි


ඔව් ඔව් අයියේ ඔයාට තමයි.පොඩ්ඩක් එන්නකෝ මම දන්නවා මට දැන් ඔය හරියට ගියොත් කොල්ලොන්ගේ කකුල් පෑගිලා වැඩේ චාටර් වෙනවා කියලා එතකොට අපේ කොල්ලො කෙල්ලො ඉදිරිපිට ටොක්කක් වත් ඇන්නොත් වස නොන්ඩියනේ මම එක නිසා කසුන්ට කිව්ව අර කෙල්ලො කතා කරනවා පොඩ්ඩක් ගිහින් ඔලුව දාපන් කියලා මොකද දන්නවද පොටර කිව්වේ අපි හිටිය පේලියේ අයිනෙම හිටියේ කසුන් තමයි.ඔන්න ඉතින් කසුන් ගියා නංගි ඇයි මොකද කියල ඇහුවා.පස්සේ කසුන් හිටපු තැනට ආවා සංජු උබම ගිහින් බලපන් කියලා කිව්වා.ඔන්න ඉතින් මමත් ගේමට බැස්සා.මොනා උනත් ඔය නංගිලා සෙට් එක මාත් එක්ක මාර විදිහට ‍ෆිට් මම ගිහින් ඇහුවා මොකෝ නංගි කතා කරේ කියලා "එතකොට තමයි තෙරුනේ අනේ මේ කෙල්ලෝන්ට රටකජු පොතු වලින් පිටිපස්සේ ඉන්න කොල්ලෝ පහර දෙනවා.එක නංගි කෙනෙක් මට කියනවා

"බලන්න අයියා මේ පිටිපස්සේ ළමයි අපිට කරදර කරනවා ඔය ඔතන ඉදගන්නකො එතකොට එයල පාඩුවේ ඉදියි"

මමත් ඉතින් කීව්ව විදහටම එතන ඉදගෙන ඉන්නවා.මට ලාවට වගේ ඇහෙනවා ඒ කොල්ලෝ මම නෝන්ඩි කරනවා වගේ මම පිටිපස්ස හැරිලා ඔරවලා බැලුවා.මොනා උනත් ඒ නංගිලත් ඇහැට කනට පේන කෙල්ලොනේ  එක නිසා කොල්ලො රබර් ඇස් දානවා වැඩි.කොහොම හරි විනඩි 10 විතර ඉන්නකොට මගේ එහා පැත්තේ හිටිය නංගිගේ ඔලුවට මොකක්ද වැ‍ටුනා මම එයා ඒක අතට ගත්තා මට ඇහුනේ "ඊයා......" කියන ටික විතරයි මම නංගි මොකද උනේ කියලා ඇහුවා මොකෙක්ද ජරා පොරක් චුයින්ගම් හපයකින් ගහලා කෙල්ලොන්ට.මටත් මල පැන්න.මම පටස් ගාල කසුන්ට පනිව්ඩේ ඇරියා කසුන්ටත් මලේ මල.මොනා උනත් ඒ අපේ ඉස්කොලේ කෙල්ලෝ එක එක ඉස්කොල වලින් කරදර කරනකොට අපේ ඉස්කොලේ කාට හරි දු‍ටුගැමුණුවෙක් විදිහට ඉවසගේන ඉන්න එක නිවට කමක් වගේ මට හිතුනා මට කලින් කසුන් ගේම ප්ලැන් කරනවා.පස්සේ ඉන්ටවල් එකේදි අපි ගෙමට සෙට් උනා කසුන් කොල්ලෝ සෙට් එකක් අරගෙන ආවා අපේ කොල්ලෝ සෙට් එක මේකා සංජු උබ ගිහින් කෙල්ලො ටික බලා ගනින් අපි මුන් ගැන බල ගන්නම්.මට ඒ වෙලාවේ නෝන්ඩිය වගේ මොකද අපේ මේ ගොං කසුනා මාව ඒ වෙලාවේ චාටර් කරානේ.කොල්ලෝ ගහ ගන්න සෙට් වෙනවා මට කෙල්ලො බලා ගන්නලු කමක් නැ කෙල්ලො ටික ඉදිරිපිට කියපු එක තමයි දුක.හරි මචන් කියලා කෙල්ලො ටික පැත්තකට එක්ක ගියා මම අපේ කොල්ලෝ සෙට් වෙලා මල්ලත්තවල කොල්ලොන්ට නෙලන්න.මහේෂ්,නදුන්,කසුන්,ලසිත තව කොල්ලො ගොඩක් හිටියා ඔන්න දැන් අපෙ කොල්ලො උන්ට ටෝක් කරනවා "තොපි වගෙ වල් සත්තු ටිකක් නෙවෙයි යකෝ අපි කෙල්ලෙක්ට පාඩුවේ ඉන්න දීපන් කියල අපේ කොල්ලෝ ටෝක් කරනවා"

