Monday, May 28, 2012

ලොවෙත් නැති චාටරයක් කාපු දවසක්


හැමදාම වගේ මොන වැඩේ කරත් චාටර්ම වැඩේ වෙන්නේ මටම තමයි.මම 11 වසරදි ටිකක් අන්ඩයා.ඔය කිව්වට අපේ පංතියේ හැම එකාම එහෙමයි.අපිට සිංහල උගන්න හිටියා නියම සර් කෙනෙක්.හරියට ඇට සැකිල්ල වගේ.හරිම කෙට්ටුයි. හැමදාම මොන දේ කරන්න ගියත් අල්ලගන්නේ මාවම තමයි ඒ සර් අල්ල ගන්නේ.මොනා උනත් සර් අපේ පංතියේ කෙල්ලොන්ට නම් මෙල්ල වෙනවා.

ඒක අපේ කොල්ලොන්ට හොදටම තේරුනේ අපේ පංතියේ ඉන්නවා අකිල කියලා මගේ යාලුවෙක්.මොනා නැතත් පොර ක්‍රීඩා වලට නම් නියමටම දක්ශයි.ඉතින් අපි 11 වසරේ දි අපේ ඉස්කෝලේ තමයි කලාප තරග තිබුනේ.ඉතින් වෙන ඉස්කෝල වලින් කෙල්ලො,කොල්ලෝ ජැන්ඩි පහට බැහැලා හිටියා.අකිලත් එදා සෙල්ලම් කරනවා.පොර ඉන්නේ මීටර් 100 දුවන්න.අපිට ඒ වෙලාවේ සිංහල සර් ගේ පීරියඩ් එක දැන් අපි පන්තියේ. අපේ කොල්ලෙක් මීටර් 100 දුවනවා.අපිට බලාගෙන ඉන්න බැ මොනා උනත් අකිල අපේ කොල්ලෙක් නේ.අපේ පන්තියේ කොල්ලො ටික කතා කරලා "සර් අපේ අකිල රේස් දුවනවා අපි ටිකක් බලලා එන්නද?" කියලා ඇහුවා.අනේ කරුමෙක මහත ගත් කටටම සර් "බෑ එහෙම තොපිට යන්න දෙන්නේ නෑ මගේ පීරියඩ් එකේ"කියලා සර් කිව්වා.

අනේ මන්දා මට ඒ වෙලාවේ එපා වෙලා තිබුනේ මුලු සිංහල විෂයම.කමක් නැ අපි කටවහගෙන හිටියා.පස්සේ අපේ පංතියේ කෙල්ලොන්ට අපි කිව්වා "උබලා සර්ටම කියලා බලපන් කියලා" මොනා උනත් අපේ පංන්තියේ කෙල්ලෝ ඔනෙම වෙලාවක අපිට ෆුල් සපොට් එක දෙනවා.අනේ...සර්.පව්නේ....අකිල..අපි ටිකක් බලලා එන්නම්කෝ...අනේ සර් කියල තත්පරයක් නැ.හරි හරි එහෙනම් ගිහින් බලලා එන්නකෝ කිව්වා.අපි දැන ගත්තේ එදා තමයි අපෙ  සර් නියම පැනියා කියලා.

මම ඔය කාලෙදි ටිකක් අන්ඩයා.මම ඔයාලට කලිනුත් කියල තියනවනේ.අපි එක පාරක් පංතියේ ගුරුවරු නැති වෙලාවේ චූට් ආතල් බජව්වක් දැම්මා.අනේ කරුමෙක මහත අපි බජව්වේ ගන්න අතල් ඔක්කොම සර් එහා පැත්තෙන් බලාගෙන ඉදලනේ.ඒ වේලාවේ සර්ගේ අතට අහුවුනේ කොස්ස අනේ අපේ කොල්ලො
 සෙට් එකම ලොවෙත් නැති වෙන්න ගුටි කෑවා කොස්සෙන්.මොනා උනත් වැඩේ චාටර්.කමක් නෑ අර මොකෙක්ද එකෙක් කියල තියනවනේ

 "ගුරුවරයා දයාවෙන් දෙන දඩුවම ඉවසන්න බැරි එකා සමාජෙන් දෙන දඩුවම බොකෙන්ම ඉවසන්න ඔනේ කියලා"

මොකා කොහොම කිව්වත් අපි කෙල්ලො ඉදිරිපිට ගුටි කෑවා.එක තමයි ගොඩක් චාටර් උන සීන් එක
අනෙ මන්ද එදා අපිට තිබුනෙ ගොඩක් තරහක්ම තමයි.අපේ කොල්ලෙක් ඉන්නවා පොර නියම චිත්‍ර කාරයා.පොරටත් මලේ මල.පොර නිකන් ඉන්න ගමන් චිත්‍ර අදිනවා.ඒ වෙලාවේ ඇන්දේ අපේ සිංහල සර්.කොස්සක් අතේ තියගෙන අපි දිහා බලන් ඉන්නවා ඇදලා අනෙක් කොල්ලට පෙන්නුවා.ඒක පොරට යට ඇදුමක් අන්දලා එහා පැත්තේ කොල්ලට යැව්වා.ඒකා රැව්ලක් දාල අනිත් එකාට යැව්වා.

