Wednesday, August 29, 2012

පෙරේතයට පාඩමක්


ඉතින් යාලුවනේ මේ ලගදි දවසක මට මරු වැඩක් උනා නේ.අනෙ මන්ද මට එක වෙලාවකට හිතෙනවා අපේ මේ ගොන් වැඩ කවදා ඉවර වෙයිද කියලා ඔන්න. මම දවසක් අපෙ ක්ලාස් එකේ කොල්ලෙක් එක්ක කඩෙකට ගියා මොනවහරි කන්න කියලා අනේ මට සමාවෙන්න මම ඒ කොල්ලගේ නම නොකිව්වට මොකද මේ බ්ලොග් එක ඒ කොල්ලා දැක්කොත් මට හරි නෑනෙ අනික මට පොරගෙන් ගුටි කන්නත් වෙයි.ඔන්න එකා මොනා උනත් මාර ලෝබයෙක් ඉතින් මම එකත් එක්ක තමයි සෙට් උනේ කන්න කියලා.ඔන්න ඉතින් හා හ පුරා කියල මම කඩේ අය්යට කිව්වා "ආ අයියේ මොනාද තියෙන්නෙ කන්න" පොර කිව්ව "මල්ලි මාලුපාන්,බනිස් වගෙ කෑම තියනව ගෙන්නද" කියල අහුව මමත් හා අය්ය ගෙන්න කියල ඒ අය්ය  කෑම ගෙනකම් බලගෙන හිටියා.පස්සෙ මම කොකා කොලා බෝතල් 2 කුත් අනවුම් කරා

දැන් ඉතින් මම අරුත් එක්ක කන්න සෙට් උනා කන්න යනකොටම අම්මගෙන් කෝල් එකක් බලන්න උන විපතක මහත අම්මා මට කඩ කෑම කන්න දෙන්නේ නෑ එච්චර ඔය ඉදලා හිටලා කඩෙන් කැවට අම්මා නම් ආස නෑ මම කඩෙන් කනවට.ඉතින් අම්ම කඩේ ඇතුලෙදි කෝල් එක ගත්තොත් වැඩේ මාට්ටු වෙන නිසා එලියට ගිහින් කෝල් එක ගත්තා.ඊට පස්සෙ කෝල් එක ඉවර වෙලා මම ආයෙත් කඩෙට එනනකොට අනේ අර කොල්ල බීම මගෙ බීම එක බීලා බලගෙන ඉන්නවා.මට මාර විදිහට තරහ ගියා.මම කඩේ කැශියර් එකට ගිහින් මෙන්ටොස් ටොපි 2ක් ගත්තා.ඉට පස්සෙ ඌ බිබි හිටිය බොතලෙට මෙන්ටොස් ටොපි 2ක දාල මුඩිය වහලහොලවල දුන්න.මම අහල තියනවා මෙන්ටොස් කොකා කොලා වලට දැම්මම උතුරනව කියලා

මම ඒක අත්හදා බලල නෑ වෙනසකටත් එක්ක ඒ අත්හදා බැලිල්ල අද මගේ පෙරේත යාලුවාට කරා නම් කියල හිතුනා.එකයි මම එහෙම එකක් කරෙ.මොකද තිබහට ගත්ත බීම එක මොකෝ උතුරවන්නේ එක ලොකු අපරඩයක් නේ එකයි මම එකගෙ බීම එකට ඒක කරේ.මොනා උනත් මට පව් කියල හිතුනා.එත් මට කරපු දේට දඩුවමක් දෙන්න ඔනේ නේ.නැත්නම් අයෙත් දවසක් ඔය වගේ වැඩක් කරයි.

පොරගෙ බීම එකට මෙන්ටොස් ටොපිය දාල හොදට මුඩිය වහල හෙල්ලුවා.ඉට පස්සෙ මමටග් ගාල දිව්ව බස් ස්ටැන්ඩ් එකට පොර එත් බලා ඉන්නව මොකක්ද කරේ කියලා.පස්සෙ එනකොට අර ප්ලාස්ටික් බොතලය පුපුරලා.අර කඩෙන් එකයි බීම.මම බැලුවා මොකද උනේ කියලා.පස්සේ මම කඩෙට යනකොට අර බීම බොතලය කුඩු වෙලා.හොද වෙලවට ප්ලස්ටික් නැත්නම් ඉවරයි.

අර කොකාකොලා වතුරමල හදනකොට මූඩිය අරින්න ඕන එත් මම හදිස්සියට මූඩිය වහලනේ දිව්වේ.අර මගේ යාලුවා මූඩිය අරින්නේ නැතුව  හොලවපු බොතලය දිහා බලගෙන ඉදලා.අර කොකා කොලා බොතලය උතුරලා පීඩන ගාන පැනල ඉතින් ඉවරට ඉවරයි.අනේ ඉතින් අසරණයා ඇග පුරා බීම.පවු ඔන්න ඕකට තමයි කියන්නෙ වැඩිය පෙරෙත වෙන්න එපා කියලා.

