Tuesday, September 11, 2012

මම ගොඩයෙක් වෙමි


මම අද බ්ලොග් එක ලියන්නේ හරිම කලකිරීමකින් මොක්ද මේ සිදුවීම මට උන විහිලු සිදුවීම් වගේ නෙවෙයි සමහර විට මේක මුලු ජාතියටම බලපාන එක් සිදුවීමක් වෙන්නත් ඉඩ තියනවා අනාගතයේදි. ඉතින් මම මේ කතාව පටන් ගන්නේ මගේ යාලුවෙක්ගෙන් මම එයාගේ නම කියන්නේ නෑ මොකද මම එතකොට එයාව චාටර් කරා වෙනවා එක නිසා මම ඔයාලගේන් සමාව ඉල්ලනවා එයාලගේ නම් ගම් නොකියන එක සම්බන්ධයෙන්.

මෙන්න මෙහෙමයි කතාව ආරම්භවෙන්නේ දවසක් අපිත් එකක් එකට පංති ගිය යාලුවෙක් මුනගැහුනා අහම්බෙන් බන්ඩාරවෙල ඉස්කොලේ යන.ඉතින් ඒ යාලුවා දැන් යන්නේ ඒ නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක.ඒ යාලුවා ගැහැනු ළමයෙක් උනාට හරිම යහපත් කෙල්ලෙක්.ඉස්සර අපි පංති ගිහින් එකටම තමයි අපි යාලුවෝ ටික හිටියේ.ඔන්න ඉතින් මම බන්ඩාරවෙල නගරයේ ඉද්දි මේ යාලුවයි එයාගේ තව යාලුවෝ ටිකකුයි හමු උනා.

"ආ මචන් සංජු,ඉතින් කොහොමද අපිව දැන් උබලට අමතක වෙලා ඇති නේද?"

"ඔහ් අඩේ මේකිනේ ඇතට අදුරගන්න බැරි උනා බන් උබ දැන් වෙනස් වෙලා.හ්ම්ම්.ඉතින් බන් මොනාද කරන්නේ උබ ඒ ලෙවල් වලට බන්?"

"බයෝ තමයි බන්.උබ මොනාද කරන්නේ "

"මමත් බයෝ තමයි බන්.එහෙනම් මරු මරු "

ඉතින් ගොඩක් කාලෙකින් පරණ යාලුවෝ හම්බුනාම ඇති වන සතුට නම් කියලා ඉවර කර ගන්න බෑ.ඒයාගේ ඉස්කෝලේ අලුත් යාලුවෝ පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා අපි දෙන්න කතා කරන දිහා.ඉතින් මොනා උනත් ලස්සන කෙල්ලො ටිකක් ඉන්නවා එයාගේ යාලුවො ටිකට.ඉතින් මම හෙමීට හෙමීට රබර් ඇස එයාල පැත්තට හොරෙන් දානවා.ඉතින් මම එයාලා ඔක්කොම ඉදිරිපිට කිව්ව

"මචන් එක නෙවෙයි බන් උබේ යාලුවෝ ටික අදුන්නලා දීපන් කෝ"

"කවදා හරි දවසක මුනගැහුනම කතා කරන්න පුලුවන් නේ.එක නිසා ඉන්ටඩියුස් කරලා දීපන්කෝ"

"ආපෝ උබ ඉස්සර වගේමයි කිසිම ලැජ්ජාවක් නෑ.හිටපන් "

මේ ඉන්නේ නිරාශා,අපේ ක්ලාස් එකේ මගේ යාලුවෙක්.මේ ඉන්නේ චමිලි මෙයත් අපේ ක්ලාස් ඒකේ.මේ ඉන්නේ නිර්මාලි මෙයත් අපේ ක්ලාස් එකේ.

ඉතින් මේ කෙල්ලොත් "නසිස් ‍ටු මීට් යු සංජු" කියලා කිවවා.