ඔය විදිහට අපේ මුලු පංතියෙම කොල්ලො චිත්‍ර අලංකාර කරා.ඕක මගේ ලගට එනකොට හරියට චිත්‍රය සුපර් මැන් වගේ.යට ඇදුමක් ඇද ගත්තු කන්නඩි දාපු කසග ශරිරයක් ඇති පොරක් සුපර් මෑන් ගේ වගේ ලෝගුවක් දාගෙන කොස්සක් උඩ නැගලා කොල්ලො පස්සෙ එලවනව
ඇදල.

එක දකින හැම කෙනෙක්ටම හිනා යනවා බඩ පැලෙන්න.යටින් ගහලා Vipul-Man කියලා.මම කලින් දවසේ ඉස්කොලේ ආවා.ඔවා ඔක්කොම අමතක කරල සුපුරුදු විදිහට පන්තියේ සිංහල පීරියඩ් එකේ ඉන්නවා.මොනා උනත් මම සිංහල ගෙදර වැඩ නොවරදවාම කරනවා.මොකඩ දන්නවාද
සර් ඉස්සෙල්ලාම බලන්නේ මගේ පොත.

සර් දන්නවා මම අන්ඩයා කියලා."ඊයේ ගෙදර වැඩ කරපු අය පොත් අරන් පොත් එකතු කරල මේසේ උඩ තියන්න.මම ඒවා බලනකම් 8 වෙනි පාඩමේ කවි ටික පාඩම් කරලා තියෙන්න ඔනේ.
කවුරු හරි කැගහල අහු උනොත් මම එකගේ කන පලනවා." අපිත් සර් කියන විදිහට කරා.මොනා උනත් මම පිලිවෙලකට පොත තියන් ඉන්නේ සිංහල විශය තමයි.

දැන් සර් පොත් බලනවා අපි පාඩම කියවනවා.ටිකක් වෙලා ගියාට පස්සේ සර්ගේ මූන ඇබුල් උනා හරියට HCL අම්ලයට මැග්නීසියම් දැම්මා වගෙයි.
එකපාරම සර් නැගිටලා

"මේ පොතේ අයිතිකාරයා කව්ද?"

කොල්ලො ඔක්කම හොදටම බය වෙලා.මමත් බැලුවා සර් දිහා අනේ දෙවියනේ මේ මගේ පොත නේ.ඉදලා ඉවරයි.කොල්ලො කියනවා මචන් ඕක සංජුවගේ පොත බන්.මට මුනු මුනු සද්දේ නම් හොදට ඇහෙනවා.ආයේ සර් කැගහනවා "කන පලා ගන්න කලින් මේ පොතේ අයිතිකාරයා කවුද කියනවා..."

මොනා උනත් මම වැරද කරල නෑ නේ.මගෙ පොත තමයි ඔතනින් පිලිවෙලකට තියන එකම පොත.මම රේස්පා නැකිට්ටා.

"ආ තමුසෙගේද පොත".මමත් "ඔව් සර්" කියල කිව්වා. පෙරලුවා මුල් පිටුව.අනෙ මන්ද මට ඒ වෙලාවේ මගෙ කලිසම නැ වගේ කියල හිතුනා.මොකක් දන්නවද? සීන් එක අපි කලින් දවසේ අර චිත්‍රයක් ඇන්දේ.මම මතකද කිව්වේ අර Vipul-Man අනේ මුන් ටික එක ඇදල තියෙන්නේ මගෙ පොතේ මුල් පිටුවේ නේ.
මමත් හරක වගේ පොත බලන්නේ නැතුව බැග් එකට දැම්මා.ඔකයි ඔතන උන සීන් එක.

"මෙහෙමද මෝඩයෝ පොත් වලට සලකන්නේ"

මරණ 2 ක් මැද මිනිහෙක් පැනිත් කැවලු වගේ.මට එක කියනකොට හිනත් ටිකක් ගියා.බොහොම අමරුවෙන් මම ඒක නතර කර ගත්තා.

"ආ තමුසේ වැරදි කරල මෙතන හිනා වෙන්නත් එනවා නේද?.මොඩයා, ගහපන් මේතන දන".

අනෙ මන්දා අපේ කොල්ලෝ කරපු වැඩෙන් මම තමයි චාටර් කෑවේ.හැබෙයි මට එකක් ආඩම්බරෙන් කියන්න පුලුවන්.මම එච්චර චාටර් කෑවත්
 මම අපේ කොල්ලෝ පාවල දුන්නේ නේ.මගේ යාලුකම මම උපරිම ආරක්ශා කරා ඒ දවස් වල.

1 comment:

  1. හිකිස් බං හික් ගෑ වෙනව... පට්ට සිද්ඩි නේ බං... අපේ ඉක්කෝලෙත් ඔහොම තමා බාට් වෙනස අපේ ඉක්කොල කෙල්ලො නෑ නේ බං... :v :v

    ReplyDelete