කොකා කොලා වතුර මල හදන විදිහ බලන්න ඔනේ නම් මේ ලින්ක් එකට යන්න
click here

Thursday, June 21, 2012

එක වෙලාවකට යාලුවොත් එපා


අනේ මන්දා යාලුවෝ වැඩි වෙනකොටත් එපා වෙනවා.මම කිව්වේ මේක කියවන ඔයාලටවත් මගේ ඉස්කොලේ,පංති යාලුවන්ටවත් නෙවෙයි.මට යාලුවෝ වැඩි වෙන එක ගැන ගොඩක් සතු‍ටුයි.ඒත් සමහර වෙලාවල් වලදි නම් මට යාලුවෝ එක්ක ඉන්න එපා වෙනවා.මේ සිද්දියත් එහෙම එකක්.ඔන්න ඉතින් දැන් සති 2 කට කලින් අපේ අපේ නගරයේ තොරනක් තිබුනා මමත් ජැන්ඩිපහට ඇදලා ගියා තොරණ බලන්න.මොනා උනත් පට්ට තොරණ.මට හැබැයි මතක නෑ ජාතකය මොකක්ද ඒ තොරනේ ගහල තිබුන කියලා ඒත්.මට මතකයි තොරනේ ලොකුවටම ජාතකය කෙසේ වෙතත් එක්සත් සුබ සාධක සංගමය කියල නම් ගහල තිබුන වග.ඉතින් අපේ කොල්ලෝ නම් කියන්නේ ඕකට සුබ සාධක තොරන කියලා.ඔන්න ඉතින් මමත් මගේ මිත්‍රයා මදුශාන් එක්ක  තොරන බලන්න යන්න සෙට් උනා.අම්මා ගෙන් නම් හම්බුනේ රුපියල් 40 යි.එකත් ඉල්ලගත්තේ ලොකු ලෝන් එකක් ගැහුවා වගේ.අනේ මන්දා මට කියන්නත් ලැජ්ජයි මට අම්ම දුන්න ගතමනාව.අවුරුදු 18 ක තරුණයෙක්ට රුපියල් 40 ඇතිද ඉතින්.මොනා කරන්නද මම හම්බකරනවා නෙවෙයිනේ.හැබැයි මම කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට මම මගේ පුතාට පොකට් මනි වලට 40ට වඩා දෙනවා.අනේ මන්දා මොනා කරන්නද ඉතින් මම කලින් දවසෙත් රුපියල් 500ක් නැති කර ගත්තනේ ඒක නිසා අම්මට තරහ ගිහින් මට 40ක් දුන්නද දන්නේ නෑ නේ.හ්ම්ම් මම ශේප් එකේ මගේ මේසේ ලාච්චුවේ හදිස්සියට කියල මම එකතු කරපු රුපියල් 300ත් අරගෙන මම යන්න සෙට් උනා මගේ මිත්‍රයා මදුශාන් එක්ක.ඔන්න ඉතින් අපි මග දිගට කතා කර කර යනකොට මගදි  පැනි මොටයි කඩයකින් මොටයි ටිකක් ගත්තා ටිකක් කිව්වට ගාන නම් ගොඩක් සැරයි.රුපියල් 80ක් ගියා මොටයි පැකට් 2කට ඉතින් ඔක අරගෙන තත්පර 10ක්වත් ගියේ නෑ.

"ආ..සංජුවයි මදුවයි අපිට හොරෙන්ම කාපන් කෝ අවුලක් නෑ"

අනේ දෙයියනේ විපතක මහත මම කන්න ගත්ත මොටයි මල්ල දෙන්න උනා අපේ යාලුවෝ සෙට් එකට.ඔන්න ඉතින් මම ඒක දීලා හිත හදා ගත්තා.මොකද දන්නවාද මගේ මිත්‍ර මදුශාන්ගේ මොටයි මල්ලට මට පුලුවන් නේ වැඩේ දෙන්න.අනේ මන්දා මේ හරකත් මොටයි මල්ල පරිත්‍යාග කරල නේ.දැන් ඉතින් මොනා කරන්නද මමයි මදුශානුයි අයෙත් කොල්ලෝ ටික ශෙප් වෙනකම් ඉදලා වඩේ ගන්න කඩෙට ගියා.අනේ මන්දා ඒ වෙලාවේ අපේ කොල්ලෝ කඩේ අස්සේ.දැන් මොනා කරන්නද ඉදල ඉවරයි.ආයෙත් මුංන් "ආ...මචන් ගනින් ගනින් අපිටත් එක්ක වඩේ" දැන් ඉතින් අපිට වඩේ කන්න උනේ නෑ උන්ට දෙන්න උනා වඩේ ටිකත්.කමක් නෑ බලුකපු‍ටු දානයක් කියලා හිත හදාගෙන මම ආයෙත් සෙට් උනා අයිස් ක්‍රීම් එකක් ගන්න මගේ යාලුවත් එක්ක.අනේ ඒ වෙලාවේ එක කකා ඉන්නකොට මාර සීන් එකක් නේ උනේ.අපේ ටිව්ශන් පංතියේ කොල්ලෙක් මාව දැකලා "අඩො...මචන්" කියල පිටිපස්සෙන් තල්ලු කරා නේ.විපතක මහත කියන්නේ තව පොඩ්ඩෙන් මම හොස්පිටල් යන්න වෙනවා මට.වෙන මොකටවත් නෙවෙයි අයිස් ක්‍රීම් එක නහය අස්සට ගිහින්.මොනා නැතත් ගැහැනු ලමයි එහෙම නම් බඩ පැලෙන්න හිනා උනා ඒ සීන් එකට නම් මොකද දන්නවාද අර පොර මාව තල්ලු කරපු වෙලාවේ මගේ මුනෙන් එකයි අයිස් ක්‍රීම් එක.මොනා උනත් මට වෙන්න චාටර්මයි කියල හිත හදා ගත්තා.