මමත් ඉතින් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දැනගන ගිටිය නිසා "නයිස් ‍ටු මීට් යු ටූ" කියලා ශේප් උනා.ඉතින් ටිකක් වෙලා එයාලත් එක්ක කතා කර කර ඉදලා "මම එහෙනම් යන්නම් මට පොත් වගයක් ගන්නත් තියනවා".මම යන්නම් කියලා කියලා කිව්වා.එයාලත් "හා එහෙනම්,බායි" කිව්වා

ඉතින් යාලුවනේ මට බායි කියලා පුරුද්දක් නෑ.මම ඉතින් බුදුසරණයි කියලා යන්න පිටත් උනා.

                    * * * * * * *

ඉතින් දවස් 2කින් පස්සේ මේ යාලුවා මට කෝල් එකක් ගත්තා ඔන්න ඉතින් මමත් එයත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා.මම ඇහුවා "ඒක නෙවෙයි මචන් අර උබලගේ යාලුවෝ සෙට් එක මොනාද මට කිව්වේ කියලා"

"අයියෝ මචන් උන්ට පිස්සු බන්.උන් කියනවා මට. ඔයාගේ යාලුවා හරි ගොඩේ පාටයි කියලා බන්"


මොනා උනත් යාලුවනේ මම මේ කතාවට අප්සෙට් ගියා මොකද මට කොල්ලෙක් ගොඩයා කිවුවට අප්සෙට් එකක් නෑ ඒත් එක දවසක් විතරක් අදුර ගත්ත කෙල්ලෝ ටිකක් ගොඩයා කියනකොට ටිකක් මට අප්සෙට් ගියා මොනා කරන්නද

මගේ යාලුවාටත් අප්සෙට් යන්න ඇති.ඉතින් මගේ යාලුවා කෝල් කරපු වෙලාවේ මගේ ගැටලුව උනේ ඔය ප්‍රශ්නේ තමයි ඇයි මේ කොල්ලො මට ගොඩයා කිව්වේ.මගේ කටින් වැරදි කතාවක් වත් පිට උනාද,නැත්නම් මම ඇදගෙන හිට්පු විදිහේ  වරදක් ද දන්නේ නෑ නේ

ඉතින් මගේ යාලුවට මම කතා කරලා ඇහුවා "මොකෝ බන් උබේ යාලුවො ටික මට ගොඩයා කිව්වේ"

මේකිත් ගත් කටටම කිව්වේ "මචන් උබ ඒ කෙල්ලොන්ට යනවා කිව්වම ඒ කෙල්ලො බායි කිවුව නේද?" ඉතින් මම ඔව් කිව්වා.

"ආ ඒක තමයි ඒ කොල්ලො කියනවා එතකොට උබ ඒ කෙල්ලොන්ට කියලා තියනවා බුදුසරණයි කියලා" ඒක ඇත්තද බන් ඉතින් කිව්ව ඔවු කිව්ව.ආ එක තමයි ඔන්න ඕක නිසා තමයි උන්  උබට ගොඩයා කියල තියෙන්නේ

මට ටිකක් අප්සෙට් තමයි මොකද කෙල්ලො ඉස්සරහ පජ උන එකට නමුත් මට ගොඩක් ආඩම්බරයක් දැනුනා මොකද අපේ අම්මා තමයි මට ඉගැන්නුවේ කාට හරි සමුදෙනකොට බුදුසරණයි කියන්න ඉතින් ඒක  නිසා මම ගොඩක් සතුටින් ඒ ගොඩයා කියන නම් බාර ගත්තා

ලංකාවට ඉංග්‍රීසින් ආවට පස්සේ අපේ රට වීරයෝ යුද්ධ කරලා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරා අන්තිමෙදි උන් අපිට නිදහස දුන්න ඇත්තෙන්නම් කියනව නම් අපි උන්ගේන් අපේ රට බේර ගත්තේ නමුත් පස්සේ කාලෙදි උන් අපි යුරෝපිකරනයට ඈද ගත්තා ඔන්න ඔතනින් තමයි සිංහලයට වැරදුනේ ඉතින් ඊට පස්සෙ අපේ උන්  වැනසෙන්න පටන් ගත්තා සිගරට්,අරක්කු බොන්න පුරුදු උනා.

