Tuesday, May 29, 2012

ෆෝන් පාවිච්චි කරන්නේ පරිස්සමෙන්

මට හිතුනා මගෙ බ්ලොග් එක බලන උබලත් මෙකෙන් දැනුවත් කරන්න ඕනෙයි කියලා මෙන්න මේ සීන් එක ප්‍රවෘති වල දානකොට නම් මම හිටියේ නිදාගේන අව්ලක් නැ මම තොරතුරු හොයලා බැලුවා.මේ තොරතුරු ටික නම් හොයා ගත්තේ ෆේස් බුක් එකේ "මුදුන" ෆෑන් පිටුවෙන්




ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.

විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.



විඩියෝ එකත් හොයා ගත්තා පොඩ්ඩක් බලලා ඉන්න



අපිත් පුලුවන් උදව්වක් කරමු

මචන්ලා මම මේක කොපි කර ගත්තේ ලොවෙත් නෑ ගෘප් එකෙන්.මේක පොස්ට් කරපු ඇඩ්මින් පොරවල්ලට ගොඩක් පින්.මමත් පුලුවන් විදිහට උදව් කරන්න තීරනය කරා.මේක කියවන උබලත් උදව් කරන්න ඒ අසරණ කොල්ලට.හරියට හිතල බලන්න උබටත් ඔහොම උනොත් කොහොමද කියල්ලා.වැඩි කතා ඔනේ නැ කතාව කියවිපියව්



පුංචි දරුවෙක් ලොරියක් ඇතුළේ නිදා ඉන්නවා. වටපිටාවේ ඉන්න හැමෝම ඒ වටා පිරිලා ඔහු දිහා බලා ඉන්නවා. හැමෝගේම මුහුණුවල තිබෙන්නේ දුක, කනගාටුව. “පව්” සමහරු එහෙම කියන ගමන් දරුවගේ අම්මා අතට පුංචි පුංචි මුදල් නෝට්ටු තියනවා. මේ පින්තූරය දිහා බලන්න. අපි මුලින් අදහස් කළ ආකාරයට ඔයගොල්ලන්ගේ හදවත්වලටත් එවැනි හැඟීමක් පහල නොවුණත් පුදුමයි.

මේ පුංචි පුතාගේ නම තරිඳු ශ්‍රීමාල්. වයස අවුරුදු තුනක් විතර වෙනවා. තඹුත්තේගම, තෝන්වැව ප්‍රදේශයේ තමයි ඔහු අම්මා, තාත්තා එක්ක ජීවත් වෙන්නේ. තාත්තා දුප්පත් ගොවියෙක්. හැබැයි වැඩ කරන්නේ තමන්ගේ කුඹුරුවල නමෛයි. අනුන් ළඟ. අම්මා ලීලාවතී. ඇය දියවැඩියා රෝගයෙන් කලක සිට පීඩා විඳිනවා. ඒත් එහෙම කියලා දරුවාගේ වැඩ කටයුතු නොකර ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වුණු වෙලාවේ ඉඳලා මල මුත්‍රා ටික සුද්ධ පවිත්‍ර කරන වැඩ ටිකේ ඉඳලා හැම දෙයක්ම තරිඳු පුතා වෙනුවෙන් කරනවා.
“මට වැඩි කාලයක් මෙහෙම වැඩ කරන්න බැරිවෙයි මහත්තයා. ඒක නිසා තමයි දරුවගේ ඔපරේෂන් එක ඉක්මනින් කරගන්න බලන්නේ. දැන් මට සවි ශක්තිය නැහැ.”