Thursday, June 14, 2012

දු‍ටුගැමුණුවගේ වෙනස


අම්මො එදා නම් පට්ට කම්මැලි දවසක්.මොකද දන්නවද එදා අපිට ඔක්කොම විෂයන් ටික උගන්නනවා එක වෙලාවක් වත් නිදහස් නෑ.ඔයාලා දන්නවා නේ Physics එහෙම පට්ට කම්මැලි කියලා.මොනා උනත් මට නම් පට්ට ෆන් එක තමයි ඇතිලිවැව ඉදලා එන  කෙල්ලො සෙට් එක දිහා බලගෙන ඉන්න එක තමයි අනේ මන්දා ඒ කෙල්ලො දිහා බැලුවම මොනා උනත් ලේ පිරිසිදු කර ගන්න පුලුවන් ඒකයි මම ඔය කෙල්ලො ටික දිහා බලාගෙන ඉන්නේ හැබැයි ඒ කෙල්ලො දන්නේ නැ මම බලාගෙන ඉන්නවා කියලා.මොකද දන්නවද මම ඔය කෙල්ලො දිහා බලගෙන ඉන්නේ ඒ කෙල්ලො සෙට් එක හරියට මොංගල් සෙට් එකක් වගෙයි හැබැයි පට්ට මෝටර්.මම එදත් සුපුරුදු පරිදි ඔය කෙල්ලො සෙට් එක දිහා හොරෙන් බලනවා මාත් එක්ක ඒ වෙලා වේ හිටියේ මගේ යාලුවෙක් පොරත් මම වගේම තමයි පොරයි මමයි සෙට් උනොත් ඔය කෙල්ලො දිහා බලල බඩ පැලෙන්න හිනා වෙන එක තමයි කොරේ.ඔන්න මම පලවෙනි පාර බලනකොට එක කෙල්ලෙක් ඈනුමක් අරිනවා හරියට කට ඇරපු රාක්ශයෙක් වගේ කිසිම මැනස් එකක් නැ අපිට ඕවා දකින කොට බඩ පැලෙන්න හිනා යනවා අනිත් කෙල්ල හිටගෙන කිරනවා.අපිත් බලාගේන ඉන්නවා ඒ කෙල්ල හිටගෙන නිදි කිරන විදිහ මොනා උනත් පට්ට ඔන්න දැන් විනාඩි 5කින් විතර මම ආයෙත් බැලුවා ඒ කෙල්ලෝ දිහා ඒ වෙලාවේ අර නිදි කිරන කෙල්ලගේ කටත් ඇරිලා.එක දකිනකොට මට මේක ලියන වෙලාවෙත් හිනා යනවා.මොනා උනත් පට්ට වැඩේ තමයි.පස්සේ මම ආයෙත් විනාඩි 20 කින් විතර බැලුවා ඒ වෙලාවේ මේ කෙල්ල කහිනවා.මම බැලුවා මොකද මේකි අච්චර සැප සේ නිදාගෙන ඉදලා කහින්නේ කියලා.පස්සේ බැලිනම් අර කට ඇරගෙන නිදා ගත්ත එකේ අනිසි ප්‍රතිඵල තමයි අර කෙල්ල හට ඇරපු වෙලාවේ කට අස්සට මැස්සෙක් ගිහින් මට ඒක දකිනකොට තවත් හිනා යනවා.

ඔන්න ඉතින් ඔය අතරේ පංතියට පොරක් ඇවිත් කිව්වා වේදිකා නාට්‍යක් තියනවා ටිකට් එකක් රුපියල් 100ක් වෙනවා අද හවස තමයි තියෙන්නේ ඉස්කොලෙන් එක්කන් යනවා කැමති කට්ටිය ඉන්නවා නම් ගන්න කියලා කිව්වා.මට හවස ටිකක් නිදහස් මම ඉතින් ඊලග කාලචේදය කට් කරන්න නියම වැඩේ කියල තමයි ටිකට් එකත් ගත්තේ එතකොට පුලුවන් නේ Bio කාලචේදය කට් පාරක් දාන්න.මම ඒ වේලාවේ ඕක පැනලා එකක් ගත්තා.අපේ පංතියේ තව කොල්ලො 2ක් ටිකට් ගත්තා එකෙක් තමයි අපේ කසුන් අනිත් පොර ලසිත.කසුන් නම් ගත්තේ පොර ට්‍රයි කරන කෙල්ලත් ඕක බලන්න යනවා.ලසිතයා ගත්තේ පොර වැල්ලවායේ ටව්න් එකේ තමයි ඉන්නේ ඉතින් ඔක බලන ගමන් පොරට පුලුවන් ගෙදර යන්න.එකයි ඇත්ත