දැන් අපේ සමහර පෝසත් ගෙවල් වල අම්මට තාත්තට කියන්නේ ඩැඩි මමි කියලා ඉතින් මුන්ගේ කටවල් වලට හෙන ගහලද? අම්මා අප්පච්චි,තාත්තා කියලා කතා කරන්න ඉතින් මෙකට වග කියන්න ඕනෙත් අපේ සමහර මාධ්‍ය එහෙමත් ටෙලි නාටය වල අනන්තවත් එහෙම කතා කරනවා මම දැකලා තියනවා.ඉතින් බලන්න ඕවා නිසා තමයි ළමයිගේ ජීවිත පිරිහෙන්නේ.මොනා උනත් තාම බුත්තලට නම් ඔය වසන්ගතේ ආවේ නෑ කවදාහරි දවසක් එන්න ඉඩ තියනවා.මේක මුලු ලංකාවටම ඉතින් යාලුවේ මේ වගේ දේවල් බුද්ධිමත් අපි කරන්න ඔනේ නෑ නේද? ටිකක් හිතලා බලන්න

4 comments:

  1. උඩින් ලන්කාවට කඩාපාත් උන උන් ඔහොම තමයි බන්
    මට නම් ඔය පුරුද්ද නෑ හැබැයි ගුඩ් මෝර්නින්ග් කියන්නේ නෑ
    කියන්නේ සුභ උදෑසනක් වේවා කියලා එහෙම කියපුවාම සමහර කෙල්ලෝ බලන්නේ මම නිකන් ලෝකේ ලොකුම අපරාදේ කලා වගේ

    ReplyDelete
  2. eka thamai bn.oka ape unge weradda bn.

    ReplyDelete
  3. ඒත් මචන් පට්ට චාටර් එක බං..ඒත් උබ කියපුදේත් වරදක්ම නෑ..

    ReplyDelete
  4. කතාව ලස්සනයි මම මේකට තව මොනව හරි ටිකක් එකතු කරන්නම් කමක් නැහැනේ.
    ඔයාට ගොඩයා කියපු අය හොදයි මොකද දන්වද ඇත්තෙන්ම ඒ අය අවබෝධ කරගෙන තියෙනවා එයාලා ඉන්නේ තවමත් වල ඇතුලේ කියන එක ඔයා ගොඩ ගිහින් කියන එක ඒ අය අවබෝධ කරගෙන තියෙනවා ඒක නිසා ඔයා සතුටු වෙන්න.
    අනිත් එක තමයි නිවැරදි දේ කරන්න කිසිම දවසක පසුබට වෙන්න එපා. ඔන්ම තැනක ඉදන් ඔයාගේ හිතට දැනෙන නිවැරදිම දේ කරන්න.
    අද මමී ඩැඩී විතරක් නෙවෙයි අපේ භාෂාවෙන් තියා වෙන භාෂාවකින්වත් නොතේරෙන විධිහට අම්මි, තාත්ති, අක්කි නැන්දි මාමි මෙන්න මේ වගේ නොසන්ඩාල වචන වලින් තමයි ඥාතිකම් පවත්වන්නේ මම අනිත් ඒවනම් දන්නේ නැහැ දෙමළ භාෂාවෙන් මාමි කියන්නේ නැන්දට දෙමළ අය ඉදිරිපිට මාමා කෙනෙකුට මාමි කියලා කිව්වොත් මොකද වෙන්නේ.
    තවත් දෙයක් ඔයාට පුළුවන්නම් මේ දේ හොදයි කියලා හිතෙනවානම් එකතු කර ගන්න. ඒ තමයි අපි බුදු සරණයි කියන්නේ අපේ ලොව්තුරා බුදු හාමුදුරුවන්ගේ සරණ ලැබෙන්න කියන එකනේ. බුදු හාමුදුරුවෝත් දේශණා කරලා තියෙනවා දේන බුදු හාමුදුරුවන්ට තනියම දෙයක් දෙනවට වැඩිය තුණුරුවන් විෂයෙහි යමක් දෙනවානම් ආනිශංස වැඩියි කියලා එහෙනම් බුදු සරණයි කියනවා වෙනුවට තුණුරුවන් සරණයි තෙරුවන් සරණයි රත්නත්‍රෙය් පිහිටයි වගේ වචන එකතු කර ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නේ.
    එහෙනම් මල්ලියා ඔයාට තෙරුවන් සරණයි !!!

    ReplyDelete