Monday, May 28, 2012

මමත් බ්ලොග් එකක් ලියමි




මගේ නම සංජය හර්ෂන.අපේ කොල්ලෝ නම් කියන්නේ ප්‍රොෆෙසර් කියල තමයි.හැබෙයි අපේ ගෙවල් පැත්තේ සෙටාර් එක නම් කියන්නේ සංජු කියලා තමයි.සමහරු එක එක ඒවා කියනවා මෝඩ සංජු,පිස්සු සංජුවා හැබැයි මට ඔනේම තැනක යාලුවො ඉන්නවා ඉස්සෙල්ලාම ටික කියවලා බැලුවම උබලට හිතෙන්න ඇති අර dialog ඇඩ් එක මේකා දානව කියලා.

උබලය කෙසේ වෙතත් ලියපු මටත් එක තේරුනා.ඕවා අමතක කරන්න.එක නෙවෙයි
අනේ මන්ද මචන්ලා මට ගොඩක් කාලෙක ඉදලා ලොකු ආසවක් තියනවා බ්ලොග් එකක් ලියන්න.
එකයි මමත් බ්ලොග් එකක් ලියන්න තීරනය කරේ.උබලා දන්නවත් ඇති මම ගැන නම්.මම ෆෙස් බූකියේ නම්
ඉන්නේ Sanjaya Harshana කියලා.ඔය ඉදලා හිටල My space,Twitter වගේ
 සමාජ ජාලත් නිකමට වගේ යනවා.හැබැයි වැඩිපුර ඉන්නේ නම් බූකියේ තමයි

 මම පදිංචි වෙලා නම් ඉන්නේ බුත්තල ටවුන් එකේම තමයි.මට මල්ලි කෙනෙක් ඉන්නවා.පොර මාර කරදර කාරයෙක්  වෙලවකට නමුත් පොර මම සැරෙන් ටෝක් කොරොත් නම් පාඩුවේ ඉන්නවා.මොනා උනත් මම ගෙදරදි නම් ගොඩක් හොද දැහැමි ජීවිතක් තමයි ගත කරන්නේ.මේක බලන උබලටම පස්සෙ තෙරෙයි මම ගෙදරින් පිට කරන පිස්සු වැඩ ගැන.

හැබෙයි මගේ ප්‍රතිපත්තියක් තියනවා අරක්කු,සිගරට් හෝ වෙනත් එක එක ජරාව බොන්නේ නැ කියලා.එක නම් ජීවිතේට කඩලා නම් නැ.

මගේ අම්මා ටීචර් කෙනෙක් වගුරුවෙල ඉස්කෝලෙ තමයි උගන්නන්නේ.ආ..මට අමතක උනා නේ.වගුරුවෙල ඉස්කොලේ කිව්වේ බුත්තල තියෙන ඉස්කෝලයක්.බෝඩ් වල නම් ගහල
 තියෙන්නේ නම් මො/වගුරුවෙල මහා විදුහල.නමුත් අපේ කොල්ලෝ ඔය ඉස්කෝලත් එක්ක පොඩ්ඩක් ඇරියස් මොනා උනත් මේ ලොකේ හොදම අම්මා ඉන්නේ මටම තමයි.ඕනේ දෙයක් අහන්න පුලුවන් අපෙ අම්මත් එක්ක.

අපේ අප්පච්චි ග්‍රාම නිලධාරිවරයෙක්.මොන උනත් අප්පච්චිට මම ගොඩක් බයයි.හැබැයි අප්පච්චි මට කවදාවත් ගහලා නැ.අප්පචි දෙන ටෝක් වලට තමයි ඇඩෙන්නේ.එක නිසා ෆුල් ශෙප් එකේ තමයි ඉන්නේ මම අප්පච්චි ඉන්නකොට ඉන්නේ..
මම දිලා තියන ගේම් අපේ අප්පච්චි දන්නවා නම් ජීවිතේට මට පුතා කියල නම් කතා කරන්නේ නෑ ශුවර්.