පස්සෙ ඉතින් අපේ විදුහල්පති තුමායි,තව ටිචර්ලා 2 යි,විපුල සර් රුත් ගමනට සෙට් උනා පොරවල්ලා ඔන්න අපිව දැනුවත් කරනවා."ඔයාල එක්ක යන්නේ වෙනම පැත්තකට වෙන ඉස්කොල වලින් එහෙමන් ඇවිල්ලා ඉන්නවා ඒක නිසා විනය උපරිම තියෙන්න ඕනේ.ඔයාල ඉස්කෝලේ ගෞරවය ආරක්ශා කරන්න ඔනේ".ඔන්න ඔය ටෝක් එක දුන්නා අපේ විදුහල්පති තුමන්.පස්සේ අපේ අපි බස් එකට නැග්ගා.අපේ කොල්ලෝ සෙට් එකෙන් ගොඩක් කොල්ලො ඉන්නවා නාට්‍ය බලන්න මහේෂ්,නදුන්,කසුන්,ලසිත ඔය සෙට් එකම ඉන්නවා නාට්‍ය බලන්න ඔන්න බස් එකේ යනවා අපි අනිත් සෙට් එක ඉන්නේ පොඩි කොල්ලො තමයි 11 වසර පංතියම ඉන්නවා.ඔය අතරේ කසුන් ට්‍රයි කරන ගැනුළමයත් ඉන්නවා බස් එකේ.ඔන්න ඉතින් අපි පොරවල්ල වගේ වැල්ලවායට ගොඩ උනා.දැන් ඔන්න ගිහින් නාට්‍ය බලනවා අපි යනකොට "ශ්‍රියන්ත මෙන්ඩිස් සර්ගේ" දේශනය පටන් අරගෙන අපේ ලොකු සර් ඇතුලු ගුරුවරු සෙට් එක ඉස්සරහා වාඩි උනා අපි ගිහින් මල්ලත්තාවල කොල්ලෝ ඉන්න පැත්තක වාඩි වුනා.

අපේ පිටිපස්සේ ඉන්නේ 11 වසර අපේ ඉස්කොලේ ඉන්න නංගිලා තමයි


ඔව් ඔව් අයියේ ඔයාට තමයි.පොඩ්ඩක් එන්නකෝ මම දන්නවා මට දැන් ඔය හරියට ගියොත් කොල්ලොන්ගේ කකුල් පෑගිලා වැඩේ චාටර් වෙනවා කියලා එතකොට අපේ කොල්ලො කෙල්ලො ඉදිරිපිට ටොක්කක් වත් ඇන්නොත් වස නොන්ඩියනේ මම එක නිසා කසුන්ට කිව්ව අර කෙල්ලො කතා කරනවා පොඩ්ඩක් ගිහින් ඔලුව දාපන් කියලා මොකද දන්නවද පොටර කිව්වේ අපි හිටිය පේලියේ අයිනෙම හිටියේ කසුන් තමයි.ඔන්න ඉතින් කසුන් ගියා නංගි ඇයි මොකද කියල ඇහුවා.පස්සේ කසුන් හිටපු තැනට ආවා සංජු උබම ගිහින් බලපන් කියලා කිව්වා.ඔන්න ඉතින් මමත් ගේමට බැස්සා.මොනා උනත් ඔය නංගිලා සෙට් එක මාත් එක්ක මාර විදිහට ‍ෆිට් මම ගිහින් ඇහුවා මොකෝ නංගි කතා කරේ කියලා "එතකොට තමයි තෙරුනේ අනේ මේ කෙල්ලෝන්ට රටකජු පොතු වලින් පිටිපස්සේ ඉන්න කොල්ලෝ පහර දෙනවා.එක නංගි කෙනෙක් මට කියනවා

"බලන්න අයියා මේ පිටිපස්සේ ළමයි අපිට කරදර කරනවා ඔය ඔතන ඉදගන්නකො එතකොට එයල පාඩුවේ ඉදියි"