“ඒත් පුතාගේ වැඩ ටික කරනවා. මටත් ආසයි මහත්තයෝ මගේ පුතා නැගිටලා ‘අම්මේ’, ‘තාත්තේ’ කියලා කතා කරලා හිනාවෙනවා බලන්න. ඒත් මට ඒ වාසනාව නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.” ඔබ කල්පනා කරයි මේ දරුවා මුහුණ දීලා ඉන්න රෝගී තත්ත්වය මොකක්ද කියලා. තරිඳු පුතා උපතින් නිරෝගි දරුවෙක්. ඒත් මාස කීපයකින් ඔහු රෝගී වෙන්න පටන් ගත්තා. මුලදීම ඇති වුණේ හිස තරමක් විතර විශාල වෙන්න පටන් ගැනීම. ඉන් පස්සේ දවසින් දවස ඒ වෙනස හැමෝටම දැනෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. “අපි දරුවව අරගෙන අනුරාධපුර රෝහලට ගියා. එතැනින් කොළඹ එව්වා. අවසානයේදී දැනගත්තා දරුවගේ හිසේ වතුර පිරෙනවා කියලා.”

මේ කාලයේදී තරිඳු වෙනුවෙන් ශල්‍යකර්මයකුත් සිදුවුණා. ඒ ශල්‍යකර්මය සිදුකළේ අවහිර වී තිබුණු නහරයක් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ ඇතිව. ශල්‍යකර්මය සිදුකළේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහත්තයා. එතුමා කිව්වා අම්මේ මේ ශල්‍යකර්මය අසාර්ථක වුණොත් තවත් එක් ශල්‍යකර්මයකට යන්න වෙනවා. ඒක ටිකක් බැරෑරුම් එකක්. හැබැයි සාර්ථක වෙයි. එදාට දරුවා සාමාන්‍ය තත්ත්වයට ඒවි කියලා.”
“ඇත්තටම දොස්තර මහත්තයා කිව්වා වගේ පළමු එක සාර්ථක වුණේ නැහැ. ටික දවසකින් ආපහු දරුවා තුළ පරණ විදිහේ ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා.”

ලීලාවතීලා දැන් සූදානම් වෙන්නේ ඊළඟ සැත්කමට යන්නයි. නමුත් ගැටලුව මුදල්. ඊට ලක්ෂ 10ක වගේ මුදලක් වුවමනා වෙනවා. “මේ සැත්කම සිදුකරන්නේ කොළඹ පෞද්ගලික රෝහලක. ඒ වගේම දරුවාට බද්ධ කරන වෑල් පවා හුඟක් මිලෙන් අධිකයි. ඉතින් ඒ නිසා තමයි මෙපමණ මුදලක් වැය වෙන්නේ.” මේ වෙද්දි ලීලාවතීලා සතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයක වගේ මුදලක්. ඔවුන් තව රුපියල් ලක්ෂ 9ක් සොයාගත යුතුයි.
“දුප්පත් අපිට ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක්. එහෙව් එකේ ලක්ෂ 10ක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද මහත්තයා. ඒත් අපි මේ උත්සාහය අත් හරින්නේ නැහැ.” තරිඳුගේ දෙමාපියන් හා දුප්පත් ඥාතීන් මේ වෙද්දි හැම තැනම ඇවිදිනවා. දන්න දන්න හිතවතුන් ළඟට යනවා. ඒ යන්නේ තරිඳුවත් එක්කාසු කරගෙනයි.

“මට නින්දක් නැහැ. තරිඳුගේ තාත්තා කුලී වැඩට ගියාම මම ගෙදර මේ දරුවා එක්ක කඳුළු හලමින් ජීවත් වෙනවා. අවුරුදු තුනක් වුණත් තවම අම්මේ, තාත්තේ කියලා විතරයි හරියට කතා කරන්නේ. ඔළුව උස්සලා බලන්න බැහැ. සමහර වෙලාවට එයා වේදනාව ඉවසා ගන්න බැරිව අත් දෙකින් මුහුණ පවා තුවාල කරගන්නවා. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි පාරට බැස්සේ මහත්තයා” ලීලාවතී ඇඬූ කඳුළින් කිව්වා. ඔබට පුළුවන් මේ දරුවා යථා තත්ත්වයට පත්කරන ශල්‍යකර්මයට උදව් වෙන්න. අපි බොහොම දයාබරව ඒක මතක් කරනවා.

ඔවුන්ගේ ගිණුම් විස්තර: හේරත් මුදියන්සේලාගේ ලීලාවතී
219-2-001-5-8357740 මහජන බැංකුව, තඹුත්තේගම.
දුරකතනය: 071-0913296