අපේ ආත්තම්මත් ඉන්නේ අපේ ගෙදරම තමයි.ටිකක් කන් ඇහෙනවා අඩුයි එත් මම අම්මගෙන් හරි අප්පච්චිගේන් කියක් හරි කඩා ගන්න බැරි උනොත් ඉස්සෙල්ලාම කරන්නේ අත්තමට පචයක් ඇරලා කියක් හරි නයට ඉල්ල ගන්න එක තමයි ඉතින්.මොනා උනත් මම මගේ පවුලේ අයට පනටත් වඩා අදරෙයි.මොනා නැතත් මට ඉන්නවා නියම යාලුවො සෙට් එකක් නම්.මගේ බච්චා කාලේ ඉදන්ම හොදම යාලුවො.අපි සෙට් එක තමයි හොද හොද ගේම් දෙන්නේ.

ආ..මම යන ඉස්කොලේ කිව්වේ නෑ නේද? මම යන්නේ බුත්තල පට්ටම ඉස්කොලෙට තමයි.මො/දුටුගැමුණු මහා විදුහල.සිරා කොල්ලො ඉන්නේ මේ ඉස්කොලේ විතරයි.මොනා උනත් අපේ ඉකොලේ කොල්ලෝ චාටර් නෑ.එකයි අනිත් ඉස්කොල වලින් අපේ ඉස්කොලෙට එන්නේ.මම දැන් 2013 Bio තමයි කරන්නේ.එක හින්දා ටිකක් වෙලාව කන්න අමාරුයි මොනා උනත් 2013 දි ලියන්න ඔනේ නේ exam.

එක වෙලාවකට හිතෙනවා ඉගෙන ගන්න එක තරම් අමාරු වැඩක් මේ ලොකේ කොහෙවත්ම නැ කියලා.මට එක ගොඩක්ම හිතෙන්නේ අපේ සර් ගේ ටිවුෂන් ක්ලාස් එකේදි ඩෙස් පුටු රත් වෙනකම් පැය 5-6 විතර පස්ස තියගෙන ඉන්න වෙනකොට තමයි.මම ක්ලාස් එකේ දැනට ආසම වචන ටික තමයි.අදට පන්ති ඉවරයි.අයෙත් ලබන සතියේ පන්ති තියෙනවා කියන එක තමයි.නමුත් අපේ ක්ලාස් එකේ කෙල්ලෝ ආසම නැති වචනෙත් එකම තමයි.එයාලට නම් පැය 24 ම පුටුව ගිනි ගන්නම් උනත් ඉදගෙන ඉන්න පුලුවන්.මම නම් දන්නව හේතුව නම් හැබැයි මෙක බලන උබලා මම ගැන වැරදියට නම් හිතන්න එපා.

ඔයාලා දන්නවනේ පෘශ්ඨ වර්ගඵලය අඩු තැනක හා පෘශ්ඨ වර්ගඵලය වැඩි තැනක අතර ඇති වෙනස්කම.පෘශ්ඨ වර්ගඵලය අඩු තැනක වස්තුවේ බර දරා සිටින්න අමාරුයි.එත් පෘශ්ඨ වර්ගඵලය වැඩි තැනක එක ගොඩක් දැඩිව දරා සිටිනවා.එක තමයි මේ කෙල්ලොන්ටත් වෙලා තියෙන්නේ.අපේ පස්ස පැත්තේ පෘශ්ඨ වර්ගඵලය ගොඩක් අඩුයි එක නිසා අපිට පැය 2 ක් වත් ඉදගෙන ඉන්න බැ.හැබැයි අපේ පංතියේ කෙල්ලොන්ගේ නම් ඕක ගොඩක් වෙනස්.එයලාගේ පෘශ්ඨ වර්ගඵලය ගොඩක් වැඩි.එක නිසා ඔනේම තැනක මාස 6-7 උනත් ඉදගෙන ඉන්න පුලුවන්.

කොහොමද?මගේ ටිකිරි මොලේ.


එක නිසා මේ කෙල්ලොන්ට දොස් කියල වැඩක් නෑ.මොනා උනත් exam වලින් නම් වැඩියින්
ලකුනු ගන්නේ කොල්ලොම තමයි.මේක බලන සමහර කෙල්ලො මාත් එක්ක පුපුර පුපුර ඇති.අනේ මම එයාලට කියන්නේ  "ඔවා ගනන් ගන්න එපා"මම වැඩිපුරම කිව්වේ අපෙ පංති එන කෙල්ලොන්ට.ඔයාලට නෙවෙයි හොදේ :D.

No comments:

Post a Comment