මමත් ඉතින් කීව්ව විදහටම එතන ඉදගෙන ඉන්නවා.මට ලාවට වගේ ඇහෙනවා ඒ කොල්ලෝ මම නෝන්ඩි කරනවා වගේ මම පිටිපස්ස හැරිලා ඔරවලා බැලුවා.මොනා උනත් ඒ නංගිලත් ඇහැට කනට පේන කෙල්ලොනේ  එක නිසා කොල්ලො රබර් ඇස් දානවා වැඩි.කොහොම හරි විනඩි 10 විතර ඉන්නකොට මගේ එහා පැත්තේ හිටිය නංගිගේ ඔලුවට මොකක්ද වැ‍ටුනා මම එයා ඒක අතට ගත්තා මට ඇහුනේ "ඊයා......" කියන ටික විතරයි මම නංගි මොකද උනේ කියලා ඇහුවා මොකෙක්ද ජරා පොරක් චුයින්ගම් හපයකින් ගහලා කෙල්ලොන්ට.මටත් මල පැන්න.මම පටස් ගාල කසුන්ට පනිව්ඩේ ඇරියා කසුන්ටත් මලේ මල.මොනා උනත් ඒ අපේ ඉස්කොලේ කෙල්ලෝ එක එක ඉස්කොල වලින් කරදර කරනකොට අපේ ඉස්කොලේ කාට හරි දු‍ටුගැමුණුවෙක් විදිහට ඉවසගේන ඉන්න එක නිවට කමක් වගේ මට හිතුනා මට කලින් කසුන් ගේම ප්ලැන් කරනවා.පස්සේ ඉන්ටවල් එකේදි අපි ගෙමට සෙට් උනා කසුන් කොල්ලෝ සෙට් එකක් අරගෙන ආවා අපේ කොල්ලෝ සෙට් එක මේකා සංජු උබ ගිහින් කෙල්ලො ටික බලා ගනින් අපි මුන් ගැන බල ගන්නම්.මට ඒ වෙලාවේ නෝන්ඩිය වගේ මොකද අපේ මේ ගොං කසුනා මාව ඒ වෙලාවේ චාටර් කරානේ.කොල්ලෝ ගහ ගන්න සෙට් වෙනවා මට කෙල්ලො බලා ගන්නලු කමක් නැ කෙල්ලො ටික ඉදිරිපිට කියපු එක තමයි දුක.හරි මචන් කියලා කෙල්ලො ටික පැත්තකට එක්ක ගියා මම අපේ කොල්ලෝ සෙට් වෙලා මල්ලත්තවල කොල්ලොන්ට නෙලන්න.මහේෂ්,නදුන්,කසුන්,ලසිත තව කොල්ලො ගොඩක් හිටියා ඔන්න දැන් අපෙ කොල්ලො උන්ට ටෝක් කරනවා "තොපි වගෙ වල් සත්තු ටිකක් නෙවෙයි යකෝ අපි කෙල්ලෙක්ට පාඩුවේ ඉන්න දීපන් කියල අපේ කොල්ලෝ ටෝක් කරනවා"

මමත් අපේ කොල්ලොන්ට සෙට් වෙලා උන්ට නෙලුවා.මට සෙට් උනේ වලියට මිටි කොල්ලේක් කනේ පාරවල් 2ක් ගහල තල්ලු කරා ඔය විදට අපි ගහ ගත්තා.පස්සේ ආයෙත් ශෙප් උනා කොල්ලො.මොකද දන්නවාද මේක උන්ගේ ගම අපි එහේ ඉදල උන්ට නෙලන්න ගියොත් කැම නියතයි එක නිසා වැඩේ ශෙප් උනා.අනේ මන්දා මොන අවටියල් ගේම් දුන්නත් අපේ ඉස්කොලේ කාට හරි මොකක්හරි කරදරයක් නම් දු‍ටුගැමුණුවෙක් විදිහට බලාගේන ඉන්න බෑ.මට එදා තමයි එක හොදටම තේරුනේ.පාරෙදි දැක්කට කතා කරන්නේ නැති උනත් ගොඩක් ආඩම්බර උනත් අපි කරදරයක් උන විට ඒවා බලන්නේ නේ එකයි දු‍ටුගැමුණුවගේ වෙනස

දිලිනිගේ කතාව



මම මේක උපුටා ගත්තේ "හුදෙකලාව" ෆේස් බුක් ෆැන් පි‍ටුවෙන්.මේ ගැණු ළමයා අපිට වඩා අවුරුද්දක් බාලයි එහෙමත් නැත්නම් අපේ වයස පසුවේන අසරන ගැණුළමයෙක් මොනා උනත් මට ඒ පනිව්ඩය දකින කොට ගොඩක් දුක හිතුනා මම කවදාවත් කාටවත් අසරණයි කියල කියන්නේ නේ මොකද දන්නවාද? එයාට එයාගේ ජීවිතය ජය ගන්න අසරණයි කියලා කියන එක ලොකු බාධාවක් ඒ උනාට මේ වෙලාවේ මට ඒ කතාව කිය උනා මොකද දන්නවාද මේ කාලේ තමයි ජීවිතේ හොදම කාලේ ඉතින් අපි කරන හැම ෆන් වැඩේම කරන්නේ මේ කාලේ නේද? ඉතින් මේ ළමයාට ඒ දේවල් කරන්න අයිතියක් තියවන නේද යොව්න් වියේ පවතින ජීවිතයක් එක තැනක දුක් විදිනවා බලන්න සම වයසේ පසු වන කොල්ලේක් විදිහට බලන් ඉන්න එක ලොකු නිවට කමක් විදිහටයි මම දකින්නේ.එක නිසයි මම මේ ගැන බ්ලොග් එකට ලියන්න තිරනය කරේ මොකද මටත් වර්ණ අන්ධතාවය තියන නිසා.