මමත් අපේ කොල්ලොන්ට සෙට් වෙලා උන්ට නෙලුවා.මට සෙට් උනේ වලියට මිටි කොල්ලේක් කනේ පාරවල් 2ක් ගහල තල්ලු කරා ඔය විදට අපි ගහ ගත්තා.පස්සේ ආයෙත් ශෙප් උනා කොල්ලො.මොකද දන්නවාද මේක උන්ගේ ගම අපි එහේ ඉදල උන්ට නෙලන්න ගියොත් කැම නියතයි එක නිසා වැඩේ ශෙප් උනා.අනේ මන්දා මොන අවටියල් ගේම් දුන්නත් අපේ ඉස්කොලේ කාට හරි මොකක්හරි කරදරයක් නම් දු‍ටුගැමුණුවෙක් විදිහට බලාගේන ඉන්න බෑ.මට එදා තමයි එක හොදටම තේරුනේ.පාරෙදි දැක්කට කතා කරන්නේ නැති උනත් ගොඩක් ආඩම්බර උනත් අපි කරදරයක් උන විට ඒවා බලන්නේ නේ එකයි දු‍ටුගැමුණුවගේ වෙනස

දිලිනිගේ කතාව



මම මේක උපුටා ගත්තේ "හුදෙකලාව" ෆේස් බුක් ෆැන් පි‍ටුවෙන්.මේ ගැණු ළමයා අපිට වඩා අවුරුද්දක් බාලයි එහෙමත් නැත්නම් අපේ වයස පසුවේන අසරන ගැණුළමයෙක් මොනා උනත් මට ඒ පනිව්ඩය දකින කොට ගොඩක් දුක හිතුනා මම කවදාවත් කාටවත් අසරණයි කියල කියන්නේ නේ මොකද දන්නවාද? එයාට එයාගේ ජීවිතය ජය ගන්න අසරණයි කියලා කියන එක ලොකු බාධාවක් ඒ උනාට මේ වෙලාවේ මට ඒ කතාව කිය උනා මොකද දන්නවාද මේ කාලේ තමයි ජීවිතේ හොදම කාලේ ඉතින් අපි කරන හැම ෆන් වැඩේම කරන්නේ මේ කාලේ නේද? ඉතින් මේ ළමයාට ඒ දේවල් කරන්න අයිතියක් තියවන නේද යොව්න් වියේ පවතින ජීවිතයක් එක තැනක දුක් විදිනවා බලන්න සම වයසේ පසු වන කොල්ලේක් විදිහට බලන් ඉන්න එක ලොකු නිවට කමක් විදිහටයි මම දකින්නේ.එක නිසයි මම මේ ගැන බ්ලොග් එකට ලියන්න තිරනය කරේ මොකද මටත් වර්ණ අන්ධතාවය තියන නිසා.


                                                               දිලිනිගේ පව්ලේ අය

ඇගේ නම දිලිනි සංජීවනී කුමාරි මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්‍රදේශයේ තමයි ඇය ඉන්නේ.ඇය තමයි පව්ලේ වැඩිමල්ම දියනිය.දැනට වයස අවුරුදු 17 යි.දැනට අවුරුද්දකට කලින් හරි 1 1 /2 කලින් කලාතුරකින් වැලදෙන රෝගයක් නිසා ඇයගේ කොදු ඇට පේලේ උරහිස් දෙසට විතැන්වීමේ (Scoliosis) තත්වයක් ඇති වී තියනවා


                                                    දිලිනිගේ අස්ථි සැකිල්ල (X Ray) පිංතුරයක්

මෙය රෝගය දැනට 105 ක් වු උග්‍ර තත්වයට පත්වෙලා මේක දිගටම උනොත් දිලිනිගේ ජීවිතයට ගොඩක් අනතුරුදයක වෙන්න පුලුවන් ඇයව ඉක්මනටම ඉන්දියාවේ ඇපලෝ රොහලට අරන් ගිහින් හදිසි සැත්කමකට භාජනය කරන්න වෙනවා. ඔන්න ඔය විදිහටයි පේරාදෙනියේ ශික්ෂන රෝහලේ විශේෂ වෛද්‍ය H.J සුරවීර මහතා පවසා තිබෙන්නේ.
                                                                 
                                                                  දිලිනිගේ ස්වරුපය                              

ඉතින් මේකට සුලුප‍ටු ගානක් නෙවෙයි වියදම් වෙන්නේ ලක්ශ 21.5  ජනාධිපති අරමුදලින් ලක්ශ 1.5 අනුමත කරල තියනවා.දිලිනිගේ දෙමාපියන් උපරිම උත්සහ කරනවා මුදල් හොයන්න.එත් නැතිබැරි කම එකට හරස් වෙලා.දිලිනිගේ තාත්තා කම්කරුවෙක් දෛනිකව හොයන ගානෙන් තමයි පවුල රදා පවත්වා ගන්නේ.අම්ම ‍රැකියාවක් කරන්නේ නෑ.එක නිසා ගොඩක් අමාරුකම් වලට එයාල මුහුන දෙනවා.මා ඔයාලගේ කාරුනිකව ඉල්ලන්නේ දිලිනිට අපි වගේ ජීවිතය ජීවිතයක් ගත කරන්න්න උදව් වෙන්න.එයාට එක ලොකු උපකාරයක් වෙනව සහතිකයි

කතා කරන්න
07190771900 0776789282 07755809224


ගිනුම් අංකය
8102013908 (කොමර්ෂල් බැංකුව)