                                                               දිලිනිගේ පව්ලේ අය

ඇගේ නම දිලිනි සංජීවනී කුමාරි මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්‍රදේශයේ තමයි ඇය ඉන්නේ.ඇය තමයි පව්ලේ වැඩිමල්ම දියනිය.දැනට වයස අවුරුදු 17 යි.දැනට අවුරුද්දකට කලින් හරි 1 1 /2 කලින් කලාතුරකින් වැලදෙන රෝගයක් නිසා ඇයගේ කොදු ඇට පේලේ උරහිස් දෙසට විතැන්වීමේ (Scoliosis) තත්වයක් ඇති වී තියනවා


                                                    දිලිනිගේ අස්ථි සැකිල්ල (X Ray) පිංතුරයක්

මෙය රෝගය දැනට 105 ක් වු උග්‍ර තත්වයට පත්වෙලා මේක දිගටම උනොත් දිලිනිගේ ජීවිතයට ගොඩක් අනතුරුදයක වෙන්න පුලුවන් ඇයව ඉක්මනටම ඉන්දියාවේ ඇපලෝ රොහලට අරන් ගිහින් හදිසි සැත්කමකට භාජනය කරන්න වෙනවා. ඔන්න ඔය විදිහටයි පේරාදෙනියේ ශික්ෂන රෝහලේ විශේෂ වෛද්‍ය H.J සුරවීර මහතා පවසා තිබෙන්නේ.
                                                                 
                                                                  දිලිනිගේ ස්වරුපය                              

ඉතින් මේකට සුලුප‍ටු ගානක් නෙවෙයි වියදම් වෙන්නේ ලක්ශ 21.5  ජනාධිපති අරමුදලින් ලක්ශ 1.5 අනුමත කරල තියනවා.දිලිනිගේ දෙමාපියන් උපරිම උත්සහ කරනවා මුදල් හොයන්න.එත් නැතිබැරි කම එකට හරස් වෙලා.දිලිනිගේ තාත්තා කම්කරුවෙක් දෛනිකව හොයන ගානෙන් තමයි පවුල රදා පවත්වා ගන්නේ.අම්ම ‍රැකියාවක් කරන්නේ නෑ.එක නිසා ගොඩක් අමාරුකම් වලට එයාල මුහුන දෙනවා.මා ඔයාලගේ කාරුනිකව ඉල්ලන්නේ දිලිනිට අපි වගේ ජීවිතය ජීවිතයක් ගත කරන්න්න උදව් වෙන්න.එයාට එක ලොකු උපකාරයක් වෙනව සහතිකයි

කතා කරන්න
07190771900 0776789282 07755809224


ගිනුම් අංකය
8102013908 (කොමර්ෂල් බැංකුව)


Wednesday, May 30, 2012

නියම පොරක් කතාවට සෙට් වුනේමි



මම වැල්ලවාය බස් එකේ තනි වෙලා ටික වෙලාවක් යනකොට මම කොන්දොස්තර අයියාගෙන් ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා.මේකා ගත් කටටම කිව්වේ මල්ලි 3.40 ට යනවා කියලා.මගේ මූන ඇබුල් උනා.දැන් වෙලාව 3.20 යි.

කමක් නැ ඉතින් මම  බස් එකේ ඉදගෙන කඩෙන් ගෙනාපු මාලු පාන් එකක් කන්න ගන්නකොටම බස් එකට 16 ක් 18 අතර කොල්ලා කාලේ පසුවන කොල්ලෙක් බස් එකට ගොඩ උනා.
නමුත් පොර අනිත් අයට වඩා වෙනස් මගේ ඉස්සරහා ශීට් එකේ පොර ඉදගෙන ඉන්නවා.අනිත් අයට වඩා ටිකක් වෙනස් කොල්ලෙක්.මට හිතුනා ටිකක් පොරත් එක්ක යාලුවෙලා කතා කරන්න.උබලා දන්නවනේ මම යාලුවන් ඇති කරගන්න ගොඩක් ආස ඩයල් එකක් කියලා.

පොර ඉන්න ශීට් එකේ පැත්තක ඉදගෙන මම හිනා උනා.පොරත් මට නිහතමානි විදිහට හිනා උනා.පස්සේ පොර කතා කරලා "සමාවෙන්න මගේ කිහිලි කරුව අරන්දෙන්න පුලුවන්ද කියල ඇහුවා"

දැන් ඔයාලට තෙරෙනවද ඒ කොල්ලා කව්ද කියලා දැන් ඔයාලට තේරෙනවද පොර කව්ද කියල පොර ආබාධිතයෙක්.

මම ටිකක් කතාවට සෙට් උනා පොරත් එක්ක.මම ශේප් එකේ ඇහුවා මොකෝ බන් උබේ කකුලට උනේ කියලා.එකා නිහතමානි විදිහට මම දිහා බලලා මචන් මට දෙවියෝ කකුල් දෙකක් දෙන්න අමතක කරලා බන්.මොනවා උනත් මගේ හිතට ආපු දුක මේක කියවන උබලට පැහැදිලි කරන්න අමාරුයි.මම ඇහුවා "උබ කොහේ යන ගමන්ද?" කියලා මචන් අපේ අම්මා මුනගැහෙන්න යනව බන් කියලා පොර සන්සුන්ව කිව්වා.

උබ මොනාද කරන්නේ බන් මම එහම අහනකොට පොර නම් කිව්වේ "මචන් මම සපත්තු හදනවා කියලා"

මගේ හිත යටින් අනේ හපොයි කියලා කියවුනා.මම ගෙනාපු කෑම පාර්සලයත් අරගෙනපොරට දීලා මචන් මම කඩේකින් කාල ඉන්නේ උබ මේ බත් එක කාපන් කියලා බත් එක පොරට දුන්නා.පොර මට අහින්සක විදිහට හිනා වෙලා කිව්වේ බය වෙන්න එපා මචන් මට කකුල් නැති උනාට මට දෙවියෝ අත් 2 දීල තියන්වා.එක නිසා මම හම්බ කරනවා.ඒක නිසා මට අනුකම්පා කරන්න එපා.

මචන් කොහොමද ඒ පොරගේ හිතේ තියන ශක්තිය.මම දැකපු අමරනීය චරිතයක් තමයි ඒ කොල්ලා.මම ගොඩක් සතුටු උනා ඒ වගේ කොල්ලෙක් මට මුන ගැහුන එක ගැන.

ආදර ප්‍රශ්න නිසා,හිත් රිදවීම නිසා දිවි නසා ගන්න රටක මේ වගේ කොල්ලෝ රටට වාසනාවක්.මම කවදා හරි ලොකු මිනිහෙක් උනොත් ආබධිතයන් වෙනුන්වෙන් ලොකු සේවයක් කරනවා

Tuesday, May 29, 2012

ෆෝන් පාවිච්චි කරන්නේ පරිස්සමෙන්

මට හිතුනා මගෙ බ්ලොග් එක බලන උබලත් මෙකෙන් දැනුවත් කරන්න ඕනෙයි කියලා මෙන්න මේ සීන් එක ප්‍රවෘති වල දානකොට නම් මම හිටියේ නිදාගේන අව්ලක් නැ මම තොරතුරු හොයලා බැලුවා.මේ තොරතුරු ටික නම් හොයා ගත්තේ ෆේස් බුක් එකේ "මුදුන" ෆෑන් පිටුවෙන්




ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.

විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.



විඩියෝ එකත් හොයා ගත්තා පොඩ්ඩක් බලලා ඉන්න



අපිත් පුලුවන් උදව්වක් කරමු

මචන්ලා මම මේක කොපි කර ගත්තේ ලොවෙත් නෑ ගෘප් එකෙන්.මේක පොස්ට් කරපු ඇඩ්මින් පොරවල්ලට ගොඩක් පින්.මමත් පුලුවන් විදිහට උදව් කරන්න තීරනය කරා.මේක කියවන උබලත් උදව් කරන්න ඒ අසරණ කොල්ලට.හරියට හිතල බලන්න උබටත් ඔහොම උනොත් කොහොමද කියල්ලා.වැඩි කතා ඔනේ නැ කතාව කියවිපියව්



පුංචි දරුවෙක් ලොරියක් ඇතුළේ නිදා ඉන්නවා. වටපිටාවේ ඉන්න හැමෝම ඒ වටා පිරිලා ඔහු දිහා බලා ඉන්නවා. හැමෝගේම මුහුණුවල තිබෙන්නේ දුක, කනගාටුව. “පව්” සමහරු එහෙම කියන ගමන් දරුවගේ අම්මා අතට පුංචි පුංචි මුදල් නෝට්ටු තියනවා. මේ පින්තූරය දිහා බලන්න. අපි මුලින් අදහස් කළ ආකාරයට ඔයගොල්ලන්ගේ හදවත්වලටත් එවැනි හැඟීමක් පහල නොවුණත් පුදුමයි.

මේ පුංචි පුතාගේ නම තරිඳු ශ්‍රීමාල්. වයස අවුරුදු තුනක් විතර වෙනවා. තඹුත්තේගම, තෝන්වැව ප්‍රදේශයේ තමයි ඔහු අම්මා, තාත්තා එක්ක ජීවත් වෙන්නේ. තාත්තා දුප්පත් ගොවියෙක්. හැබැයි වැඩ කරන්නේ තමන්ගේ කුඹුරුවල නමෛයි. අනුන් ළඟ. අම්මා ලීලාවතී. ඇය දියවැඩියා රෝගයෙන් කලක සිට පීඩා විඳිනවා. ඒත් එහෙම කියලා දරුවාගේ වැඩ කටයුතු නොකර ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වුණු වෙලාවේ ඉඳලා මල මුත්‍රා ටික සුද්ධ පවිත්‍ර කරන වැඩ ටිකේ ඉඳලා හැම දෙයක්ම තරිඳු පුතා වෙනුවෙන් කරනවා.
“මට වැඩි කාලයක් මෙහෙම වැඩ කරන්න බැරිවෙයි මහත්තයා. ඒක නිසා තමයි දරුවගේ ඔපරේෂන් එක ඉක්මනින් කරගන්න බලන්නේ. දැන් මට සවි ශක්තිය නැහැ.”

“ඒත් පුතාගේ වැඩ ටික කරනවා. මටත් ආසයි මහත්තයෝ මගේ පුතා නැගිටලා ‘අම්මේ’, ‘තාත්තේ’ කියලා කතා කරලා හිනාවෙනවා බලන්න. ඒත් මට ඒ වාසනාව නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.” ඔබ කල්පනා කරයි මේ දරුවා මුහුණ දීලා ඉන්න රෝගී තත්ත්වය මොකක්ද කියලා. තරිඳු පුතා උපතින් නිරෝගි දරුවෙක්. ඒත් මාස කීපයකින් ඔහු රෝගී වෙන්න පටන් ගත්තා. මුලදීම ඇති වුණේ හිස තරමක් විතර විශාල වෙන්න පටන් ගැනීම. ඉන් පස්සේ දවසින් දවස ඒ වෙනස හැමෝටම දැනෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. “අපි දරුවව අරගෙන අනුරාධපුර රෝහලට ගියා. එතැනින් කොළඹ එව්වා. අවසානයේදී දැනගත්තා දරුවගේ හිසේ වතුර පිරෙනවා කියලා.”

මේ කාලයේදී තරිඳු වෙනුවෙන් ශල්‍යකර්මයකුත් සිදුවුණා. ඒ ශල්‍යකර්මය සිදුකළේ අවහිර වී තිබුණු නහරයක් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ ඇතිව. ශල්‍යකර්මය සිදුකළේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහත්තයා. එතුමා කිව්වා අම්මේ මේ ශල්‍යකර්මය අසාර්ථක වුණොත් තවත් එක් ශල්‍යකර්මයකට යන්න වෙනවා. ඒක ටිකක් බැරෑරුම් එකක්. හැබැයි සාර්ථක වෙයි. එදාට දරුවා සාමාන්‍ය තත්ත්වයට ඒවි කියලා.”
“ඇත්තටම දොස්තර මහත්තයා කිව්වා වගේ පළමු එක සාර්ථක වුණේ නැහැ. ටික දවසකින් ආපහු දරුවා තුළ පරණ විදිහේ ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා.”

ලීලාවතීලා දැන් සූදානම් වෙන්නේ ඊළඟ සැත්කමට යන්නයි. නමුත් ගැටලුව මුදල්. ඊට ලක්ෂ 10ක වගේ මුදලක් වුවමනා වෙනවා. “මේ සැත්කම සිදුකරන්නේ කොළඹ පෞද්ගලික රෝහලක. ඒ වගේම දරුවාට බද්ධ කරන වෑල් පවා හුඟක් මිලෙන් අධිකයි. ඉතින් ඒ නිසා තමයි මෙපමණ මුදලක් වැය වෙන්නේ.” මේ වෙද්දි ලීලාවතීලා සතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයක වගේ මුදලක්. ඔවුන් තව රුපියල් ලක්ෂ 9ක් සොයාගත යුතුයි.
“දුප්පත් අපිට ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක්. එහෙව් එකේ ලක්ෂ 10ක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද මහත්තයා. ඒත් අපි මේ උත්සාහය අත් හරින්නේ නැහැ.” තරිඳුගේ දෙමාපියන් හා දුප්පත් ඥාතීන් මේ වෙද්දි හැම තැනම ඇවිදිනවා. දන්න දන්න හිතවතුන් ළඟට යනවා. ඒ යන්නේ තරිඳුවත් එක්කාසු කරගෙනයි.

“මට නින්දක් නැහැ. තරිඳුගේ තාත්තා කුලී වැඩට ගියාම මම ගෙදර මේ දරුවා එක්ක කඳුළු හලමින් ජීවත් වෙනවා. අවුරුදු තුනක් වුණත් තවම අම්මේ, තාත්තේ කියලා විතරයි හරියට කතා කරන්නේ. ඔළුව උස්සලා බලන්න බැහැ. සමහර වෙලාවට එයා වේදනාව ඉවසා ගන්න බැරිව අත් දෙකින් මුහුණ පවා තුවාල කරගන්නවා. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි පාරට බැස්සේ මහත්තයා” ලීලාවතී ඇඬූ කඳුළින් කිව්වා. ඔබට පුළුවන් මේ දරුවා යථා තත්ත්වයට පත්කරන ශල්‍යකර්මයට උදව් වෙන්න. අපි බොහොම දයාබරව ඒක මතක් කරනවා.

ඔවුන්ගේ ගිණුම් විස්තර: හේරත් මුදියන්සේලාගේ ලීලාවතී
219-2-001-5-8357740 මහජන බැංකුව, තඹුත්තේගම.
දුරකතනය: 071-0913296